IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බලු බැණුම් අහපු ‘ලීක්’ මියුසික් වීඩියෝව

ලක්ෂ ගණනින් හිට් වුණාට සරාගී මියුසික් වීඩියෝ සමාජයට හානියක්ද?

තරුණ පරපුර අතර Hit වුණු Youtube හරහා වැඩිම Views ප්‍රමාණයක් ලබාගත් ගීතයක් ගැන කතා කරන්න අලුත් සුළඟ විශේෂාංගයෙන් මෙවරත් අපි ඉඩක් වෙන් කළා. 


ඒ ලීක් වීඩියෝව ගැන කතා කරන්න, මේ වීඩියෝවට බොහෝ විවේචන එල්ල වුණේ ගීතයේ අඩංගු දර්ශන හේතුවෙන්. 


මේ නිසා මෙම ගීතය ගයන Fil-T සහ නිරූපණයෙන් දායක වන හසිනි සැමුවෙල්ට හොඳක් කියපු කෙනෙක් නැති තරම්. 


ඒ බැණුම් විවේචන ගැන කතා කරන්නට අපි ඔවුන් දෙදෙනා ඉරිදා ලංකාදීප සමග සංවාදයකට සම්බන්ධ කරගත්තා. මුලින්ම අප සමග සම්බන්ධ වුණේ Fil-T

 

කවුද මේ Fil-T (ෆිල්ටි) කියන්නෙ? 


ඒ මගෙ රැප් නේම් එක. ඒ වගේම වේදිකාවෙ මාව හඳුන්වන්නෙත් ඒ නමින්. මගෙ නියම නම තමයි චමත්. 


Fil-T ගෙ ගීත මේ වෙද්දි කොයිතරම් සංඛ්‍යාවක් නිර්මාණය වෙලා තියෙනව ද? 


ඔක්කොම ගීත 35ක් විතර තියෙනවා. 2004 ඉඳලා වගේ මම ගීත ගායනා කරන්නෙ. මම තනියෙන් කරපු ගීතයි, කණ්ඩායම් වශයෙන් කරපු ගීතයි තියෙනවා. 


Fil-T ගෙ ගීත වැඩිපුරම සරාගි පැත්තට යොමුවෙලා තියෙන්නෙ ඇයි? 


මම ගායනා කරපු ගීත 3ක් වගේ තමයි සරාගි පැත්තට යොමුවෙලා තියෙන්නෙ. නමුත් මේ ගීත පිටුපස කතාවක් තියෙනවා. සමාජයේ සිදුවෙන දේවල් තමයි අන්තර්ගත කරලා තියෙන්නෙ. 


මේ දවස්වල ලීක් කියන ගීතය නිසා හොඳට බැණුම් අහනවා නේද? 


ඒ ගීතය පිටුපස කතාවක් තියෙනවා. මිනිස්සු මුහුණපාන ගැටලු සහගත ස්වභාවයක් ගැන තමයි කතා කරලා තියෙන්නෙ. සංගීත ලෝකයේ, රංගන ක්ෂේත්‍රයේ, නිරූපණ ක්ෂේත්‍රයේදී මුහුණපාන්නට වුණු දෙයක් ගැන කතා කළේ. අපේ ලංකාවෙ කොහොමත් හොඳ දෙයක් කළත් නරක දෙයක් කළත් බණින එකනෙ කරන්නෙ. මිනිසුන්ගෙ තියෙන කුහකකමට එහෙම කරන්නෙ. 


මම මේ දේවල් කාටවත් බලෙන් බලන්න කියන්නෙ නෑ. මගෙ දේවල් බලන්න ඕනැ නැත්තම් අවශ්‍ය නෑනෙ. මොකද ටීවී එකවත් රේඩියෝවවත් නෙමෙයිනෙ ඉන්ටර්නෙට් කියන්නෙ. සමාජජාලා වෙබ් අඩවිවල මේවා දාලා තියෙන්නෙ. මුහුදෙ තියෙන වැලිකැට ගාණට ගත්තොත් ඒ වැලි කැටයක් විතරයි මගෙ වීඩියෝව. 


නමුත් ඒ වැලි කැටේ ඕනෑ වුණොත් මුළු මුහුදෙම වැලි කැට පීරලම ඒ දේ හොයනවා. ඒ දේ හොයලා බලලා එයින් වින්දනයක් ලබලා පස්සෙ බණිනවා. මෙහිදී ලබාදීලා තියෙන පණිවිඩය ගැන හිතන්නෙ නෑ. මේ ගීතය මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා නම් ඒ එහි තියෙන දර්ශන නිසා. එහි සිප වැළඳ ගැනීමේ දර්ශන තියෙනවා. ඒ නිසා වෙන්න ඇති සමහරවිට ප්‍රතික්ෂේප කරනවා ඇත්තේ. 


නමුත් සංගීත සංදර්ශනවලට යද්දි විදේශ සංචාරවලට යද්දි හැම තැනකදිම මේ ගීතය ඉල්ලනවා. රේඩියෝවල පවා ප්ලේ වෙනවා. ඒ වගේම අන්තර්ජාලයේ TikTok වලින් ද ඉන්ස්ටග්‍රෑම්වලින් ද මේ ගීතය තරම් ජනප්‍රියත්වයට පත්වන ගීතයක් නෑ. 


ඒ හැමදේකම ලේඛන තියෙනවා. ඒ වගේම මේ වෙද්දි වීඩියෝවට Views බොහෝ ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. වැඩිම Views ප්‍රමාණයක් ලැබිලා අංක 1ට පත්වෙලා තියෙන්නෙ මේ ගීතය. 


මේ ගීතයේ අනවශ්‍ය කිසිදෙයක් නෑ. අපි ඊට වඩා දේවල් රූපවාහිනිය හරහා ඉන්දියානු ටෙලිනාට්‍යවලින් ද වෙනත් රටවල විදේශිකයන්ගෙ දේවල් ප්‍රචාරය වීමේදී දකිනවා. මීට වඩා බරපතළ ලෙස සෘංගාරය නිපදවෙන විදියට දේවල් අපි දැකලා තියෙනවා. නමුත් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ මේ වගේ දේකට බණිනවා වැඩියි. මොකද අපේ දේ දැක්කම අපේ අයට ඊර්ෂ්‍යාවක්නෙ ඇතිවෙන්නෙ. 


ලීක් ගීතය සම්පූර්ණයෙන් නිරුවත මාර්කට් කරලා නේද තියෙන්නේ? 


මේ ගීතය තුළ පෙන්වන්නෙ ගෑනු ළමයෙක් නිරූපණ ශිල්පිනියක් විදියට ක්ෂේත්‍රයට එනවා. එහිදී මේ ක්ෂේත්‍රයේ ඉන්න මොඩ්ල් බෑන්ක් එකේ ඉන්න කෙනා ඒ අය වෙනත් අකටයුතුකම්වලට යොදවලා මුදල් උපයා ගන්නවා. ගණිකා වෘත්තිය වගේ දෙයක් කරගෙන යනවා. ඒ දේවල්වලට අකමැති ශිල්පිනියන්ට කැපිලි කෙටිලි තියෙන්නෙ. පසුව ඔවුන් වෙනම සහකරුවකු හොයාගෙන ඒ ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යන්න උත්සාහ කරන්නෙ. 


ඒ සිදුවීම පාදක කරගෙන මේ ගීතය නිර්මාණය වෙන්නෙ. එතැන නිරුවත මාර්කට් වෙන්නෙ නෑ. ඒ වීඩියෝව ගත්තම පෙම් ජවනිකා සම්බන්ධ රූප රාමු තියෙනවා. ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ ඇඳුම් යොදාගෙන තියෙන්නෙ. 


ස්විමින් පූල් එකේ ස්විමින් කිට් එකක් ඇඳගෙන ඉන්න එක නිරුවතක් නෙමෙයි. ඒවා සාමාන්‍ය දේවල්. ඊට අමතරව සිප වැළඳ ගැනීම් තමයි වැඩිපුරම තියෙන්නෙ. ඒවගෙත් වරදක් අපි දකින්නෙ නෑ. ඊට වඩා දේවල් අපි රූපවාහිනිය හරහා දැකලා තියෙනවා. 

 

 


මේ රූප රචනා අපේ සංස්කෘතියට ගැළපෙනව ද? 


අපේ සංස්කෘතිය ගැන කතා කරද්දි ඒ රූප රචනා ගැන විතරක් කියනව නම් සීගිරි අප්සරාවියන්ගෙ පවා මීට වඩා සෑහෙන්න දේවල් තියෙනවා. රජ කාලෙ කතා ගැන බැලුවොත් මීට වඩා දේවල් දකින්න තියෙනවනෙ. ඒ වගේම අපේ රටේ බිහිවුණු සිනමා නිර්මාණ හරහා සිනමාහල්වල කොයිතරම් දේවල් දකින්න තියෙනව ද? ඇගේ වෛරය, සුරබිදෙන, සළුපට අහසට ඒ සිනමා නිර්මාණ. ඒවා අපේ සංස්කෘතියට ගැළපෙනව ද? 


ඒ නිර්මාණ ආදර්ශයක් දෙන චිත්‍රපට කියලා නිපදවුණු නිසා මිනිස්සු ඒවා බලලා යම්කිසි වින්දනයක් ලැබුවා. 


ඇත්තටම ලංකාවෙ ලිංගික අධ්‍යාපනය කියන දේ හරියට දෙනව නම් අපේ ලංකාවෙ ළමා අපචාර ස්ත්‍රී දූෂණ සිද්ධවෙන්නෙ නෑ. ඒක තමයි වෙන්න ඕනෑ. 


මේ ගීතයේ පද රචනය සහ රූප රචනය ලංකාවට පිළිලයක් කියලා බොහෝදෙනකුගෙ මතය වුණා? 


ඒ ප්‍රතිචාර දක්වන අයම තමයි අපි ළඟට ඇවිල්ලා කතා කරන්නෙ අපිත් එක්ක ඡායාරූප ගන්නෙ. ඒ වගේම ලංකාවෙ මිනිස්සුන්ට අසහනයක් තියෙනවා මේ වීඩියෝවල ඉන්න තරුණියන් සමග ඒ අයට කායික වශයෙන් සම්බන්ධ වෙන්න, ප්‍රේම සබඳතා ඇති කරගන්න. ඒ පිළිබඳ අසහනකාරී මනසක් තියෙනවා. එතකොට අපි ඒ වීඩියෝවල ඒ තරුණියන් එක්ක ඉද්දි ඔවුන් ඇසුරු කරද්දි ඊර්ශ්‍යාවක් ඇතිවෙනවා. ඒ ඊර්ශ්‍යාව කුහකකම, මුඛරිකම තමයි මේ හැමදේටම හේතුව. 


ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනෑ කට්ටිය මේ ගීතය පිළිකුල් සහගත කරනවා නම් මේ තරම් පිළිකුල් සහගත දෙයක් හොයලා ගිහින් බලන්නෙ නෑනෙ. අපිට විදෙස් සංචාර සහ ලංකාවෙ සංදර්ශනවලට කතා කරන්නෙ ඇයි එහෙනම්. 


මේ ගීත තුළින් ලිංගික පෙළඹවීමක් නේද සිදුවෙන්නෙ? මේ දේවල් Youtube හරහා පුංචි ළමයි පවා දකිනවා? 


මේවා පුංචි ළමයින්ට බලන්න කියලා අපි කියන්නෙ නෑනෙ. Youtube හරහා තමන්ගෙ අවශ්‍යතාව මත අවශ්‍ය දේ බලන්න ඕනෑ. නැත්නම් ඇත්තටම අපහසුතාවට ලක්වෙනවා. මගේ ගීතය විතරක් නෙමෙයිනෙ නුසුදුසු ළමයින්ට. Youtube වල Sexual සර්ච් කරලා ලංකාව තමයි වසර ගණනාවක්ම පළමුතැනට ආවෙ. එතකොට Youtube එකේ මගේ ගීත බලල ද එහෙම පෙළඹවීම් වෙන්නෙ. 


මේ ගීතවලට වැඩිම Views ප්‍රමාණයක් ලැබුණම Youtube හරහා යම්කිසි මුදලක් ගෙවන නිසා ද මේ දර්ශන ඇතුළත් වීඩියෝ නිර්මාණය කරන්නෙ? 


මේ ගීත මිනිස්සු බලන ප්‍රමාණය අනුව තමයි මුදලක් ලැබෙන්නෙ. නමුත් මුදල් ලැබීම පදනම් කරගෙන මේ ගීත නිර්මාණය වුණේ නෑ. මොකද ඊට වඩා වෙන වෙන දේවල් කරලා සංගීත ක්ෂේත්‍රයේ මට මුදල් උපයන්න තිබුණා. මුදල් කොහොමත් ලැබෙනවා. නමුත් ඒක නෙමෙයි මගෙ පරමාර්ථය. 


මේ දේවල් නිසා Fil-T ගෙ මව්පියන් පවා බැණුම් අහලා තිබුණා නේද? 


ඔව්. අපේ රටේ මිනිස්සු කාට ද බණින්නෙ නැත්තෙ? එයාලා ජීවිතේ හොඳින් ගත කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑනෙ. මිනිස්සුන්ගෙ කටවල් අපට වහන්න බෑ. මහා ලොකුවට තමන්ගෙ මව්පියො ගැන කතා කරන්නෙ මහලු මඩම්වලට, වැඩිහිටි නිවාසවලට දාලා ඉන්න උදවිය තමයි. මගේ මව්පියන්ට අපහාස කළාට ඒ අය සතුටින් ජීවත් වෙනවා. 


බැණුම් අහන්නෙ නැතිව මියුසික් වීඩියෝ හොඳ විදියට කරන්න බැරි ද? 


මම මියුසික් වීඩියෝ බොහෝ ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒවා දැකලා නැතුව ද කට්ටිය මෙහෙම කතා කරන්නෙ කියලා හිතෙනවා. මම හිටපු ජනාධිපතිතුමා වෙනුවෙන් ගීතයක් ගායනා කළා. ඒ හරහා ලොකු ප්‍රතිචාරයකුත් ලැබුණා. 


ඒ වගේම රණවිරුවන් ගැනත් ආදර ගීතත් කරලා තියෙනවා. මිනිස්සු අැයි ඒවා ගැන කතා නොකරන්නෙ කියන දේ තමයි මට අහන්න තියෙන්නෙ.


Fil-T පසුගිය කාලෙ ලංකාවෙ චරිතයක් වුණා නේද? වැඩිපුරම බැණුම් තමයි අහන්න ලැබුණෙ? 


මට බණින අය වගේම හොඳ කියපු අයත් හිටියා. මම කියන්නෙ මට කොච්චර බැණ්නත් ඒ බැණපු අය තමයි වැඩිපුරම මගෙ ගීත බලලා තිබුණෙ. මම අහන්නෙ ඇයි මගෙ ගීත බැණ බැණ බලන්නෙ කියලා තමයි. 


මීළඟට අපි සම්බන්ධ කරගත්තෙ මෙම මියුසික් වීඩියෝවට නිරූපණයෙන් දායක වන හසිනි සැමුවෙල්.


කවුද මේ හසිනි සැමුවෙල්? 


හසිනි කියන්නෙ නිරූපණ ශිල්පිනියක් සහ කලා ශිල්පිනියක්. 

 

 


මෑතකදී ලංකාවෙ වැඩි විවේචනයට ලක්වුණු ලීක් මියුසික් වීඩියෝවට හසිනි සම්බන්ධ වෙන්නෙ කොහොම ද? 


මේ මගෙ තුන්වෙනි මියුසික් වීඩියෝව. මම සහ Fil-T එකතුවෙලා තමයි මේ ගීතය නිර්මාණය කළේ. මාස ගාණක පටන් තමයි අපි මේ වගේ ගීතයක් කරමු කියලා කතා කරගත්තෙ. 


මේ රූප රචනයට බොහෝදෙනෙක් බැණලා තිබුණා මේ දේවල් සමාජයට හානියක් වෙනවා කියලා? 


ඇත්තටම මම හිතන්නෙ නෑ සමාජයට එහෙම හානියක් අපි කළා කියලා. මොකද මේ තවත් එක් නිර්මාණයක් පමණයි. නිර්මාණයක් කියන්නෙ සමාජයට අලුත් දෙයක්. බණින අයට ඕනෑ තරම් බණින්න පුළුවන්. අපිට ඒක අදාළ නෑ. මොකද අපි කරන්නෙ රටට තව එක නිර්මාණයක් විතරයි. 


මෙවැනි රූප රචනා අපේ සංස්කෘතියට ගැළපෙනවා කියලා හිතනව ද? 


බිකිනි එකක් ඇන්දම එහෙම නැත්නම් අඩ නිරුවත් දර්ශනවලට තමයි කියන්නෙ සංස්කෘතියට හරි නෑ කියලා. ඒ දේ සංස්කෘතියට ප්‍රශ්නයක් කියලා මම හිතන්නෙ නෑ. මම නිරූපණ ශිල්පිනියක් විදියට රට නියෝජනය කරලා තියෙනවා. ඉතින් අපි පැජන්ට් එකකට රට නියෝජනය කරද්දි බිකිනි අඳින්න වෙනවා. ඉතින් ඒවත් එක්ක අපේ නිර්මාණයකට බිකිනියක් ඇන්දා කියලා එහි වරදක් දකින්නෙ නෑ. 


එහි වරදක් දකින්නෙ නැත්නම් මේ වීඩියෝවෙ තියෙන සිප ගැනීමේ දර්ශන තුළත් වරදක් නෑ කියන තැන ද ඉන්නෙ? 


සිප වැළඳ ගැනීමක් කියන්නෙ වරදක් නෙමෙයි. මොකද සෙක්ෂුවල් එකෙන් තමයි මේ ලෝකෙ පවතින්නෙ. ඉතින් සිප වැළඳ ගැනීමක් කියන්නෙ පොඩි දෙයක්. ඒ දේ මහා ලොකු දෙයක් කරගන්න එක අදාළ දෙයක් නෙමෙයි. 


හසිනිගෙ ගෙදරින් කැමැති වුණා ද මේ ක්ෂේත්‍රයට එනවට? 


ගෙදරින් ලොකු අකැමැත්තක් තිබුණා. නමුත් මම මොඩ්ලින්වලට ගොඩක් කැමැතියි. තමන්ගෙ කැමැත්තට අනුව තමන් දෙයක් කරනවා නම් ඒක තමයි හරියනම දේ. ඉතින් ගෙදරින් මේ දේවල් 100% අනුමත කරන්නෙ නෑ. නමුත් වරදක් කියන්නෙත් නෑ. ඒ ගැන මම සතුටු වෙනවා. 

 


ධනු විජේරත්න 

 



අදහස් (0)

බලු බැණුම් අහපු ‘ලීක්’ මියුසික් වීඩියෝව

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10905 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5917 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5226 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site