IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


4G තාක්ෂණය හඳට යැවීමේ මෙහෙයුමක්

තරු පිරි අහස

 

ඇමෙරිකා ගගනගාමීන් නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පය තැබුවේ 1969 වසරේ ජූලි 16 වැනිදාය. 2019 වසර වෙද්දී මිනිසා සඳ තරණය කර වසර 50 කි. එය සමරමින්, 4 ජී තාක්ෂණය සඳ මතුපිටට රැගෙන යෑමට ජංගම දුරකතන ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන ජර්මනියේ ‘වොඩාෆෝන්’ සහ ෆින්ලන්තයේ ‘නොකියා’ යන සමාගම්, මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රබලයකු වන ‘අවුඩි’ සහ ‘පීටීසයන්ටිස්’ තාක්ෂණ සමාගම සමඟ අත්වැල් බැඳගෙන සිටී. මෙම 4ජී ව්‍යාපෘතිය සාර්ථක වුවහොත්, අනාගතයේ දිනෙක සඳේ සිට ෆේස්බුක් ජාලයට පිවිසීමට ද හැකියාව ලැබෙනු ඇත.

 

අවුඩි, වෝඩාෆෝන්, නොකියා සහ පීටීසයන්ටිස් යන සමාගම්වල එකමුතුවෙන්, 2019 දී, සඳ මතුපිට රැහැන් රහිත අන්තර් ජාල පහසුකම් ලබා දීමේ මෙම නව ව්‍යාපෘතිය සාර්ථක වුවහොත්, පෞද්ගලික අංශය මැදිහත් වී සිදු කරන පළමු චන්ද්‍ර මෙහෙයුම ද මෙය වනු ඇත. 4ජී තාක්ෂණය සඳ මතුපිටට ක්‍රියාත්මක කිරීම සිදුවනු ඇත්තේ රොබෝ රෝවර් යානා දෙකක උදවුවෙනි. 


රෝවර් යනු එහෙ මෙහෙ ගමන් කරමින් ගවේෂණ කටයුතු කළ හැකි රොබෝ යානාය. ඇමෙරිකාවේ අවුඩි සමාගම මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටින්නේ මෙම රෝවර් යානා නිපදවීම සම්බන්ධයෙනි. අති නවීන තාක්ෂණයෙන් පිරි කැමරා පද්ධතියක්, සාම්පල ලබා ගැනීමට රොබෝ අතක් සහ ඇන්ටනාවලින් පිරි මෙම රොබෝ රෝවර් යානා නිර්මාණය කෙරෙනු ඇත්තේ ටයිටේනියම් සහ ඇලුමිනියම් යොදා ගනිමිනි. ඒ අනුව මෙම යානා සඳ මතුපිට ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙනු ඇත.


සඳට ‘4ජී’ තාක්ෂණය රැගෙන යෑමේ මෙහෙයුමට මූලිකත්වය දෙන්නේ වොඩාෆෝන් සමාගමය. තාක්ෂණික සහාය සඳහා ඔවුන් නොකියා සමාගම සම්බන්ධ කරගෙන ඇත. ‘ජංගම දුරකතන ජාල සම්බන්ධයෙන් සහ 4ජී තාක්ෂණය සම්බන්ධයෙන් නව පියවරක් ඉදිරියට තැබීමක් ලෙස මෙම ව්‍යාපෘතිය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේමයි කෙනෙක් අහන්න පුළුවන් ඇයි 4ජී තාක්ෂණය යොදා ගන්නේ, 5ජී තාක්ෂණය යොදා ගන්න බැරිදැයි කියලා. 5ජී කියන්නේ අති නවීන තාක්ෂණයක්. ඒක සංකීර්ණයි. ඒ නිසයි අපි 4ජී තාක්ෂණය භාවිතා කරන්නේ’ යැයි ජර්මනියේ වොඩාෆෝන් සමාගමේ ප්‍රධානී හැන්ස් ඇමෙට්ස්රිටර් පෙන්වා දෙයි.


රෝවර් යානා සඳට රැගෙන යෑම ඇමෙරිකාවේ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 වර්ගයේ රොකට්ටුවක ආධාරයෙන් සිදුවෙයි. ඒ, ඇමෙරිකාවේ නාසා ආයතනයේ ද සහාය ඇතිවය. ස්පේස් එක්ස් සමාගම අද වනවිට රොකට් තාක්ෂණයෙන් ඉදිරියෙන් සිටී. නාසා ආයතනය ද ඔවුන් සමඟ අත්වැල් බැඳ ගනිමින් කටයුතු කරයි. පසුගිය දා ගගනගාමීන් අඟහරු ගෙනයෑම සඳහා අති ප්‍රබල රොකට්ටුවක් අත්හදා බැලුවේ ද මෙම ස්පේස් එක්ස් සමාගමයි. 


අද මොවුන් පෞද්ගලික අංශයෙන් සංචාරකයන් ලෙස ගගනගාමීන් පෘථිවි කක්ෂයට ගෙන යෑමේ කටයුතුවල ද නියැලීමට සූදානම් වෙයි. අතමිට සරු නම් පෘථිවි කක්ෂයට ගොස් ආපසු ඒමට හැකිවෙයි. රොකට්ටුව ලබන වසරේ ෆ්ලොරීඩාවේ කැනැවරල් තුඩුවෙන් පිටත්වීමට නියමිතය. රෝවර් යානා දෙක රැගෙය යන යානය එසේත් නැතිනම් චන්ද්‍ර යානය සඳ මත පතිත කිරීමෙන් පසු, චන්ද්‍ර මූලස්ථානය ලෙස කටයුතු කරනු ඇතැයි ද පැවැසෙයි. 


‘ෆෝල්කන් 9 ස්පේස් එක්ස්’ රොකට්ටුව අවුඩි රෝවර් යානා දෙක සහ චන්ද්‍ර මොඩියුලය රැගෙන පෘථිවියෙන් පිටත් වේවි. රොකට්ටුවෙන් නිදහස් වන මොඩියුලය (කුඩා චන්ද්‍ර යානය) පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය උදවු කර ගනිමින්, දෙවරක් පෘථිවිය වටේ කැරකීමෙන් පසු, සඳුගේ කක්ෂයට පිවිසෙයි. පෘථිවියේ සිට සඳට යන ගමනට දින 5 ක් ගතවෙයි. සඳ මත පතිත කිරීමෙන් පසු, ගෙනා රෝවර් යානා දෙක මුදා හැරීම සිදුවන අතර, රෝවර් යානා අතරේ සම්බන්ධතාව පැවැත්වෙනු ඇත්තේ ‘4ජී’ තාක්ෂණයෙනි. 


රෝවර් යානා 1969 වසරේ ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම සිදුවුණු ස්ථානයට ගොස් එතැන ගවේෂණය කිරීමට ද නියමිත බව පැවැසෙයි. රූගත කෙරෙන අති සුපැහැදිලි ‘එච්.ඩී.’ දසුන් චන්ද්‍ර යානය හරහා පෘථිවි විද්‍යාඥයන්ට ලැබෙන්න සලස්වනු ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ නම්, අනාගතයේ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා සන්නිවේදන කුලුනක් ලෙස සඳ යොදා ගැනීම යැයි ද පැවැසෙයි. 

 

 

 

 

 

 

 

ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි

 

 



අදහස් (0)

4G තාක්ෂණය හඳට යැවීමේ මෙහෙයුමක්

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10919 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6209 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5928 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5247 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1705 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site