ලෝකයට කාබන් නිකුත් කිරීම ඉතා ඉක්මනින් නැවැත්වූයේ හෝ අවම කළේ නැත්නම්, හිමාල කඳුවැටිය දිය වී යාමේ අවදානමක් ඇතැයි හින්දු කුෂ් හිමාලයා ඇසෙස්මන්ට් නමැති වාර්තාවකින් හෙළිව තිබේ.
ඒ අනුව අනාගතයේදී ලෝකයේ උෂ්ණත්වය සෙල්සියක් අංශක 1.5 ට සීමා කර තැබුවත්, හින්දු කුෂ් හිමාලයා කඳුවැටි කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක තුනකින් පමණ ඉහළ ගොස් පවතිනු ඇතැයි ද, ඉහළ හිමාලයා සහ කාර්කෝරම් කඳුවැටි කලාපවල උෂ්ණත්වය දශම හතකින් පමණ ඉහළ ගොසින් තිබෙනු ඇතැයි ද කියැවේ.
විශාල පරිමාණයකින් ඒ කලාපයේ උණුසුම ඉහළ යාම, වන සත්ත්ව ජීවිතය ඇතුළු ජෛව විවිධත්වයට හානිකරය. එමෙන්ම කලාපයේ මිනිසුන්ට ජල ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවෙනු ඇත. ග්ලැසියර දියවී යාම නිසා ඒ කලාපයේ ජලවහන රටාව වෙනස් වී, ජල හිඟයක් ඇති වෙන්නට ඉඩ තිබෙන අතර එය සෘජුවම කලාපයේ මිනිසුන්ගේ ප්‍රධාන ජීවිකාවන් වන කෘෂිකර්මාන්තය සහ සත්ව පාලනයට අහිතකර බලපෑම් එල්ල කරනු ඇත.
සුදු පැහැයෙන් බබලමින් තිබූ හිමාල කඳුවැටියේ දැන් දැන් තැනින් තැන කළු පැහැ පාෂාණ පෙනෙන්නට පටන් ගෙන තිබේ. නේපාලි ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන අන්දමට හිමාල කඳුවැටිය දිය වී යන්නේ අයිස්ක්‍රීම් කෝන් එකක් දියවී යන්නාක් මෙනි.
දේශගුණ විපර්යාසයෙන් හිමාලයට සිදුවෙන හානිය කෙරෙහි අන්තර්ජාතික අවධානය යොමු කිරීම සඳහා සාගර්මාත් සම්බාද් හෙවත් එවරස්ට් කතිකාව යනුවෙන් වැඩසටහනක් 2020 අප්‍රේල් මස 2- 4 දක්වා පැවැත්වීමට නේපාල රජය තීරණය කර ඇත. නේපාලයේ විදේශ කටයුතු අමාත්‍යාංශය තවත් ආයතන දෙකක් සමඟ සහයෝගයෙන් පැවැත්වීමට නියමිත මෙම වැඩසටහනෙහි තේමාව දේශගුණ විපර්යාසය, කඳුවැටි සහ මානව සංහතියේ අනාගතය යන්නයි. හිමාල පටියේ අනාගතය උදෙසා එවැනි සම්මුති වසරකට දෙකකට වරක් පැවැත්වීමට නේපාල රජය තීරණය කර ඇත.
2019 දෙසැම්බර් මස 2 - 13 දක්වා ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවේදී, පැරිස් සම්මුතියට අනුව යමින්, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට සීමා කර තබාගත යුතු බවට අවම දියුණුවක් ලැබූ රටවල් දැඩි හඬක් නැගූහ. එම රටවලින් එකක් වෙන නේපාලය ද ඒ සම්බන්ධව හඬ අවදි කළේය. නේපාලය, දේශගුණ විපර්යාසයෙන් දැඩි හානියක් සිදුවෙන රටක් ලෙස හඳුන්වා ඇත. හින්දු කුෂ් හා හිමාල වැනි උස කඳුවැටිවලට ගෝලීය උණුසුම ඉහළ යාම ලෝකයේ වෙනත් කලාපවලට වඩා දැඩිව බලපායි. මෙම දැවෙන දේශගුණ ගැටලු නිසා වැඩි හානියක් සිදුවෙන්නේ දුගී සහ එසේ වීම සඳහා වැඩි සම්භාවිතාවක් ඇති රටවලටයි.
නේපාලයේ කඳුකර පෙදෙස්වල ජනයා දැනටමත් දේශගුණය වෙනස්වීමට ඔරොත්තු දීමට නොහැකිව සිටිති. වැසි රටාව වෙනස් වෙන නිසා කඳුකරයේ ගොවිතැන් කරන මිනිසුන් පත්ව තිබෙන්නේ දැඩි දුෂ්කරතාවකටය. නේපාලයේ දේශගුණය ගැන අනාවැකි පළ කර තිබෙන අන්දමට මේ සියවසේ අවසානය වෙන විට නේපාලයේ දේශගුණය වඩා උණුසුම් හා තෙත් ස්වභාවයක් ගනු ඇත.
නිසංසලා
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හිමාල කඳුවැටිය අනතුරේ
dam Sunday, 16 February 2020 03:19 PM
සොබාදහම විනාශ කළ අයට සොබාදහමින් දඩුවම් දෙනු ඇත. එය දැනටමත් ආරම්භ වී ඇත. බුදුන් පවා සොබාදහමට ගරු කළ බව පොත්පත්වල පවා සඳහන් වී ඇත.මිනිසුන්ගේ දියුණුව දිනක මිනිසුන් විනාශ කරගනු ඇති බන මට සිතේ.