IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සුද්දන්ට නරියා කන්ද වූ දියතලාවේ කළුගල පතන

 

ලොවම ප්‍රසිද්ධියක් උසුලන නරියා කන්ද හෙවත් ෆොක්ස් හිල් තියෙන්නේ දියතලාව නගරය ආසන්නයේ කියලා කවුරුත් දන්නවා. දියතලාව ආසන්නයෙන් බස් පාරේ හරි, කෝච්චියේ හරි යනවා නම්, ‘‘අන්න නරියා කන්ද පේනවා’’ කියලා ළඟ ඉන්න කාට හරි පෙන්වන්න උත්සුක වෙනවා. ඒ තරමටම ලොකු කුඩා කා අතරත් නරියා කන්ද ප්‍රසිද්ධයි. නරියා කන්දේ තමයි සුප්‍රසිද්ධ මෝටර් කාර් සහ බයිසිකල් තරගාවලිය පවත්වන ධාවන පථය තියෙන්නේ. දියතලාව එහෙම නැත්නම් විදේශිකයන්ගේ සුබපැතුම් නිම්නය ආරම්භවන්නේ 1885 වර්ෂයේදී ගරු සැමුවෙල් ලන්ගොනන්ඩි කියන මෙතෝදිස්ත පියතුමා අතිනුයි. ඒවාගේම එතුමා තමයි දියතලාවට පැමිණි ප්‍රථම විදේශීය ජාතිකයා වශයෙන් ලේඛන ගත වෙලා තියෙන්නේ. 


සැමුවෙල් ලන්ගොනන්ඩි පියතුමා දියතලාවට ඇවිල්ලා අලි අනාථාගාරයක් සහ පාඨශාලාවක් පටන් ගත්තා. ඒ අතර තවත් මෙතෝදිස්ත පියතුමෙක් දියතලාවට ඇවිල්ලා කාර්මික පාසලක් පටන් ගත්තා. ඒ අවදිය වන විට ලංකාව බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත් රටක්. 1900 දී මේ සියල්ලම බ්‍රිතාන්‍යයන් විසින් රජයට පවරා ගෙන සියල්ලම දියතලාවෙන් ඉවත් කරනවා. ඒ බෝයර් සිරකරුවන් රැඳවීම සඳහායි. 


කවුද මේ බෝයර් සිරකරුවන්. 1877, 1899-1902 කාලයේ මහා බ්‍රිතාන්‍යයන් හා දකුණු අප්‍රිකානු ලන්දේසි සම්භවයක් ඇති බෝයර්වරුන් සමග දරුණු යුද්ධයක් පටන් ගත්තා. මෙම බෝයර්වරු 1600 දී ලන්දේසි පෙරදිග ඉන්දියානු සමාගමේ සේවයට පැමිණි ලන්දේසි ජාතිකයන්ගෙන් පැවතගෙන එන පිරිසක්. බ්‍රිතාන්‍යයන් විසින් 1877, 1899-1902 සමයේදී බෝයර්වරු විශාල සංඛ්‍යාවක් සිරකරුවන් වශයෙන් බ්‍රිතාන්‍ය යටත්විජිත රටවලට පිටුවහල් කළා. ඒ අතර දකුණු අප්‍රිකානු ට්‍රාන්ස්වල් හා ඔරේන්ජ් ෆා යන ප්‍රාන්තවලින් අල්ලා ගනු ලැබූ සිරකරුවන් ලංකාවට රැගෙන ආවා. ඔවුන්ගේ තාවකාලික නවාතැන වශයෙන් අද දියතලාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා යුද හමුදා කඳවුර ඇති භූමියේ රඳවනු ලැබුවේ දැඩි ආරක්ෂාව යටතේය. ඔවුන් සිරකරුවන් බවට පත්වුනත් වෘතියෙන් වෛද්‍යවරු, ඉංජිනේරුවන් වැනි අයත් එහි සිටියා. 


මේ අවදිය වන විට දියතලාවේ පිහිටා තියෙන නරියාකන්ද හඳුන්වනු ලැබුවේ කළුගල පතනකන්ද විදිහටයි. ඒ වුනාට 1913 දී ලංකාවේ ත්‍රිකුණාමලය වරායට බ්‍රිතාන්‍ය රාජකීයන්ට අයත් HMS-Fox නැමැති නෞකාව ළඟාවෙනවා. එම නෞකාව අලුත්වැඩියා කටයුත්තක් සඳහා මාස ගණනාවක් ත්‍රිකුණාමලය වරායේ නතරකර තැබීමට සිදුවෙනවා. ඒ අතරතුර HMS - Fox නෞකාවේ නාවිකයන් දියතලාව යුද්‍ හමුදා කඳවුරට විවේක ගැනීම සඳහා පැමිණෙනවා. ඔවුන් දියතලාවට පැමිණීමෙන් අනතුරුව බෝයර් සිරකරුවන්ගේද සහය ඇතිව කළුගල කන්දේ තම නැවේ සුරතල් නරියාගේ අනුරුවක් සුදුපාට තිරුවාණ ගල්කැට උපයෝගී කරගෙන සාදනවා. ඒ එම නාවිකයන්ගේ දියතලාව ගමන සිහිවීම පිණිසත් HMS-Fox නම් තම නැව සිහිවීම පිණිසත්ය. නැවේ නාමයට අමතරව එහි 1913 වර්ෂයත් එහි තිරුවාණ ගලින් නිර්මාණය කරලා තියෙනවා. 


නරියා කන්දට ඉදිරියෙන් ඇති කන්දේ ඓතිහාසික නුගරුකක් තියෙනවා. එම වෘක්ෂය වර්ෂ 100 කටත් වඩා පැරණි යැයි පැවසෙනවා. එම නුගරුක තියෙන කන්ද වන්-ට්‍රී-හිල් කියලයි හඳුන්වන්නේ. එසේම නරියා කන්දේ තියෙන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් රේසින් ට්‍රැක් ජර්මනියේ හෑන්ස් රුල්ෆ නැමැත්තා විසින් 1993 වර්ෂයේදී නිර්මාණය කරන ලද්දක්. අද වන විට ලෝක ප්‍රසිද්ධ ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය සෑම වර්ෂයකම අප්‍රේල් මාසයේ පැවැත්වෙන්නේ මෙම ධාවන පථයේය. 

 

 

 

 


ඡායාරූප අනුග්‍රහය 

ශ්‍රී ලංකා යුද හමුදා ඇකඩමිය, දියතලාව 
සටහන: බණ්ඩාරවෙල ඉන්දක කරුණාද‌ාස 

 



අදහස් (0)

සුද්දන්ට නරියා කන්ද වූ දියතලාවේ කළුගල පතන

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10904 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6202 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5914 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5219 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1701 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site