IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විදු ඇසින් හා බුදු ඇසින් දකින කර්මය, අපරාධය හා දඬුවම

 

 

චේතනාහං භික්ඛවේ- කම්මං වදාමි  
චේතයිත්වා කම්මං කරොති - කායෙන වාචාය, මනසා  


මම චේතනාව කර්මය යැයි දේශනා කරමි. චේතනාවට අනුව කයින් වචනයෙන් මනසින් කර්ම සිදුකරයි.  


ඒ බුද්ධ දේශනාවයි. විද්‍යාඥ මාසල් වෝගල් චේතනාව ප්‍රබල ශක්තියක් නිකුත් කරන බව පෙන්වා දුන් අතර ආචාර්ය ජැක් වෝඩ් හා ඩේවිඩ් තොම්ප්සන් පෙන්වා දුන්නේ පුද්ගලයකුගේ චේතනාව මගින් නිකුත් කරන ශක්ති කිරණ තවත් පුද්ගලයකුගේ ශක්ති පද්ධතියට ක්‍ෂණිකව බලපැම් කර ඒ තුළින් එම පුද්ගලයාගේ සිතටත් ගතටත් යම් බලපෑමක් කරන්නට හැකි බවයි.  


The positive Effect of prayer on psychic vol 3 1972 Robert N. miller)  


 මෙම පොතේ ආචාර්ය මිලර් හා ආචාර්ය රීන් හාට් යන විද්‍යාඥයන් හිතේ ශක්තියෙන් සැතපුම් හයසියක දුර සිට වෙනත් පුද්ගලයකුගේ ශක්ති පද්ධතියට බලපෑමක් කරන්න හැකි බව පෙන්වා දී ඇත.  


මේ අනුව යම් රෝගියකු නිවස තුළ හෝ රෝහලක සිටිනවිට තමන්ගේ ඤාති මිත්‍රයන් බෝධියකට පන්සලකට හෝ ආගමික ස්ථානයකට ගොස් මල් පහන් ගිලන්පස සුවඳ දුම් පූජාකොට ත්‍රිවිධ රත්නයට වඳින ගාථා කියා මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව ආදී භාවනා සිදු කොට පිරිත් කියා දෙවියන්ට ඥාතීන්ට පින් දී රෝගියාට සෙත් පැතීමේදී යම් ධනාත්මක ප්‍රතිඵලයක් ඇතිවන බව අපට සිතාගැනීමට හැකිවේ. අපේ චේතනාව ඉතාම අවංකව ශ්‍රද්ධාවෙන් කරන විට මේවායේ ප්‍රතිඵල වැඩිවන බවද පෙනීයන කරුණකි. බෞද්ධ පමණක් නොව වෙනත් ආගමික භක්තිකයනටද තම තමාගේ අාගම්වලට අනුකූලව යහපත් චේතනාවෙන් මෙවැනි වත්පිළිවෙත් කර සෙත් පැතීමේදී යහපත් ප්‍රතිඵලයක් ඇතිවන බව මෙම විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණවලදී පැහැදිලි වන්නේය.  


​වෛර කිරිම් වේවා මෛත්‍රී කිරීම් වේවා කුමන චේතනාවකදී හෝ හුදෙක් ශරීරය තුළ උපදින සිතුවිල්ලක් පමණක් නොව අවකාශය හා විශ්වය හරහා ගමන්ගන්නා ශක්ති විශේෂයක් බව විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණ මගින් පැහැදිලි වී ඇත. කොමියුනිස්ට් සෝවියට් දේශයේ විද්‍යාඥයන්ගෙන් සැදුන පොපොව් විද්‍යාඥ කණ්ඩයම මෙම සිතවිලිවලට අදාළ පර්​ෙ‌ය්ෂණ කර ඉහත සඳහන් ප්‍රතිඵල ලබාගෙන ඇත.  


යහපත් කර්ම කිරීමේදී එම සිතුවිලි තරංගයට යහපත් ප්‍රතිඵලයක් ඇතිවන බවද අයහපත් කර්ම කිරීමේදී අයහපත් ප්‍රතිඵල නැත්නම් ප්‍රතික්‍රියා ඇතිවන බව එම විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණ පෙන්වා දෙන විට බදු දහමේ ධම්ම පදය පාලියේ (යමක වග්ගයේ පඨමා) සඳහන් මනෝ පුබ්බංග මා ධම්මා යන ගාථාව මතක් වන්නේය. එයින් දැක්වෙන්නේ සිතේ ඇතිවන ගතිවලට සිත පෙරටුකොට ඇත්තේය. යමෙක් කිළිටි සිතින් යමක් කරයි නම් කියයි නම් කරත්තය අදින ගොනු පසු පස කරත්ත රෝදය යන්නා සේ දුක තමා පසු පසු යන බවයි. එහි අනෙක් ගාථාවෙන් කියැවෙන්නේ හොඳ සිතින් යමක් කියන්නේ නම් හෝ කරන්නේ නම් සැප ලුහුබඳින්නේ තමා පසුපස යන සෙවණැල්ල වාගේ යන්නයි. මෙහිදී දුක බරක් බවත් සැප සැහැල්ලුවක් බවත් ගම්‍ය වන්නේය. යහපත් චේතනා සිතිවිලිවල ප්‍රතික්‍රියාව යහපතක්ම වන අතර අයහපත් සිතිවිලි තරංග ප්‍රතික්‍රියාව අයහපතක්ම වන්නේය. භෞතික සිද්ධාන්තයක් වන සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත යන්න කර්ම වාදයට ද අඩු වැඩි වශයෙන් බලපාන බව මේවායින් පෙනී යයි.   
විශ්වයේ ක්‍රියාකාරීත්වය යම් රටාවක් අනුව සිදුවන බව නවීන විද්‍යාඥයන්ද සොයාගෙන ඇත. මෙය විශ්ව ධර්මතාවය නමින් හඳුන්වයි. බුද්ධ දේශනාවට අනුව මෙය ධම්ම නමින් හැඳින් වේ. සත්වයකු මැරෙමින් නැවත උපදිමින් සසර සැරිසරන්නේ කර්ම ශක්තියට අනුව බවද මෙම කර්ම ක්‍ෂය කළ විට සසර ගමන නවතින බවද බුදු දහම අවධාරණය කරයි.  
 එයද ධම්ම නියාමයයි. විශ්ව ධර්මතාවය යම් රටාවකට කිසිවෙකුට හානියක් සිදු නොවී ගමන් කරන විට ප්‍රතික්‍රියාවත් කිසිවෙකුට හානියක් නැතිව ගමන් කරයි. නමුත් මිනිසා විසින් විශ්ව ධර්මතාවයට පටහැනිව එම යහපත් රටාවට ගලා යන්නට නොදී වෙනස් කරන්නේ නම් විශ්ව ධර්මතාවයෙන්ම අයහපත් ප්‍රතික්‍රියා ඇතිවී විශාල අයහපතක් හානියක් මිනිසාට සිදුවේ. එසේ වන්නේ ධම්ම යන්නේ ස්වභාවයට අනුවය. අපට අවශ්‍ය පරිදි ධර්ම යන ස්වාභාවය වෙනස් කළ නොහැක. ක්‍රියාවට අනුව ප්‍රතික්‍රියාව ඇතිවනු ඇත.  
අපට ජීවිත් වීමට අයිතියක් ඇත. අන් සියලු ජීවිතවලටද ජීවත් වීමට අයිතිය තිබේ. අපගේ මූලික අවශ්‍යතා සපුරා ගනිමින් ජීවත් වන විට අපේ ජීවිතය රැක ගැනීම සඳහා ප්‍රමාණය ඉක්මවා සෙසු ජීවිත සමග ​​ෙසල්ලම් කිරීමට අපට ඇති අයිතිය කුමක්ද? වෙනත් ජීවිතයක සාමකාමී පැවැත්ම විනාශ කිරීමට අපට ඇති අයිතිය කුමක්ද?  
අනෙකුත් ජීවීන් විනාශ කොට අපේ පැවැත්ම හදා ගන්නවා නම් එය ධම්ම යන්නට විරුදධය. ඒ නිසා අනිවාර්යයෙන්ම විශාල වශයෙන් රෝග වාහක බැක්ටීරියා හා වෛරස් ලෝකයේ බිහිවේ. අද ඇතිවී තිබෙන භයානක වෛරසය පවා ඇතිවී තිබෙන්නේ මේ ධම්ම නීතියට අනුව ක්‍රියා නොකිරීම නිසාය. සතුන්ගේ මස් කන්නට හුරු වූ දා සිට මිනිසාට බොහෝ වසංගත රෝග ඇතිවන්නට පටන් ගත් බව දහමේ සඳහන් වේ.  


සතුන් මරා මස් කන සතුන්ගේ කුඩා බඩවැල ඉතා කෙටිය. ඉක්මනින් මස් ජීර්ණයවී අවශෝෂණය කර ගන්නට ඔවුන් සකස්වී ඇත. ඒ සතුන්ගේ ධර්මතාවයය. මිනිසාගේ කුඩා බඩවැල ඉතා දීර්ඝව පිහිටා තිබෙන්නේ සත්ව මාංසයෙන් තොරව ඇති ආහාර ජීර්ණය සඳහා සකස්වී තිබීම නිසාය. ඒ මිනිසාගේ ධර්මතාවයි. එයට පටහැණිව ක්‍රියා කරන්නේ නම් ස්වභාව ධර්මයෙන් අපට අයහපත් ප්‍රතිඵල විඳින්නට සිදු වනු ඇත. අද මේ තරම් රෝග ඇතිවී තිබෙන්නේද ඒ ධර්මතාවට විරුද්ධව ක්‍රියා කරන නිසාය.  
තමාගේ ආත්මාර්ථකාමී ආශාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා සෙසු අයගේ සාධාරණ සැප විහරණය අවුල් කිරී​මේ චේතනාවෙන් යමෙක් අවුල් කරන්නේ නම් එය ධර්මතාවට විරුද්ධවීමකි. වෙන කෙනෙකු වෙහෙසී උපයා ගත් දෙයක් බලහත්කාරයෙන් හෝ වංචාවෙන් තමන් සතුකර ගන්නට හෝ ලාභ ලැබීමට වෙන අයෙකුට අයිතියක් නැත.  
රාජ්‍ය සේවකයෙක් හෝ පෞද්ගලික අංශයේ සේවකයකු තමන් ගන්නා වැටුපට සරිලන සේවයක් නොකළහොත් හෝ අල්ලසක් ගතහොත් එය ධර්මතාවට විරුද්ධ වීමකි. එයින් තමාටත් පොදුවේ සමාජයටත් වන්නේ බරපතළ අපරාධයකි. ප්‍රතික්‍රියාව ඊට සමානව අසහනය හා අවුල ඇතිවනු ඇත.  


තමාගේ මුළු ශක්තියම යොදා ගොඩනගාගෙන සාමයෙන් හා අන්‍යොන්‍ය ප්‍රමේයයෙන් දිවි ගෙවන පවුලකට වෙනත් කෙනෙකු විසින් හිත තමා වෙත අවනත කරගෙන එම පවුල කිලිටි කිරීමට එම අයට කිසිම අයිතියක් නැත. එය දහමට විරුද්ධය. ප්‍රතික්‍රියාව අතිශයින් අනතුරුදායකය. අද සමාජයේ පවුල් අවුල් වී ඇත්තේ එම ප්‍රතික්‍රියාවල ප්‍රතිඵල වශයෙන් නොවේද? බොරු කියා කපටි හැසිරීම්වලින් සෙසු ලෝකයා රැවටීමට කිසිවෙකුට කිසිම අයිතියක් නැත. දේශපාලන වාසි ලබා ගැනීමට හෝ වෙනත් දෙයක් ලබා ගැනීමට බොරු කියනවා නම් එය ධර්මයට විරුද්ධය. ප්‍රතිඵලය අයහපතක්ම මිස යහපතක් නොවේ. ජනමාධ්‍ය ජාලවලින් හෝ මුද්‍රිත මාධ්‍යයෙන් හෝ යමෙක් බොරු කියනවා නම් එයින්  සිදුවන විනාශය කෙබඳුද?   


හිතා මතා කටකථා පැතිරවීම නිසා සමාජය අවුල් වියවුල් භාවයට පත්වේ. එයද ධර්මයට විරුද්ධය. එයින් ලබන ආශ්වාදය හෝ විනෝදය අයහපත පිණිස පවතී. මිනිසුන්ගේ ජීවිත පවුල් පිටින් විනාශය කරා ගෙනයන මත්ද්‍රව්‍ය මත්වතුර භාවිතා කිරීම නිෂ්පාදනය වෙළඳාම පවා ධර්මයට පටහැනිය. ඒවායින් සිදුවන විනාශය නිමක් නැත. පවුල් අවුල් වීම, රෝගී ජනතාවක් බිහිවීම, බෙලහීන වීම, අවසිහියෙන් වැඩකිරීම ආදී කොපමණ විනාශයක් ඇතිවන්නේද? ඒ සියල්ල සිදුවන්නේ ධර්මයට පටහැණිව ක්‍රියා කිරීම නිසාය.  
අද අන් ජාතීන්ට වඩා ගම් නියම්ගම් බලන විට මතින් වඩාත් පිරිහෙන්නේ සිංහල බෞද්ධයා බව පෙනෙන්නට තිබේ. අන්‍ය ජාතීහු තමන්​ගේ ආගම නාමයෙන් මත් නොවෙති. සිංහල බෞද්ධයාට මත්වීමට කිසිම බාධාවක් ආගමෙන් නැති ගානය. පංචශීලයේ පස්වෙනි සිල්පදය කුමක්ද කියාවත් සිංහල බෞද්ධයන් සමහරෙක් නොදන්නවා සේය. ​මේවා ලියන්නේ වේදනාවෙනි.  


මත්වීම නිසා මානසික රෝග සෑදුණ අය කොතෙක් සිටීද? වසවිෂ වෙ​ෙළඳාම, අවි ආයුධ සාදා වෙළඳාම බුදු දහමට අනුව වරදකි. එසේ වරදක් වන්නේ එයින් සමස්ත ජීවීන්ට හානියක්ම සිදුවන නිසාය. එම ධර්මතාව යමෙක් කඩ කළහොත් තමාට වන හානිය සුළුපටු නොවේ. එසේ කරන අයට හැදෙන ලෙඩ හඳුනාගෙන ප්‍රතිකාර කරන්නට නොහැකිව හදිසියේ මරණයට පත්වන අය ගැන අසන්නට ලැබේ. ඒ එසේ ධර්මතාවයට පටහැණිව ක්‍රියාකිරීම නිසාය.  
මෙම ක්‍රියා, ප්‍රතික්‍රියා සෑම එකකම පොදු රටාවක් දක්නට ලැබේ. එනම් පුද්ගලයකු වරකදී කළ ක්‍රියාවකට සමානකම් ඇති දෙයක් ඵලය වශයෙන් ලැබේ. යම් බඳු බීජයක් රෝපණය කරන්නේනම් එයට සමාන ඵලයක් ලබයි (ධම්ම පදය) යනුවෙන් දේශනාකොට ඇත්තේ ඒ නිසාය. මෙම අදහස විස්තර කෙරෙන ඇතැම් තැනක උදාහරණ සහිතව දේශනා කොට ඇත. මජ්ජිම නිකායේ වේරංජන සූත්‍රය සාල්‍යෙයක සූත්‍රය, චුල්ල කර්ම විභංග සූත්‍රය යන සූත්‍ර ඒ පිළිබඳ විශේෂ තැන්ය.  


මිනිසා සිතන දේවලට අනුව වෙනස් වෙමින් ඔවුන්ගේ ශරීරවලින් ශක්ති විශේෂ නිකුත් වන බව මීට පෙර මා විසින් ලියන ලද ලිපිවල සඳහන් කර ඇත. මිනිසා සිතන සිතුවිලිවලට අනුව වෙනස් වන රශ්මි තරංග විවිධ කිරණවලින් යුත්තය. මිනිසා කාම කෝපාදී සිතුවිලිවලින් ඇවිස්සී සිටින විට හෝ සතුටින් ප්‍රීතියෙන් ශාන්තව සිටින විට ඊට අනුරූප තරංගව සිරුරින් පිටවීම ඡායාරූපවලින් දැන් බලාගත හැක. මේ පිළිබඳව ලියන කැලිපෝනියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මනේවිද්‍යාඥ තෙල්මා මෝස් ඉන්යුෂීන් මෙසේ දක්වා ඇත. ඒ අය විසින් කරන ලද පර්​ෙ‌ය්ෂණ පත්‍රවල මෙම ඡායාරූප අඩංගුවී ඇත. (Thelma moss The probability of impossible London 1979)   
මිනිසා සිතන සිතුවිලිවලට අනුව ඇතිවන ශක්ති විසින් අවකාශයේ යම් සටහනක් ඇති කරයි. තවත් අවකාශයේ ඇති ශක්ති හා මිශ්‍ර වී මිනිසාට අර සිතුවිල්ලට අනුව ප්‍රතික්‍රියාවක් සිදු වේ. මේ බව නවීන විද්‍යා උපකරණවලින් යම් ප්‍රමාණයකට පෙන්වා දී ඇතත් සම්පූර්ණයෙන් මෙය සිදුවන ආකාරයට උපකරණයකින් බලා ගැනීමට තරම් අධි බලැති සියුම් උපකරණ තවම නිපදවා නැති බව විද්‍යාඥයෝ සඳහන් කරති. අනාගතයේදී ඒවා නිපදවනු ඇතැයි ද බලාපොරොත්තු වේ.  
නමුත් බෞද්ධ භාවනාව තුළින් මනස දියුණු කළ අභිඤ්ඤා බල ඇති උතුමන් වහන්සේලාට මේවා ඉතා පැහැදිලිව දැකබලා ගත හැකිය.  
යුරෝපයේ හා ඇමරිකාවේ Extra sensory perception (E.S.P) නමින් හැඳින්වෙන අතීන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය සම්බන්ධ පර්​ෙ‌ය්ෂණයන්ගෙන් එක තැනක සිදුවන දෙයක් ඊට සැතපුම් දහස් ගණනකට ඈත තැනකට දැනෙන බව සොයාගෙන ඇත. ලෝකයේ විවිධ රටවල සිටින සෘෂිවරු, සාමන්වරු, අනාගත වෘක්තෘවරු, ජ්‍යොතීෂාත්‍රඥයෝ යන නම්වලින් හැඳින්වෙන සියල්ලන් ළංවීමට උත්සාහ දරා ඇත්තේ මෙම විශ්ව ශක්ති සන්නිවේදනයටය.  


මිනිසා කරන කර්මයන්ට අනුව අවකාශට නිකුත් වන තරංගය අනන්‍යය. (තමාටම ආවේණිකය Unick) මෙයට අනුව ඵල විපාකය මෙලොවදීම සිදුවිය හැකිය. බුදුදහමට අනුව පරලොව හෝ වෙනත් භවයකදී හෝ සිදු විය හැකිය. මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් ලියන ලද මෙලොවදී පලදෙන කර්ම විපාක යන පොතේ මෑත කාලයේ කළ කර්මවලට මෙලොවදීම විපාක දුන් අයුරු සිද්ධි පනහකට කිට්ටු ප්‍රමාණයකින් විග්‍රහකොට ඇත.   
සතුන් මැරූ, මිනිසුන් මැරූ, සතුන්ට වධ හිංසා කළ, නොයෙක් අල්ලස් දූෂණ කළ රාජ්‍ය නිලධාරීන්ට මෙලොවදීම පළදුන් ආකාරය එම පර්ෙ‌ය්ෂණයන්ගෙන් මනාව විස්තර කර ඇත.  


ඇමරිකන් ජාතික මනෝ වෛද්‍ය ජිනා සෙරමිනාරා ගේ ‘මෙනි මෙන්ෂන්’ (Many Mension) යන පොතේ එඩ්ගා කේසී යන පුද්ගලයා ස්වයං මෝහනයට පත්වී වෛද්‍ය ප්‍රතිකාරවලට සුව නොවන අසනීපවලට හේතුව පෙර ආත්ම භවවලදී කරන ලද පාප කර්ම නිසා බව පෙන්වා දී ඇත. ඒවාට ප්‍රතිකාර වශයෙන් කරුණාව, මෛත්‍රිය, අවිහිංසාව පුරුදු කළ යුතු බව ඔහු පෙන්වා දී ඇත. බුදු දහමේ සඳහන් චේතනාවම කර්මය වේ යන්න අපරාධ නීතියේ ද සමාන ආකාරයෙන් යෙදේ. යම් අපරාධයකදී වැරදිකරුවා වන්නේ චේතනාත්මකව අපරාධය සිදු කොට ඇත්නම් පමණය. ඇසින් දුටු සාක්‍ෂි නැත්නම් අපරාධකරුවා සමහරවිට බේරෙන්නට ඉඩ තිබේ. නමුත් විශ්ව ශක්ති ධර්මතාවයට අනුව කිසිම බේරීමක් නැත. කවුරු දැක්කත් නොදැක්කත් ඔහුගේ චේතනාවට අනුව නිකුත් වූ තරංගය ප්‍රතික්‍රියා ශක්තිය ඇත්තේ ඔහුට ඵල විපාකය කොයි තැනකදී හෝ ලබා දීමටයි. හොඳ හෝ නරක කර්මවලට විපාකය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වේ.  


සත්ව ගොවිපල ව්‍යාපාර නිසා මස් පිණිස සතුන් මැරීම, මිනී මැරුම්, මංකොල්ල කෑම්, කාම අපරාධ, බොරු කියා රුවටීම්, මත් වතුර හා මත්ද්‍රව්‍ය නිසා කරන නොපනත්කම් ආදී කොයි අපරාධයක් කළත් ඒවාට අනන්‍ය වූ කර්ම ශක්ති තරංග නිකුත් වී ප්‍රතික්‍රියාව ඊට ප්‍රතිවරුද්ධව දඬුවමක් වශයෙන් විඳින්නට සිදුවේ. අද සිදුවන අපරාධවලට ස්වභාවිකව ඇති වන දඬුවමද ඒ අකාරයට සිදුවන බව අපට සිතාගත නොහැකිද?  


ඕස්ට්‍රේලියාවේ ඔටුවන් විශාල වශයෙන් මරුවාට පසු ළැව්ගිනි අතිවූවා නේද? දැන් කුරුලු උණ නිසා අහිංසක කුරුලු කූඩු දහස් ගණනින් විනාශ කරන විට කුකුළන් දහස් ගණනින් ඝාතනය කරන විට මේ අපරාධ නිසා අලුතින් ඇතිවන වෛරස් රෝගවලට ප්‍රතිකාර සොයාගන්නට නොහැකිවනු ඇත.  අද දේශපාලනය නිසාද නීතිය නමාගන්නට හැකිවන බව අපට යම් යම් සිදුවීම්වලින් පෙනෙන විට ධර්මතාවට පටහැණිව ක්‍රියා කළහොත් විපාකය විඳින්නට අනිවාර්යයෙන්ම සිදුවන බව මෙම න්‍යායයන්ට අනුව පෙනීයයි.  
ඔබට ආරක්‍ෂාව සැලසෙන්නේ ධාර්මික දිවිපැවැත්මක් ඇති වුවහොත් පමණි. පංච දුෂ්චරිතයෙන් වැළකී සත්ව ඝාතනයට අනුබල දෙන මස් මාංශ පරිභෝජනයෙන් තොරව නිර්මාංශ ආහාරයෙන් ආගමික වත්පිළිවෙත් හරියාකාරව කර බෞද්ධයන් පමණක් නොව අන්‍ය ආගමික අයටද දාන, ශීල, භාවනාදී යහපත් ක්‍රියාවල යෙදෙනවා නම් එයින්ම ආරක්‍ෂාව සැලසෙන බව ධර්මයට අනුව සත්‍ය වනනේය. සියලු සත්වයෝ සුවපත් වෙත්වා!  

 

 

 



අදහස් (0)

විදු ඇසින් හා බුදු ඇසින් දකින කර්මය, අපරාධය හා දඬුවම

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10904 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6202 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5914 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5217 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1701 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site