මහ එළිය නොහොත් හෝටන්තැන්න ශ්‍රී ලංකාවේ කඳුකර වනාන්තර අතර වැදගත් ස්ථානයක් ගනියි. ​ෙමහි උන්නතාංශය මීටර් 1200-2300 උසකින් පැතිර ඇති අතර විශාලත්වය හෙක්ටයාර 3160ක් පමණ වේ. කඳුකර තණබිම් සහ කඳුකර කුරු වනාන්තරවලින් ගැවසී ගත් මෙම භූමිය වටා ශ්‍රී ලංකාවේ කඳු අතර උසින් දෙවැනි තැන ගන්නා කිරිගල්පොත්ත කන්ද (උස මීටර 2389) හෝ තෙවැනි තැන ගන්නා තොටුපොළ කන්ද (උස මීටර 2367) පිහිටයි.   


මෙහි ඇති පාරිසරික වැදගත්කම නිසා 1969 දෙසැම්බර් 05 වැනිද‌ා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූ හෝටන්තැන්න, 1988 මාර්තු 16 වැනිද‌ා ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කරන ලදී. 1836 වර්ෂයේදී හිටපු බ්‍රිත්‍යානය ආණ්ඩුකාරවර​ෙයකු වූ සර් රොබට් හෝටන්, සබරගමුව පළා​ෙත් ර​ෙට් මහත්තයා මුණගැසීමට ​ෙමම ප්‍රදේශයට පැමිණීම සිහිපත් කරමින් හෝටන්තැන්න ප්‍රදේශයට මෙම නම ලැබී ඇත. ​ෙමහි වූ අසිරිමත් ජෛව විවිධත්වය, වර්ෂ 2010 දී හෝටන් තැනිතලාව, සමනල කන්ද හා දුම්බර කඳුවැටිය යන ප්‍රදේශ එක්කර ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරය යුනෙස්කෝ ලෝක උරුමයක් ​ෙලස නම් කිරීමට ප්‍රධාන වශ​ෙයන් හේතුවිය.   


දම් පාට මලින් ගැවසී ගත් බිනර (Exacum trinervium) සහ නිල් වර්ණැති නෙළු (Strobilanthes sp.) ඇතුළු ශාක විශේෂ 744කට හෝටන් තැනිතලාව නිජ භූමිය වේ. ​ෙමම ශාක විශේෂවලින් 5% ක් පමණ ආවේණික ඒවා වන අතර කීන (Calophyllum ovalifolium), Syzygium rotundifolium, Syzygium sclerophyllum, වල් කුරුඳු (Cinnamomum ovalifolium) සහ පොල්කටුගහ (Actinodaphne speciose) වැනි ශාක විශේෂ වනාන්තර විය​ෙන් ආධිපත්‍යය දරයි.   


තැනිතලාව පුරා බහුලව දක්නට ලැබෙන මහ රත් මල් (Rhododendron arborea zeylanicum) රත් පැහැ මලින් දීප්තිමත්ව හෝටන් තැන්න පුරා මනා සුන්දරත්වයක් මවයි. ශ්‍රී ලංකාවේ හමුවන කුඩාම උණ විශේෂය ද ​ෙමම තැනිතලාවේ වගුරුබිම් අසබඩ හමුවේ. කුරු වනාන්තර ​ෙලස පැතිරී ඇති වනාන්තරය ​ෙමම ප්‍රදේශයේ ඇති දැඩි සුළඟට ඔරොත්තු දිය හැකි අන්දමින් ගස් මුදුන් කුඩයක හැඩ​ෙයන් මීටර 12-15ක් පමණ සාමාන්‍ය උසකින් යුතුව වැඩී ඇත. ​ෙමම ශාක විශේෂ අතර තර්ජනයට ලක් වූ ශාක විශේෂ ​ෙමන්ම ඖෂධීය වටිනාකමින් යුක්ත ශාක විශේෂ ද බොහෝමයක් වේ.   


හෝටන්තැන්නේදී හමුව සත්ත්ව විශේෂ අතරට ක්ෂීරපායි විශේෂ 24ක්, කුරුලු විශේෂ 87ක්, උරග විශේෂ 9ක්, උභය ජීවී විශේෂ 15ක් පමණ අයත් වේ. ​ෙමහිදී හමුව ක්ෂීරපායින් ​ෙලස පිරි හික් මීයා (Feroculus feroculus), ​​ගෝනා (Cervus unicolor), රිලවා (Macca sinica), කලු වඳුරා (Trachypithecus vetulus monticola), කොළ දිවියා (Prionailurus rubiginosus), ශ්‍රී ලංකානු කොටියා (Panthera pardus kotiya), හඳුන් දිවියා (Prionailurus viverrinus), වල් ඌරා (Sus scrofa), දිය බල්ලා (Lutra lutra), දඬුලේනා (Ratufa macroura), හාවා (Lepus nigricollis) වැනි සතුන් සඳහන් කළ හැක. ශ්‍රී ලංකාවට ආවේණික වූ උණහපුළු විශේෂයක් වන Loris tardigradus මෙම ප්‍රදේශයේදී පමණක් හමුව අතර ශ්‍රී ලංකාවට ආවේණික මිරිදිය ඉස්සන් විශේෂයක් වන Caridina singhalensis ද සෙල්සියස් අංශක 15ට වඩා උෂ්ණත්වය අඩු ඇළදොළවලින් හමුවේ. ක්ෂීරපායී සතුන් අතර හෝටන් ජ​ාතික වනෝද්‍යානය පුරා දක්නට ලැබේ. විශාල ගෝන ගහණය කැපී ​ෙප​ෙනයි.   

 

 


බ්‍රිත්‍යානය යටත් විජිත සමයේදී විදේශීය ශාක හෝ සත්ත්ව විශේෂ හඳුන්වා දීමත් සමඟ ​ෙමම ප්‍රදේශයේ තිබූ ආදිතම ශාක හා සත්ත්ව විශේෂවල අඛණ්ඩතාවය අවද‌ානමට ලක්ව ඇති බව දක්නට ඇත. උද‌ාහරණ ​ෙලස ගෝර්ස් (Ulex europus) නම් සපුෂ්ප ශාක විශේෂය මේ වනවිට තෘණ බිම් පුරා පැතියමින් පවතී. උගුලා දැමීමකින් හෝ ගිනිගැනීමකින් පසුව වුවද ඉතිරි වූ මුල්වලින් මෙම ශාකය නැවතත් වර්ධනය වේ. මසුන් ඇල්ලීමේ ක්‍රීඩාව සඳහ​ා හඳුන්ව​ා දෙන ලද Trout (Oncorhynchus mykiss) නම් මත්ස්‍යයන්, දේශීය මසුන්ගේ වඳවී යාමට බලපා ඇත.   


ශ්‍රී ලංකාවේ කොටියන් (Panthera pardus kotiya) වෙනුවෙන් ප්‍රකට වූ යාල, විල්පත්තුව වැනි වනෝද්‍යානවලදී දැකගන්නට ලැ​ෙබණා අන්දමින්ම නොවූවද හෝටන් ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව ද ඉඳහිට හෝ කොටියන් දෘශ්‍යමාන වේ. දැනට කර ඇති පර්යේෂණ තොරතුරු දක්වන්නේ හෝටන් තැන්න ජාතික වනෝද්‍යාන ප්‍රදේශය තුළ 13.4/100 km² පමණ කොටියන් ගහණයක් ඇති බවයි.   


හෝටන් තැන්නේ වාසය කර ක්ෂීරපායින් අතර ප්‍රධානතම විලෝපිකයා කොටියාය. මොවුන් ප්‍රධාන වශයෙන් ගෝනුන් මත පෝෂණය වන අතර වල් ඌරන්, වඳුරන්, හාවන් සහ මීයන් ද තම ගොදුරු කර ගනියි.  


දිනය පසුගිය මැයි මාසයේ පහළොස් වැනිදාය. වේලාව උදේ දහය පසු වී විනාඩි දහයක් පමණ ගත වී තිබුණි. රෑ තිස්සේ පතිත වුණු පින්න යාන්තමින් වියළී යන්නට පටන්ගෙන ඇත. සතුන් කෙමෙන් එළිමහන්වලට ඇදෙයි.   


හෝටන් තැන්න ප්‍රවේශපත් කවුළුවේ සිට ​ෙසමින් ඉදිරියට පැමිණි වෑන් රිය තොටුපොළ කන්ද පිවිසුම අසලින් අරංගා විල ​ෙදසට වංගුව හැරෙව්වා පමණි. පාරේ දකුණු පසින් අරංගා විල ​ෙදසට ඇය ​ෙසමින් ඇවිද යයි. එකවරම දුටු ඇගේ රුව අප සියල්ලෝම පුදුමය, දරාගත නොහී සන්තෝෂය, ජයග්‍රහණය හා වාසනාව වැනි බොහෝ සිතුවිලි එක්ව මඳකට හදවත් පවා නතර කරවන තරම් හැඟීමකින් ගල ගැසුනහ. ගමන නැවැත් වූ ඇය ආපසු හැරී අප ​ෙදස බැලුවාය. යාල, විලපත්තුව වනෝද්‍යානවලදී ශ්‍රී ලංකානු කොටියො ​ෙකතරම් දැක තිබුණද නම් විරල දසුන සිහිවන විට අප තවමත් තිගැස්සී සිටිමු.   


මනාව වැඩී සිටි ඇය​ෙග් මුහුණ ඉතා පිරිපුන්ය. දැඩි විමසිල්​ෙලන් ඇය අප ​ෙදස බලා හිඳියි. ඡායාරූප පසු නිරීක්ෂණවලදී ඇය පැටවුන් සිටිනා කොටි ධේනුවක් බව අපි නිගමනය ක​ෙළමු. නැවතත් මඳ දුරක් ඉදිරියට ඇවිද ගිය ඇය පාරේ වම්පසට පාර හරහා ඇවිද ගොස් නැවත අප ​ෙදස බැලුවාය. ඇය ද ​ෙම් අහඹු හමුවී​ෙමන් පුදුමයට පත්ව ඇත.   


හෝටන්තැන්ක ජාතික වනෝද්‍යනයේ නිලධාරීන් සහ විවිධ පර්යේෂණ කණ්ඩායම්වලට නොයෙක් වර කොටියන් දෘශ්‍යමාන වී තිබුණ ද එම අවස්ථා බොහෝ විට අහඹු සිදුවීම් ​ෙහයින් ඡායාරූපකරණයට ඉඩක් සැල​ෙසන්​ෙන් ඉතා කලාතුරකිනි. තොටුපොළ කන්ද පාමුල දී එදා උදෑසන අපට හමු වූ ​ෙම් සොඳුරු අමුත්තිය අප හට ඒ මහඟු අවස්ථාව සලසා දුන්නාය.   


ඇය තොටුපොළ කන්ද අවට තම වාසස්ථාන කොට​ෙගන සිටිනවා වන්නට ඇත. තොටුපොළ කන්ද පිවිසු​ෙම් සිට ඉහළට ගමන් ගන්නා මාවත දිගේ කිහිප   
තැනක කොටියන්නේ මළද්‍රව්‍ය හමුවීම ​ෙමම කඳු වැටිය කොටියන්නේ වාසභූමියක් යන්නට කදිම තොරතුරක් විය.   


තොටුපොළ කන්ද පාමුල දී හමුවුණු අමුත්තිය අප ​ෙවත ඉතිරි කර ගිය මතක සටහන්, හෝටන්තැන්න නිජබිම කරගත් සත්ත්ව විශේෂ අතර කොටියා පිළිබඳ වාර්තා යළි යළිත් අලුත් කළාය.   

 

 


සටහන: 
තිලානි ප්‍රියංවදා රත්නායක   
ඡායාරූප: චාමර ජයබා අමරසිංහ