භාරත දේව සභාව

 

රාවණ, ලංකා පුරයේ මහා නරනිඳු, තම දේශය දෙස බැලුවේය. මුහුද මැද පෙනෙන මුතු ඇටයක හැඩය ගත් ලංකාව යනු ඇත්තටම මුතු ඇටයක් තරම් පුංචි දූපතක් නොවේද? යි ඔහුට සිතුණි. ඔහු මේ ලංකාපුරය මැනවින් පාලනය කළේය. ර​ටේ සෑම මිනිසෙක්ම රාවණා රජුට බෙහෙවින් ආදරය කළේය. එහෙත් ඒ ආදරය වත් මේ භූමියවත් ඔහුට සතුටක් ගෙනාවේ නැත. 
 

“මට ඕනෑ මුළු පෘථිවියම මගේ කරගන්න.”  
රාවණා තමන්ටම කියාගත්තේය. එතකොට මුළු ලෝකෙම තියෙන්නෙ මගේ යටතේ අන්න එතකොට නම් මට පුංචි සතුටක් දැනේවි.  
එහෙත් මේ මුළු පෘථිවියම තමා යටතට ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවද රාවණා දැන සිටියේය.  
ඒකට විශාල බලයක් තියෙන්න ඕනෑ. විශේෂයෙන්ම දෙවියන්ගේ වරමක්.  
රාවණ යම්තම් දැනුම් තේරුම් ලැබුණු දවසේ සිටම ශිවගේ බැතිමතෙකි. ශිව වෙනුවෙන් නිතර යාච්ඤා කරමින් ඔහුගේ ඇල්ම බැල්ම අපේක්ෂා කළේය.  
එහෙත් තම අවශ්‍යතා ඉටුකරන්නටත් තමා සතුටු කරන්නට ශිව උතුමාණන්ට නොහැකි බව රාවණා තේරුම් ගත්තේය.  
“හොඳම කෙනා බ්‍රහ්ම. මගේ මුත්තා.”  
රාවණා අවසානයේ නිගමනය කළේය.  
බ්‍රහ්ම ලෝකයේ මැවුම්කරු. ඒ වගේම මගේ මුත්තා. ඒ නිසා අනිවාර්යයෙන්ම මට ඔහුගේ පිහිට ලැබෙනවා සිකුරුයි.  
රාවණ යනු ඉසිවර ​වෛෂ්ණාව ගේ පුතුය. ඉසිවර වෛෂ්ණාව යනු ඉසිවර පුලස්තිගේ පුතුය. ඔහු මහා බ්‍රහ්මගේ පුතුන් අතරින් කෙනෙකි. මේ ඥාතීත්වය පිළිබඳ දැනගත් මොහොතේ පටන් රාවණා බ්‍රහ්මට යාඥා කරන්නට පටන්ගත්තේය. බොහෝ භක්තිමත්ව කරන මේ යාච්ඤාව උදේද, හවසද, රාත්‍රියේද නොකඩවාම කරගෙන ගියේය.  
දවස් ගෙවී ගියේය.  
සති ගෙවී ගියේය. එහෙත් රාවණා සිය භක්තිවන්තකම බිඳකිනුදු අඩුකරගත්තේ නැත.  
අවසානයේදී දවසක බ්‍රහ්ම රාවණා අභියස පෙනී සිටියේය.  
“පුතනුවනි. ඔබේ දැස් විවර කරන්න”  
බ්‍රහ්ම කීවේය.  
සිය කවන්දලම් දිය බඳු​ෙනන් දිය බිඳක් ගත් ඔහු එම දියබිඳ රාවණගේ මුහුණෙහි ගෑවේය. ඒ සමග රාවණා රජු නින්දෙන් අවදිවූවේය. ඒ වන විටත් දීර්ඝ සිහිනයක නිමග්නව සිටි රාවණා වටපිට බැලුවේ පුදුමයෙනි. ​ඔහුට කිසිවක් සිතාගත නොහැකි විය. ඔහු අබියස මද සිනා ඇතිව රැඳී සිටියේ බ්‍රහ්ම උතුමාණන්ය.  
“උතුමාණෙනි... එහෙනම් ඔබ මා වෙත පැමිණියා.”  
රාවණා කීවේ සතුට දරාගත නොහැකිවය.  
බ්‍රහ්ම හිස සැලුවේය.  
“මගෙ පුතා මට ඇහුණ ඔබේ යාච්ඤාව. ඔබ වෙත නොපැමිණ ඉන්න මට අපහසු වුණා.”  
ඒ මුදු වදන් ඇසුණු විට රාවණගේ දෙතොල සිනාවකින් විකසිත විය. තමාගේ යාච්ඤාවට බ්‍රහ්ම කන්දීම සහ තමා වෙත පැමිණීම රාවණට හැඟුණේ ආඩම්බරයට කරුණක් බවය.  
“පවසන්න ඔබ මගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද මගේ පුතා?”  
රාවණ තවමත් ආඩම්බරයත් සතුටත් භුක්ති විඳිමින් සිටියේය. එනිසා බ්‍රහ්මගේ පැනයට පිළිතුරු දිය යුතු බව රාවණට හැඟුණේ නැත.  
“පවසන්න, ඔබට අවශ්‍ය දේ මම ඔබට දෙන්නයි පැමිණියේ.”  
බ්‍රහ්ම යළිදු කීවේය.  
“මට අවශ්‍ය සදාකාලික බව... මේ මුළු මහත් ලෝකයේම රජකම” රාවණ හීන් හඬින් තෙපලුවේය.  
බ්‍රහ්ම රාවණ දෙස බලා සිටියේ චකිතයෙනි. යටිතොල නොපිට පෙරලූ ඔහු පළ කළේ අප්‍රසන්න බවකි.  
බ්‍රහ්ම හිස දෙපසට සැලුවේය. තම දෙඋරහිස් පහත් කළ බ්‍රහ්ම මොහොතකට කල්පනාවට වැටුණේය.  

 

ඔබට කරන්නට තියෙන්නේ එකම එක දෙයක් විතරයි උතුමාණනි. මට දෙව්ලොව සුරැකිව තිබෙන අමෘත පානයෙන් බිඳක් දෙන්න. එවිට අමරණීය බව ලැබේවි. එවිට මමත් දෙවිවරුන් සමග ඉන්නම්.  
බ්‍රහ්ම උතුමාණන් රාවණා දෙස බැලුවේ දෙනෙත විසල් කරගෙනය. රාවණ වේවා වෙනත් පුද්ගලයෙක් වේවා සදාකාලික බව ලබාදීම භයානක කටයුත්තකි.  


එසේ වුවත් රාවණගේ භක්තිවන්තකම බොහෝ අගය කළ යුතුය. ​ඔහු තමන් වෙනුවෙන් උදේ හවස රාත්‍රී ආදී වශයෙන් වූ තුන් කාලයම සති ගණනාවක්ම යාච්ඤා කළේය. එබඳු බැතිමතෙකුට ඔහු කරන ඉල්ලීම ලබානොදීම ද නොකළ යුත්තකි.  


“පුතා... ඒක කරන්න බැරි දෙයක්.”  
බ්‍රහ්ම කීවේ බිඳුණු හඬිනි.
“මේ ලෝකෙ යම් දෙයක් පහළ වුණොත් ඒ දේ විනාශ වෙන්නත් ඕනෑ. ඒක තමයි සොබා දහමේ නියමය. ඇතිවීම සහ නැතිවීම ඒ සොබාදහමේ නියමයට එරෙහිවීමට මට පුළුවන්කමක් නැහැ. අනිත් අතට එසේ කිරීම වරදක්.” 
“එහෙත් දෙවිවරු සදාකාලිකයි. ඔවුන් මියයන්නේ නැහැ නේද? උතුමාණෙනි.”  
රාවණා ඇසුවේ සිහින් හඬිනි.  
ඔබට කරන්නට තියෙන්නේ එකම එක දෙයක් විතරයි උතුමාණනි. මට දෙව්ලොව සුරැකිව තිබෙන අමෘත පානයෙන් බිඳක් දෙන්න. එවිට අමරණීය බව ලැබේවි. එවිට මමත් දෙවිවරුන් සමග ඉන්නම්.  
බ්‍රහ්ම උතුමාණන් රාවණා දෙස බැලුවේ දෙනෙත විසල් කරගෙනය. රාවණ වේවා වෙනත් පුද්ගලයෙක් වේවා සදාකාලික බව ලබාදීම භයානක කටයුත්තකි.  
එසේ වුවත් රාවණගේ භක්තිවන්තකම බොහෝ අගය කළ යුතුය. ​ඔහු තමන් වෙනුවෙන් උදේ හවස රාත්‍රී ආදී වශයෙන් වූ තුන් කාලයම සති ගණනාවක්ම යාච්ඤා කළේය. එබඳු බැතිමතෙකුට ඔහු කරන ඉල්ලීම ලබානොදීම ද නොකළ යුත්තකි.  
බ්‍රහ්ම පත්වූයේ දෙගිඩියාවටය. රාවණට සදාකාලික බව දෙනවද? නැද්ද?  
බ්‍රහ්ම නැවත නැවතත් කල්පනා කළේය.  
“හොඳයි මම ඔබට අමෘතය බිඳක් දෙන්නම්”  
අවසානයේ බ්‍රහ්ම කීවේය.
රාවණට දැණුනු සතුට නිම් හිම් නොවීය. ඔහු උඩපැන වටයක් නටා සතුට පළ කළේය.  
බ්‍රහ්ම අමෘතය බිඳුවක් ගෙන රාවණට දුන්නේය.  
ඒ මොහොතෙහිම රාවණට දැණුනේ අසමාන ශක්තියකි. ඔහු තම කුස පෙදෙසට අත තබා බැලුවේය. කුසෙහි කිසියම් වෙනසක් දැණුනු බැවිණි. ගිල දැමූ අමෘත බිඳුව ඔහුගේ කුසෙහි තැන්පත් වී තිබෙන සැටි රාවණට දැණුනි. එහි ශක්තිය ගතට අපමණක් නොව සිතටද දැණුනි. ඇත්තෙන්ම එවැනි ජවයක් ඔහුට ඉන් පෙර දැනී තිබුණේ නැත.  
“උතුමාණෙනි, මට ලැබුණේ මා බලාපොරොත්තු වූ දෙයින් එකක් පමණයි”  
රාවණ කීවේය.  
මට තවත් පැතුමක් තියෙනවා. මට අවශ්‍ය දෙවියන්ට වඩා වැඩි බලයක්. දෙවියන්ට යකුන්ට රාක්ෂයන්ට නාගයන්ට වනසතුන්ට වැනි සියල්ලන්ටම වඩා වැඩි බලයක්. මට අවශ්‍ය ඒ සියල්ලන්ම මගේ පාලනයට නතුව සිටිනු දැකීමටයි.  
බ්‍රහ්ම විමතියට පත්විය.  
“එය කෙසේ වත් කළ නොහැකියි.”   
බ්‍රහ්ම හිස සලා කීවේය.  
සිය මුත්තණුවන්ගේ හිතෙහි පැන නැගුණු අප්‍රසන්න සිතුවිලි රාවණට වැටහිණ. එසේම ඔහුගේ දෙනෙතද මැළවී ගියේය.  
කෙසේ වුවත් රාවණ හමුවේ ලොව පවතින සියලු බලගතු ආයුධ මැවිණි. ඒ සමගම බ්‍රහ්ම අතුරුදන් වූයේය.  
රාවණ බලයෙන් උදම් විය.  
සමස්ත ලෝකය හමුවේ ත්‍රස්තවාදය පැතිර වූ රාවණ යාබද රාජ්‍යවලට පහරදීමට පටන්ගත්තේය. පෘථිවියේ සමස්ත බලය තමන් වෙත ලබාගැනීම රාවණගේ පරම පැතුම විය. සිය අවි බලයෙන් සියලු රාජධානි විනාශ කළ ඔහු ඒ සියලු රාජධානිවල තම බලය පැතිරවීය. ඒ ඒ රාජධානිවල සිටි සුරූපී කතුන් සියලු දෙනා තම මැදුරට ගෙන්වාගත්තේය.  
මෙසේ රටින් රටට යමින් තම බලපරාක්‍රමය පැතිර වූ රාවණ අවසානයේ අයෝධ්‍යා පුරවරයට ගියේය.  
එවිට අයෝධ්‍යාව පාලනය කරමින් සිටියේ අනාරන්‍ය රජුය. ලොව බලවත් රජකු වූ ඔහු රාවණට පහසුවෙන් බලය ලබාගන්නට ඉඩ දුන්නේ නැත. එහි ප්‍රතිඵලය වූයේ රාවණ සහ අනාරන්‍ය අතර හටගත් සටන දිගු කාලයක් පැවතීමය.  
එසේ වුවත් රාවණ, අනාරන්‍ය රජුට වඩා ශක්තියෙන් ද බළ සෙනගින්ද වැඩි විය. එහෙත් එතෙක් සටන් වැදුණු අනෙක් රජවරු හා සසඳන විට අනාරන්‍ය රජු එඩිතර පුද්ගලයෙකු විය.  
රාවණගේ දෙනෙත් දිහා ඍජුවම බලා සිටින්නට තරම් ඔහු ශක්තිවන්තයෙක්ද වූයේය.   
“ඔබ මහා නරුමයෙක්... ඔබ මුළු ලෝකයම විනාශ කළා.”  
අනාරන්‍ය රජු එසේ කීවේ සිය අවසන් වදන ලෙසිනි. අවසානයේදී ඔහුද රාවණගේ අසමාන බලය හමුවේ පරාජයට පත්විය.  
ඉනික්බිති රාවණ තව තවත් රාජධානි විනාශයට පත්කරමින් ඉදිරියට ගියේය. ඉසිවර නාරද රාවණට මුණගැහෙන්නේ මේ අතරතුරය.  
රාවණ දුටු විගසම නාරායන නාරායන යනුවෙන් සිය සුපුරුදු වාක්‍ය තෙපලූ ඉසිවර නාරද රාවණ දෙස ඍජු බැල්මක් හෙළුවේය.  
ඉසිවර නාරද ඊළඟ මොහොතේ විෂ්ණු වෙනුවෙන් බැතිබර ගීතයක්ද ගායනා කළේය.  
“ඇයි ඔබට කුමක්ද අවශ්‍ය.”  
කෝපයට පත් රාවණ ඉසිවර නාරදගේ අැඟට කඩා පැන්නේය. තම දෙනෙත රාවණ වෙත යොමු කළ ඉසිවර නාරද සංසුන් ලෙසම කතා කළේය.  
“මගේ මිත්‍රයා ඔබට වැරැද්දක් සිදු වෙලා වගෙයි පේන්නෙ. ඔබ සියලු මිනිසුන්ට පහර දෙමින් රාජධානි විනාශ කරමින් කරන්නේ ලොකු වැරැද්දක්.”  
රාවණ සිටියේ කෝපයෙනි. ඒ මේ වියපත් මිනිසා තමන්ට මිත්‍රයා ලෙස ඇමතීම නිසාය. මේ තරම් බලසම්පන්න රජකු වූ තමන්ට මිත්‍රලීලාවෙන් කතා කරන මේ මිනිසා කව්දැයි රාවණ කල්පනා කළේය.  
“මොකක්ද ඔබ කිව්වෙ”  
රාවණ යළිදු ඇසුවේය.  
ඉසිවර නාරද මද සිනා පෑවේය.  
“ඔබ මිනිසුන්ට පහර දෙනවා. ඔවුන් වගේම රට රටවල් විනාශයට පත් කරනවා. ඇයි ඔබ දෙවියන්ට පහර නොදෙන්නේ.”  
රාවණ විපිලිසරව ඉසිවර නාරද ​ෙදස බලා සිටියේය.  
“ඇයි ඔබ යම රජුට පහර නොදෙන්නෙ. ඔහු නේද අපායේ රජු.”  
රාවණා තවදුරටත් ඉසිවර නාරද දෙසම බලා සිටියේය. ඔහුගේ දෙනෙත් පුදුමයෙන් විවරව තිබිණි.  
රාවණට යමරජු සිහිපත් වූයේ එවිටය. ඔහුගේ අත පැළඳි රත්තරන් මුදුව බොහෝ බලසම්පන්න බවද රාවණට පසක් විය.  
“යම කියන්නේ රජෙක්. ඔහුට පහරදී ඔහු පරාජය කිරීමට හැකි වන්නේ ඔබට පමණයි. ඔබ කළ යුත්තේ එයයි.“  


ඉසිවර නාරද සිය දෙනෙත රාවණ වෙතම යොමුකර ගෙන සිටියේය. රාවණ ඉහළටත් පහළටත් හිස සැලුවේ නාරද ඉසිවරගේ කියමන පිළිගත් ලෙසිනි.  

 


ලබන සතියට  


ශාන්ත කුමාර විතාන