IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අඟුරු මඩුවෙන් දුම්රිය රියැදුරු අසුනට

 

“අඟුරු කකා වතුර බිබී - කොළඹ දුවන යකඩ යකා” හා..... පුළුවන් නම් මොකක්ද කියලා කියන්න” යි ඉස්සර වැඩිහිටියන් පුංචි ළමුන් වන අපෙන් විමසනවා. මට අද මෙන් මතකය... කෝච්චිය.... කෝචිචිය.... දන්න ළමෝ එසේ කියමින් උඩ පනිති. කෝචිචය හෙවත් දුම්රිය ඇන්ජින් ක්‍රියාත්මක කිරීමට එදා අඟුරු යොදා ගැනීම නිසා කෝච්චියට යට කී තේරවිලි පදය පටබැඳී ඇති බව පසුව මම දැන ගතිමි. මුල්ම කාලයේ වීර, පලු, බුරුත, ආදී දැව පු`ඵස්සා ලබා ගත් අඟුරු ද පසු කළෙකදී ගල් අඟුරුද දුම්රිය ඇන්ජින් ක්‍රියාත්මක කිරීමට යොදා ගෙන තිබේ. ඩීසල් ඇන්ජින් හා බලවේග කට්ටල මෙරටට පැමිණෙන්නේ ඉන් පසුවය.

 

දුම්රිය දෙපාර්තමේන්තුවේ අඟුරු මඩුවකට අනියම් කම්කරුවෙකු ලෙස සේවයට බැඳී දුම්රියේ “ෂන්ටික් ඩ්‍රයිවර්” තනතුර දක්වා උසස් වීම් ලැබ දැනට විශ්‍රාම ගොස් සිටින පැරණි දුම්රිය සේවක මහතෙකු පසුගිය දාක මට හමුවිය. “ගැමි රසවිත” ට අද මා කැඳවා ගෙන ආයේ ඔහුය.


ගල්ගමුව, මහලගල්කඩවල ජයලන්ද අංක හැට නිවසේ පදිංචි ඔහු නමින් එම්.ආර්. සෙනවිරත්න බණ්ඩාය.


“ඔබ දුම්රිය දෙපාර්තමේන්තුවට අනියම් කම්කරුවෙකු ලෙස එකතු වන්නේ කොයි කාලයේ ද? මගේ පළමු ප්‍රශ්නය සෙනවිරත්න බණ්ඩා මහතාට ඉදිරිපත් කරමින් ඔහුව දොඩමළු කර වූයෙමි.”


“1962 අවුරුද්දේ විතර තමයි මං අඟුරු මඩුවේ වැඩට ගියේ. අනියම් කම්කරුවෙක්නේ. ඒ නිසා හැමදාම වැඩ නෑ. රඹුක්කන දුම්රිය ස්ථානයේ අඟුරු මඩුවේ තමයි මුලින්ම වැඩ කළේ. අනියම් කම්කරුවෙකුට එදා ගෙව්වේ පැයකට ශත 24යි. 1964 අවුරුද්දේ එක මාසයකදී මං අරන් තියෙන්නේ රුපියල් 19.72යි. මාසයකට දවස් දහයක් පහළොවක් තමයි වැඩ දෙන්නේ. සමහර මාසවල එච්චරවත් නෑ.”


“ඒ කාලේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අඟුරු මඩුව තිබුණේ දෙමටගොඩ. කොළඹ වරායට ගේන ගල්අඟුරු වැගන්වල පටවාගෙන දෙමටගොඩටට ගේනවා. එහි සිට රටේ අනිත් අඟුරු මඩුවලට ප්‍රවාහනය කරනවා. හැම දුම්රිය නැවතුම්පොළ ස්ථානයකම අඟුරු මඩු තිබුණේ නෑ. නාවලපිටිය, රඹුක්කන, ත්‍රිකුණාමලය, මඩකළපුව, වාගේ දුම්රිය ස්ථානවල අඟුරු මඩු තිබුණා මට මතකයි. මුල්ම කාලේ දරවලින් තමයි අඟුරු අරන් තියෙන්නේ. මේ දර අඟුරුවලින් අනතුරු වැඩියි. ගෙවල් පවා ගිනි ගත්තා.” 
“කම්කරුවන් වශයෙන් එදා අපි කළේ වැගන්වලින් ගේන ගල් අඟුරු බිමට බාන එකත්, නැවත ඒවා කෝච්චි ඇන්ජින්වලට දාන එකත්. ගල් අඟුරු කෝච්චි ඇන්ජින්වල තිබුණා ඔය පාන් පෝරණුවල වාගේ කොටසක්. ඒකට තමයි අපි ගල් අඟුරු දාන්නේ. අඟුරු මඩු තිබුණ දුම්රිය ස්ථානවලදී දුම්රිය නතර කළාම මේ ගල් අඟුරු ඇන්ජිමට දානවා. හරියට අද ෂෙඞ්වලින් (ඉන්ධන පිරවුම් පොළ) තෙල් ගහනවා වාගේ. අඟුරු විතරක් නොමෙයි වතුරත් ගහන්න ඕනැ ඒවාට විශේෂ ටැංකි වගයක් තිබුණා. පැරණි දුම්රිය පොළවල අදත් ඒ ජල ටැංකි හා වතුර ඇන්ජින්වලට දමාපු බට තියෙනවා.”


“මගේ තනතුර ස්ථීර වෙන්නේ 1969 අවුරුද්දේ හයවැනි මාසයේ. ස්ථීර කම්කරු තනතුර ලබලා මුල්ම පත්වීම ලැබුණේ මාලිගාවත්තට. පඩිය මාසයකට රුපියල් 167 ශත 10යි. කෝච්චි පෙට්ටි සේදීම තමයි මගේ රාජකාරිය වුණේ. පෙට්ටිවල කුණු යන්න ඇසිඞ් වතුර පවා ගහලා සේදුවා. දිනපතාම කෝච්චි සෝදනවා. ශුද්ධ කරනවා. කැරපොත්තො වාගේ සත්තු ඉන්නවා නම් දුම්කාමරය කියලා එකක් තිබුණා. ඒකට දානවා. කෝච්චි පෙට්ටි හතරක් විතර ඒ දුම්කාමරයට දාන්න පුළුවන්. ඒ දුම් කාමරයට දාලා කහ පාට පෙති වගයක් තිබුණා. ඒවා පත්තු කළාම ආයි එක සතෙක් වත් ඉන්නේ නෑ. මකුණන්ට කෘමි නාශක තෙල් ගහනවා. එදා කෝච්චි පිරිසිදුව තියා ගත්තා. සුපවයිසර්වරු, ධාවනාගාරවල ඉන්න ෆෝමන්ලා මේ කටයුතු හොඳට පරීක්ෂා කළා.


ඊළඟට මට ඩ්‍රයිවර් ඇසිස්ටන් තනතුර ලැබුණා. දුම්රිය රියැදුරුගේ සහයක ලෙස ඇන්ජින්වල වැඩ කිරීමට තමයි තිබුණේ. ඔය කාලය වන විට ගල් අඟුරුවල ඇන්ජින් වෙනුවට ඩීසල් ඇන්ජින් ඇවිල්ලා. ඩ්‍රයිවර් ඇසිස්ටන් ට තිබුණේ ඇන්ජිමේ තෙල්, වතුර බැලීම. ග්ලාස් ශුද්ධ කිරීම, ටැබ්ලට් ගැනීම වාගේ රාජකාරී. කෝච්චියක් අලුත් ගමන් වාරයක් පටන් ගන්න කලින් ඇන්ජිම හොඳට පරීක්ෂා කරන්න ඕනැ. ඒකට පැයක කාලයක් අපට දෙනවා. තෙල්, වතුර තියෙනවද කියලා බලන්න ඕනැ. ධාවනාගාරයේදී තෙල් ගහන්න වෙනම කට්ටිය හිටියා. 


ෂන්ටික්, ඇන්ජින් ඩ්‍රයිවර් තනතුරට මට උසස් වීමක් ලැබුණා. ඒ දුම්රිය මැදිරි හා ගැල් ඇදීම තමයි අපට නියමිත රාජකාරී. හදිසියේ මැදිරියක් ආපදාවට පත් වුණොත් ඇන්ජිමක් අරන් ගිහින් ඒක ගේන්න අපට අවසරය තිබුණා. මේ ෂන්ටික් ඇන්ජින් ඩ්‍රයිවර්ලාට ප්‍රධාන දුම්රිය මාර්ගවල දුම්රිය අරන් යන්න බලයන් නෑ. මං දුම්රිය රියැදුරු තනතුරට ඉල්ලුම් කළත් ලැබුණේ නෑ. පොඩි තැනතින් ආපු අයට ඒ තනතුර දෙනවාට දුම්රිය රියැදුරන් කැමතිත් නෑ.


“ඔබට ප්‍රධාන දුම්රිය මාර්ගයක දුම්රියක් ධාවනය කරවන්න ලැබිලා නැද්ද? මම සෙනවිරත්න බංඩා මහතාගෙන් ඇසුවෙමි.”


ඒකට අවස්ථාවක් අහම්බෙන් දවසක් ලැබුණා. එතකොට මං ඩ්‍රයිවින් ඇසිස්ටන්. අනුරාධපුරයේ සිට කොළඹ, මරදාන දක්වා රාත්‍රී බඩු කෝච්චියක තමයි එදා වැඩ කළේ. දුම්රියේ රියැදුරු හොඳටම බීලා. අනුරාධපුරය සිටම මට කෝච්චිය ධාවනය කරන්න සිද්ධ වුණා. රියැදුරු නිදි. වැල්ලව ස්ටේෂන් එකේදී එකේ එස්.එම්. මහත්තයාත් (දුම්රියපොළ ස්ථානාධිපති) කෝච්චියට නැග්ගා. සාමාන්‍යයෙන් ඒ අය කෝච්චියට නැග්ගම ඇන්ජින් මැදිරියේ තමයි යන්නේ. ඒ අය අපව හොඳටම දන්නවානේ. එයා අදුනා ගත්තා මං ඇසිස්ටන් බව. ඊට පස්සේ එස්.එම්. මහත්තයා මගෙන් ඇහුවා කොහොමද මේ අයත් එක්ක වැඩ කරන්නේ කියලා. කොහොම නමුත් එස්.එම්. මහත්තයා මේ බව ඉහළට දැනුම් දීලා නෑ. දුම්රිය රියැදුරුව නැගිට්ටවා ගත්තේ පොල්ගහවෙල දුම්රිය නැවතුම් පොළේදී. එතැන් සිට ඔහු දුම්රිය අරන් ගියා.


“ඒ කාලේ දුම්රියවල කොල්ලෑකෑම්, සොරකම්, බහුලව සිදු වූ බව අහලා තියෙනවා. ඒක ඇත්තද? යි මම ඇසුවෙමි.”
“ඒ කාලේ සංවිධානාත්මක කොල්ල කල්ලි තමයි හිටියේ. විශේෂයෙන්ම රෑ බඩු කෝච්චිවල තමයි වැඩිපුර සොරකම් සිදු වුණේ. මට මතකයි දවසක් රෑ බඩු කෝච්චියක මං වැඩ කරද්දී එළුවෝ හොරකම් කරන්න ආපු කොල්ලකරුවෙකුට සිදුවූ විපැත්තියක්. ඒ කාලේ එළුවෝ හරක් වගේ සත්තුත් කෝච්චිවලින් ප්‍රවාහනය කරනවානේ. සත්තු ප්‍රවාහනය කරන කෝච්චිවල පෙට්ටිවල වහලය නෑ. දෙපැත්තේ ඇඳි ගහලා තියෙන්නේ. ස්ටේෂන්වල කෝච්චිය නතර කළාම කළුවරේම ඇවිත් කොල්ලකරුවන් ඔය සත්තු පටවාගෙන යන පෙට්ටිවලට නගිනවා. එ`ඵවෝ, හරක් පටවාගෙන යන වැගන් රෑට පරීක්ෂා කිරීමකුත් වැඩිපුර වෙන්නේ නෑ. කොල්ලකරුවන් කරන්නේ එකෙක් එළුවෝ පටවලා තියෙන වැගන් එකට නැඟලා ධාවනය කරන කෝච්චියෙන් එළුවෝ අරන් බිමට දානවා. බිමට දාන සත්තු ගන්න තව කණ්ඩායමක් තැන තැන ඉන්නවා. ඔහොම තමයි කරන්නේ.”


“එදා ඔය විදිහට කොල්ලකරුවෙක් එළුවෝ පටවා සිටි වැගන් එකට නැගලා ඇඳිවල එල්ලිලා යද්දී ගනේවත්ත ආරුක්කු පාලමේ වැදිලා ඔළුව පොඩිවෙලා මැරුණා. අපි ඒ මළ සිරුර කෝච්චියට දාගෙන ඇවිත් ඊළඟ ස්ටේෂමට බාර දීලා ගියා. ඔය කොල්ලකරුවන් කරන තවත් වැඩක් තමයි දුම්රිය මාර්ගයේ සිග්නල් ලයිට් කණුවල කලර් ලයිට් මාරු කිරීම. මොන ක්‍රමයකින් හරි කලර් ලයිට් මාරු කරනවා. ඒ කියන්නේ කොළ පාට දැල්වෙන්න ඕනැ ලයිට් එක රතුපාට ලයිට් එක පත්තු වෙන විදිහට හදනවා. එතකොට කෝච්චිය නතර කරනවානේ. කොල්ලකරුවෝ කෝච්චියට නැගලා මගීන්ගේ දේපළ සොරා ගෙන පැනලා යනවා.”
“දවසක් රාත්‍රී තැපැල් දුම්රියේ වැඩ කරද්දී අපි අලව්ව දුම්රිය පොළ ස්ථානයට ළං වෙනකොට සිග්නල් කණුවේ රතුපාට බල්බය පත්තු වෙනවා. කෝච්චිය නතර කළා. ටික වේලාවකින් මගීන් කෑගහන්න පටන් ගත්තා. බලන කොට හොරු පැනලා මගීයෙකුගේ සූට්කේසයක් අරන් පැනලා ගිහින්. උන් අර සිග්නල් ලයිට් එක වෙනස් කරලා තමයි කෝච්චිය නතර කරවාගෙන තියෙන්නේ. ඔහොම දේවල් සෑහෙන්න සිද්ද වෙනවා.”


‘ඔබේ සේවා ජීවිත කාලය තුළ අමතක නොවන සිදුවීම් එහෙම ඇතිනේ. ඒ ගැනත් කථා කරමු නේද? මම යෝජනා කළෙමි.”
“අසූ අට - අසූ නමය භීෂණ කාලයේ වර්ජන රැල්ලක් ආවානේ. බස්, දුම්රිය වර්ජන කරන්නත් බලපෑම් කළානේ. ඒ වාගේ දවස්වලට කලාතුරකින් තමයි දුම්රිය ධාවනය කළොත්. ඒකත් හමුදා ආරක්ෂාව යටතේ. ඒ වාගේ දවසක අපි කොළඹ සිට අල, පිටි පටවාගෙන කෝච්චි දෙකක් එකට ඈඳාගෙන ත්‍රිකුණාමලය හා මඩකළපුවට යන්න ආවා. ගල්ඔය මංසන්ධියේදී එක කෝච්චියක් ත්‍රිකුණාමලයටත්, අනික මඩකළපුවටත් යන්න හිතාගෙන තමයි ආවේ. ඇන්ජින් දෙකක් සහිතව තමයි ආවේ. මොරගොල්ලාගම පහුකරලා ටික දුරක් ගියා. එතැන වංගුවක් හා කන්දක් තිබුණා. තැනක රේල් පාර ගලවලා. පාරටත් ගිනි තියලා. බඩු පටවලා තිබුණ වැගන් පෙරළුණා. එක පෙට්ට්යයි ඉතිරි වුණෙ. ගල්ඔය පැත්තනේ කෝච්චියක් ආවා නම් බෝක්කුවක් ඇතුළට පෙට්ටි වැටෙන විදිහට තමයි පාර ගලවලා තිබුණේ. අපි කොළඹ සිට ගිය නිසා ඒ දේ වුණේ නෑ.” 


“කොහොම හරි දවස් තුනක් අපට එතැන ඉන්න සිද්ධ වුණා. ඒ ගමේ අය එකතුවෙලා අපට කොස් එහෙම තම්බලා කන්ඩ දුන්නා. ඒක දුප්පත් ගමක්. අපිත් ඉතිං ඒ දවස් තුන පණ බයෙන් හිටියා. කොහෙන් උණ්ඩයක්, බෝම්බයක් එයිද දන්නෙ නෑනේ. අන්තිමට කොළඹින් ආපදා ඒකකය ඇවිත් හැදුවාට පසුව ගමන ගියා.”


“දුම්රිය දෙපාර්තfමේන්තුවේ රැකියා දෙන්නේ පරම්පාරාවෙන් පරම්පරාවටද ?”
“මුලින් එහෙම තිබුණා. ඒත් මං බැඳෙන කාලේ ඒක නතර කරලා තිබුණා. අපේ තාත්තාත් ෂන්ටික් රියැදුරෙක්. ඒක නිසාම යි මාත් ඉල්ලුම් කළේ. ඒ ක්‍රමය වෙනස් කළා කියලා මට එවාපු ලියමන තාමත් මගේ ළඟ තියෙනවා. සුද්දගෙ කාලෙ සිට ඒ ක්‍රමය තිබුණා. මං හිතන්නේ රේල්වේ අයගේම දරුවෝ බඳවා ගත්තාම දුම්රියට අලාභහානි කරන එක අඩුවෙනවානේ. ඒක නිසා සුද්දා එහෙම බඳවා ගන්ඩ ඇති කියලා මං හිතන්නේ.” 


“ඔබේ පෞද්ගලික ජීවිතය ගැනත් පොඩි විස්තරයක් කරමු”යි මම යෝජනා කළෙමි.”


“මගේ උපන් ගම රඹුක්කන. රඹුක්කන රෝමානු කතෝලික විද්‍යාලයට තමයි මුලින්ම ඉගෙන ගන්න ගියේ. ඊට පස්සේ හයේ පංතියේ සිට පින්නවල මහා විද්‍යාලයට ගියා. ඒ පාසල ආරම්භ කරලා ඇතුළත් කරගත් මුල්ම ශිෂ්‍ය කණ්ඩායම තමයි අපි. සාමාන්‍යය පෙළ විභාගයට මාස දෙකක් විතර තියෙද්දී මං පාසල් ගමන නතර කළා. ඊට පස්සේ දුම්රිය දෙපාර්තමේන්තුවේ රස්සාව ලැබෙන තෙක් ඈත පළාත්වල කුලී වැඩවලට ගියා.”


අනුරාධපුරය, පොළොන්නරුව, හිඟුරක්ගොඩ, වාගේ ප්‍රදේශවල කුඹුරු වැඩ කාලයට ඒවා කරන්න ගියා. මට මතකයි එක සැරයක් ඔය මනම්පිටිය පැත්තේ හේනක් කපන්න ගිහින් සිදු වෙච්ච කණගාටුදාකය සිද්ධියක්. රඹුක්කන හිටපු මුදලාලී කෙනෙක් තමයි අපිව එක්කන් ගියේ. එයා මනම්පිටිය පැත්තේ අක්කර සීයක විතර විශාල හේනක් කළා. මනම්පිටියේ ඉඳලත් සැතපුම් විස්සක් විතර ඇතුළට යන්න ඕනැ. කැලෑව කපන්න තමයි එක්ක ගියේ. වාඩි ගහගෙන දැන් අපි කැලෑව කපනවා. දවසක් මගෙත් එක්ක එහාට ගිය යාළුවෙක් හරක් රංචුවකට පොරවෙන් දමලා ගැහුවා. පොරව වැදිලා හරකෙකුගේ පස්සා ගාතයක් කැපිලා ගියා. ඔය සිද්ධිය වෙලා දවස් තුනයි ගත වුණේ. ඒ මනුස්සයා පොරවෙන් ගස් කපමින් සිටින විට ගහේ උඩ තිබුණ අත්තක් කඩාගෙන මිනිහ උඩට වැටුණා. මනුස්සා උඩු බැලි අතට වැටුණා. එතැනම එයා මිය ගියා. ඒක හරි පුදුම දෙයක්.”


“ඉන් පස්සේ තමයි මං අඟුරු මඩුවේ වැඩට ගියේ. මීට අවුරුදු හතළිහකට විතර උඩදී තමයි මං මෙහාට ආවේ. 1989 අවුරුද්දේ ඇග්‍රොමාට් කියන ආයතනය ගොවි තරගාවලියක් සංවිධානය කළා. ඒකේදී මට පළමු ස්ථානය ලැබුණා. මට තායිලන්තයට සංචාරයක් යන්නත් ඒකෙන් අවස්ථාව ලැබුණා. 2003 අවුරුද්දේ නොවැම්බර් මාසයේ හය වැනිදා මං සේවයෙන් විශ්‍රාම ලැබුවා.”
විශ්‍රාම සුවයෙන් ගත කරන සෙනවිරත්න බණ්ඩා මහතාට චිරං ජයතුෟ කියා පතමින් මම ඔහුගෙන් සමු ගතිමි.


ස්තූතිය - ගල්ගමුව, ජයලන්ද පදිංචි කේ.ඩී. තිලකරත්න මහතාට.



අදහස් (1)

අඟුරු මඩුවෙන් දුම්රිය රියැදුරු අසුනට

malaka Friday, 03 March 2017 03:59 AM

සෙනෙවිරත්න මහතාට නිදුක් නීරෝගී දිවියක් පතමි. දැන් සුදනෝ වගේ ඉන්න ජේවීපී එක 88-89 කාලයේ මේ රටට කළ අපරාධ පේනවා නේද ?

:       1       4

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10904 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5914 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5220 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1701 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site