IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හඳහන බලා සේවකයන් තෝරා ගන්න

 

මම එක දවසක් රූපවාහිනී යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ඒවා විකුණන සාප්පුවකට ගියෙමි. එහි සිටි සේවක සේවිකාවන්ට ඒවා ගැන හොඳ දැනීමක් නොතිබුණි. ඒවා උස්සා ගෙනවිත් ක්‍රියාකර පෙන්වීමේ දක්ෂතාව ඔවුන්ට නොතිබුණි. වරද්ද වරද්දා එහෙන් මෙහෙන් වයර් සම්බන්ධ කර රූපවාහිනිය යන්තම් ක්‍රියාකරවා පෙන්වීමට ඔවුහු සමත් වූහ. මෙසේ වන්නේ සේවකයින්ගේ කාර්යසූර බවක් නොතිබීමයි. අඩු පඩියට වැඩට ගත්තත් කාර්යය හරියට ඉටු නොවේ. හෝටල් හෝ වෙනත් ආයතනවලට ද මෙය එක​ සේ බලපායි.  


ඉහත සඳහන් අවස්ථාවේදී මට එක වරටම මතක් වුණේ එක්තරා තරුණයෙකි. ඔහුට විදුලි කාර්මික වැඩ, පයිප්ප වැඩ, ගෙවත්තේ වැඩ, බර ඉසිලීම, උඩට නැගීම ආදී නොයෙක් දේ ඉතා දක්ෂව කිරීමේ හැකියාව තිබුණි.  


ආයතනයක සේවයට ගත යුත්තේ එවැනි අයය. බලවත් කුජ දහයේ සිටීම බොහෝ කාර්යයන්හි දක්ෂයකු වීමට හේතුවේ. කම්මැලිකමක් ඇති නොවේ. කොතරම් වැඩ කළත් ඇතිවීමක් නැත. ඔහු ඉහළ වැටුප් සොයා යන්නකු විය හැකිය. එහෙත් එයින් ආයතන අයිතිකරුට පාඩුවක් ඇති නොවේ. කුමන විදියේ වැඩකට සේවකයකු ගත්තත් ඔහුගේ හඳහනේ බුධ බලවත්ව තිබීම බුද්ධිමත්ව කටයුතු කිරීමේ හැකියාව ලබාදෙයි. එමෙන්ම රවි, ගුරු යන ග්‍රහයින් ද බලවත් වන තරමට හොඳය.


එහෙත් රවි උච්ච අයකු එනම් රවි මේෂ රාශියේ සිටින අයකු ඔබේ සේවකයකු වශයෙන් නොගැනීමට වගබලා ගන්න. රවි උච්ච වූ විට ඔහු ඔබට යටත් නොවනු ඇත. ඔහු කිසිවකුටත් හිස පහත් කිරීමට කැමැති ​නොවනු ඇත. ඔබටත් ඉහළින් කටයුතු කිරීමට ඔහු පෙළඹෙනු ඇත. (එහෙත් රවි උච්ච වීම ඉතා යහපත් දෙයකි. ඔවුහු නරක අය නොවෙති) ඔබේ ආයතනයට සේවකයින් ගැනීමේදී මෙම කරුණු ගැන සැලකිලිමත් වීම ඔබේත් ආයතන​යේත් දියුණුවට හේතු වනු ඇත.  


විවාහයේදී හඳහන් බැලීම ඉතා වැදගත්ය. අද සමාජයේ බොහෝදෙනා පුරුදු වී ඇත්තේ දෙදෙනාගේ පොරොන්දම් පමණක් බලා විවාහ සිදු කිරීමටය. මා බලා ඇති පොරොන්දම් දහස් ගණනකින් දහයකට අඩුවෙන් ශුභ වූ හඳහන් දෙකක් මට හමු වී නැත. මෙසේ ශුභ යයි කියන්නේ දහයකට වැඩියෙන් ශුභ වූ පොරොන්දම්ය. මෙයින් අදහස් කෙරෙන්නේ ඕනෑම දෙදෙනකුගේ පොරොන්දම් ශුභ වන බවය. පොරොන්දම් පමණක් බලා විවාහ වීමේ තේරුමක් නැති බව මෙයින් පැහැදිලි වේ. පොරොන්දම්වලින් සියයට කීයක් ශූභදැයි දැන ගැනීමට බොහෝදෙනා උත්සුක වෙති. පොරොන්දම් සියයට සියයක් ගැලපුණත් එවැනි තේරීමකින් විවාහ සාර්ථක වන්නේ නැත. ග්‍රහ පිහිටීම් ගැන අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතුය. විවාහ වන දෙදෙනාගේ හත්වැන්න ගැලපෙනවාදැයි පළමුව බැලිය යුතුය. ඊළඟට වෙනත් නොගැලපීම් ඇත්දැයි බැලිය යුතුය. කුජ සිකුරු, කුජ ශනි, කුජ කේතු, රාහුගේ නීච වීම, සිකුරුගේ නීච වීම ආදිය සැළකිල්ලට ගත යුතුය. සිකුරු නීච අයකුත් සිකුරු බලවත් අයෙකුත් විවාහවීම නරකය.  


කුජ ශනි යෝගය ඇති අයකුත් නැති අයකුත්, කුජ සිකුරු යෝගය ඇති අයකුත් නැති අයකුත් විවාහ වීම අනවශ්‍ය කරදර ඇති කරගෙන ජීවිත අඳුරට යොමුකර ගැනීමකි. විවාහයේදී බලවත්ම ග්‍රහයින් තුන්දෙනෙකුත් බලයෙන් අඩුම ග්‍රහයින් තුන්දෙනෙකුත් ඒ අතර මධ්‍යම ප්‍රමාණයේ බලවත් ග්‍රහයින් තුන්දෙනකුත් ඇත. 

 
1. කණ්ඩායම - රවි, කුජ, රාහු  
2. කණ්ඩායම - සිකුරු, බුධ, චන්ද්‍රයා  
3. කණ්ඩායම - ගුරු, ශනි, කේතු  


විවාහ විය යුත්තේ මේ කණ්ඩායම් ඇතුළතය. එක කණ්ඩායමකින් පිට අයකු හා විවාහ වීම හතේ බලය අඩු වැඩි දෙදෙනකු විවාහවීමකි. දෙදෙනාගේම හත්වැන්නේ සිටින ග්‍රහයින් සමාන බලවත්කමකින් සිටිය යුතුය. පළමු කණ්ඩායමේ ග්‍රහයින් ගේ බලය සමාන වුවත් රාහුගේ ක්‍රියාකාරිත්වයන් වෙනස් නිසා හතේ රවි හෝ කුජ සිටින කෙනකුට (වෙනත් ඕනෑම ග්‍රහයකු හතේ සිටින කෙනකුට) හතේ රාහු සිටින අයකු නොගැලපේ. හතේ රාහු සිටින අයකුට හතේ රාහු සිටින අයකුම ගැළපේ. වෙනත් විකල්ප නැත.  


සමහරු විවාහ වන්නේ තම අවශ්‍යතාවට වඩා මවුපියන්ගේ හා සමාජයේ අවශ්‍යතාවයටය. අවිවාහකව සිටීමෙන් දෙමවුපියන්ගෙන් ඇතිවන කරදරයෙනුත් සමාජයෙන් ඇති වන උපහාස අපහාස යනුත් වළක්වා ගැනීමට සමහරු විවාහ වෙති. මෙවැනි විවාහ සාර්ථක වන්නේ ද නැත.  

 

 


විශ්‍රාමලත් විදුහල්පති, ජ්‍යොතිර්වේදී  
එඩී කරුණාතිලක  
32, ගලවැටිමෝදර පාර, නල්ලූරුව, පානදුර. 



අදහස් (0)

හඳහන බලා සේවකයන් තෝරා ගන්න

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10905 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5917 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5230 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site