IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මෙහෙකාරියගේ නැළවිල්ලෙන් මරු දුටු කිරිකැටියා

මළ මිනිසුන් සමග නොමළ කතා 

නිතර වේගයෙන් නළවා නිදිකරවීමෙන් දරුවා මියගිහින්

 

දුලංජනී හා සෙනරත් පවුලට එකතුවූ කුලුඳුල් දරුවා දෙව්මිණය. ඔහු දේව දූතයෙකු මෙන් ලස්සන නිසාම එම නම දෙමාපියෝ තැබූහ. දුලංජනී හා සෙනරත් යුවළම සේවය කළේ පෞද්ගලික බැංකුවකය. දරුවාට මාස තුනක් වන තුරු නිවාඩු තිබුණත් ඉන්පසු ඇයට දරුවා කාගේ හෝ බාරයට පත්කර සේවයට යන්නට සිදුවිය. මෙහෙකාරියක සොයා ගන්නා තෙක් මාස දෙකක් පමණ දුලංජනීගේ මව දරුවා බලා ගත්තාය. ඉන්පසු දරුවා භාර වූයේ මෙහෙකාරියකටය. ඇය සරෝජාය. 


 සරෝජාද දරුවාට ආදරෙන් සැලකූ නිසා දෙමාපියන්ට ඇය ගැන බියක් තිබුණේ නැත. එහෙත් පුංචි දෙව්මිණ එන්න එන්නම දඟකාර විය. නිදාගන්නට මැළි විය. ඒ නිසා සරෝජාට ඔහු නිදිකරවන්නට මහත් වෙහෙසක් දරන්නට සිදුවිය. පිරිමි දරුවෙකු නිසා ඔහු මෙවෙැනි වෙනස්කම් පෙන්වන්නේ යැයි දෙමාපියෝ සිතූහ. දුලංජනී සෙනසුරාදා ඉරිදා ගෙදර සිටි නිසා සරෝජාට එය මහත් සහනයක් විය. 


 දරුවාට මාස නවයක්ද සපිරුණි. අවුරුද්ද පිරෙන්නට තිබෙන්නේ තවත් මාස තුනකි. තව මාසයකින් දෙකකින් ඔහු ඇවිදින්නට පටන් ගනු ඇත. පුංචි පුතු ඇවිදින දිනය එළැඹෙන තෙක් දුලංජනීලා මහත් බලාපොරොත්තුවෙන් බලා සිටියහ. 


 එදින සෙනසුරාදාවක් විය. පුංචි දෙව්මිණ මවගෙන් කිරි බිව්වේ ඇගේ කෙස්වලින් අදිමින් හුරතල් වෙමිනි. එහෙත් හිටිගමන් ඔහු අසාමාන්‍ය ලෙස දඟලන්නට විය. ක්ෂණයෙන් ඔහු දරදඬුවිය. අපස්මාර ලක්ෂණ පෙන්නුම් කරන්නට වූයෙන් දුලංජනීලා බියට පත්වූහ. වහාම වාහනයක් ගෙන්වා ගෙන දරුවා රෝහලට රැගෙන ගියහ. වෛද්‍යවරු මහත් වෙහෙසක් දැරුවද දෙව්මිණගේ ජීවිතය බේරාගන්නට නොහැකි විය. ඔහු දෙමාපියන්ගෙන් පමණක් නොව තවමත් හරිහැටි දැක නැති මුළු ලෝකයෙන්ම සමුගෙන ගියේය. 
 මරණයට හේතුව කුමක්දැයි වෛද්‍යවරුන්ට සිතාගත නොහැකි විය. මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට සිරුර යොමු කරනු ලැබීය. 
 අධිකරණ වෛද්‍යවරයා දෙව්මිණගේ සිරුර මතුපිටින් නිරීක්ෂණය කළේය. සිරුරේ කිසිම තැළුමක් හෝ තුවාලයක් හෝ කිසිවක් නොවීය. උරහිස ආසන්නයෙන් දෑතේම උඩ බාහුවල තැළුම් ලකුණු දෙකක් පමණක් දැකිය හැකි විය. එය ඇති විය හැකි ආකාරය සම්බන්ධයෙන් සැකයක් හිතේ රඳවාගත් අධිකරණ වෛද්‍යවරයා සිරුර කපා පරීක්ෂා කිරිම ඇරඹුවේය. අපස්මාර තත්ත්වයක් ඇති වූ නිසා මුලින්ම හිස් කබල කපා පරීක්ෂා කිරීම ඇරඹුවේය. 


 හිසෙහි මතුපිට සම ඉවත් කර පරීක්ෂා කළද කිසිම තුවාලයක් තැළුමක් නොවීය. ඉන්පසු හිස් කබල කපා පරීක්ෂා කළේය. එහිදි හිස් කබළට ඇතුළතින් පවතින ආවරණයත්, මොළයත් පිටින් පවතින ආවරණයත් දෙකම අතරේ ලේ ගැලීමක් දක්නට ලැබිණ. ඒ ලේ ගැලීම සිදුව තිබුණේ හිසෙහි දෙපැත්තෙනි. එනම් කන්දෙකට ඉහළින් වන්නටය. එසේම මොළයට පිටින් වන ආවරණයත් මොළයත් අතර හිසේ ඉදිරිපසින්ද ලේ ගැලීමක් දැකිය හැකි විය. 


 මොළයේ වූ ලේ ගැලීම් අනුව යම් නිගමනයකට එළැඹි අධිකරණ වෛද්‍යවරයා දරුවාගේ ඇස් හා මොළය ෆෝමලින්වල සති දෙකක බහා තබා පරීක්ෂා කළේය. එහිදී මොළයේ මුල එනම් හිසේ පිටුපසින් මොළය හා සුෂුම්නාව සම්බන්ධවන ස්ථානයේද කුඩා ලේ ගැලීමක් දැකිය හැකි විය. පසුව ඇස් පරීක්ෂා කළේය. එහිදී ඇසේ කාචයට පිටුපසින් ඇසේ පෙනීම ලබාදෙන ස්ථානයට ගමන් කරන රුධිර වාහිනිවලින්ද ලේ ගැලීම් සිදුව තිබෙනු දැකිය හැකි විය. 


 මෙවැනි ලේ ගැලීම් සිදුවිය හැකි ආකාර දෙකකි. එක් ආකාරයක් වන්නේ හිස තදින් කිසියම් ඝන පෘෂ්ටයක වැදීමෙන් සිදුවිය හැකි ලේ ගැලීමකි. එවැනි දෙයක් සිදුවූයේ නම් හිසේ මතුපිට සීරිම් හෝ තැළුම් තුවාල දකින්ට ලැබිය යුතුය. එහෙත් එවැනි තුවාල කිසිවක් දරුවා සතුව නොවීය. 


 දෙවැන්න නම් මෙවැනි කුඩා දරුවෙකුගේ හිස් කබල තුළ මොළයේ පිහිටිමේ විශේෂ ස්වභාවය සමග සම්බන්ධ වන කාරණාවකි. අවුරුද්දකට වඩා කුඩා දරුවෙකුගේ හිස සිරුරේ සාමාන්‍ය පිහිටිමට වඩා තරමක් විශාලය. එසේම ඔහුගේ බෙල්ලේ මාංශ පේශි දුර්වලය. දරුවාට හිස කඳ මත කෙළින් තබාගත නොහැකි වන්නේ ඒ නිසාය. මෙවැනි දරුවන්ගේ මෙන්ම වයෝවෘද්ධ අයගේද හිස් කබලේ ඇතුළත ආවරණය ඉතාමත් තුනී හා හිස්කබලටම ඇලී තිබෙන ස්වභාවයක් පෙන්නුම් කරන්නේය. කුඩා දරුවන්ගේ හිස් කබලේ ඇතුළත රළු රැළි සහිත ගතිය අඩුය. මොළය හා හිස් කබල අතර පරතරය සාමාන්‍ය පුද්ගලයෙකුගේ පිහිටීමට වඩා වැඩිය. හිස් කබල හා මොළය අතර රුධිර නාළිකාවලින් සම්බන්ධ වී තිබේ. 


 කුඩා දරුවෙකු නළවන විට දණහිස් මත තබාගෙන ඉහළට පහළට වේගයෙන් සෙලවීමේදී හෝ කොට්ටයක් මත තබා උරහිස් දෙක දෙපැත්තෙන් අල්ලා වේගයෙන් සෙලවීමේදී හෝ මොළය වේගයෙක් ඔළු කට්ටේ එහාට මෙහාට පැද්දේ. එසේ වන්නේ ඔවුන්ගේ හිස් කබල හා මොළය අතර වන අවකාශය නැතහොත් හිස් ඉඩ වැඩිවීම නිසාය. හුස්ම ගැනීම හා හෘද ස්පන්දනය පාලනය කරන ස්නායු පිහිටා තිබෙන්නේ මොළයේ මුලය. හිස වේගයෙන් ඉහළ පහළ යාම නිසා මොළයේ මුල සිට හෘදය වස්තුවට රුධිරය ගෙන යන නහර ඇකිළීම හා දිගහැරීම සිදුවේ. එයින් හුස්ම ගැනීමේ වේගය අඩුවේ. හුස්ම ගැනීමේ වේගය අඩුවීම නිසා මොළයට රුධිර සැපයුම අඩු වේ. එයින් මොළයට ඔක්සිජන් සැපයුමද අඩු වේ. එවිට වෙහෙසකර ගතියක් ඇති වේ. දරුවා වේගයෙන් හොළවන විට නින්ද යන්නේ ඒ නිසාය. 


 මෙසේ දිගින් දිගට සිදුවන විට ස්නායු තෙරපීම්වලින් හා රුධිර වාහිනීවල පුපුරායාම් නිසා දරුවාගේ සාමාන්‍ය හැසිරීම් රටාව වෙනස් වේ. තරමක් දඟකාර ගති පෙන්වූ දරුවා වඩාත් දඟකාර හෝ හිතුවක්කාර ගති පෙන්වීමට හෝ ඇතැම් විට උදාසීන ගති පෙන්වීමට හෝ හැකියාව තිබේ. මේ කුමක් වුවද එය සාමාන්‍ය තත්ත්වයක් සේ සැලකීම සුදුසු වන්නේ නැත. 


 හිස වේගයෙන් ඉහළට පහළට සෙලවීම නිසා හිස් කබල හා මොළය අතර සම්බන්ධ වී තිබෙන රුධිර නාළිකා පුපුරායාමට ඉඩ තිබේ. දෙව්මිණගේ මොළයේ ස්ථාන කීපයකදී දක්නට ලැබුණේ එසේ සිදුවූ ලේ නහරවල පුපුරායාම් නිසා වූ ලේ ගැලීම්ය. එසේම ඇස්වලට සම්බන්ධ රුධිර නාළිකාවලටද ඒ බලපෑම ඇති විය හැකිය. 


 දෙව්මිණගේ උරහිස් අසළින් උඩබාහුවේ දක්නට ලැබුණ තැළුම් තුවාලවලින් පෙන්නුම් කළේ කිසිවෙකු විසින් දෑත් දෙපසින් අල්ලා ඔහුව වේගයෙන් සොලවා ඇති බවය. 
 ඒ අනුව මේ මරණය දරුවා වේගයෙන් සොලවමින් නිදි කරවීමට උත්සාහ දැරීම නිසා සිදුවුවක් නිගමනය කළේය. ඒ අනුව මෙහෙකාරිය වූ සරෝජාගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබාගත්තේය. එහිදි දරුවා තරමක් දඟකාර වූ නිසා ඔහු නිදිකරවීම පහසු නොවුයෙන් මෙලෙස සැමදාමත් කොට්ටය මත තබාගෙන වේගයෙන් සොලවා නිදි කරවන බව ඇය ප්‍රකාශ කළාය. එසේම පසුකාලීනව ඔහුගේ දඟකාරකම් වැඩිවිම නිසා පසුගියදා ඔහුව නිදි කරවීමට මහත් අපහසු වූ බවද ඔහුගේ උරහිස්වලින් තදින් අල්ලා සෙලවීමෙන් නිදිකරවූ බවත් ඇය පිළිගත්තාය. 


(මෙහි එන නම් ගම් මනඃකල්පිත ඒවා බව කරුණාවෙන් සලකන්න.) 


හලාවත මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙනි ලිව්වේ


මුදිතා දයානන්ද



අදහස් (3)

මෙහෙකාරියගේ නැළවිල්ලෙන් මරු දුටු කිරිකැටියා

සදු ලියනගේ Saturday, 08 February 2020 02:53 PM

නොසැළකිලිමත්කම නිසා තමා ඔක්කොම. පව් කිරි දරුවා ! ගොඩක් දුකයි ඉතින්.

:       0       9

නෙවිල් Monday, 10 February 2020 06:15 AM

මෙහෙකාරියක් ඕනැ නැහැනේ. ඔයිට වඩා අඩු වයස් ළමයි බලාගන්න ඩේ කෙයාර් සෙන්ටර් ඕනෑ තරම් තියෙනවා. සල්ලි විතරයි ඕන. යුවලම බැංකුවේ නම් සල්ලිත් ප්‍රශ්ණයක් වෙන්න බැහැනේ. මීයෝ අල්ලනවා නම් බළලා මැටියෙන් වුණත් කමක් නැහැ කියලා හිතන අය ඉන්නවානේ.

:       41       3

sharm warnMonday, 10 February 2020 08:08 AM

වයස අවුරුදු 2 1/2 ට අඩු බබාලව බලා ගන්න දිවා සුරැකුම් මධ්‍යස්ථාන බොහොම අඩුයි . අනිත් අතට බැංකුවේ වැඩ කල පළියට ආර්ථික අතින් ශක්තිමත් කියලා ම අපිට කියන්න බැහැ. මොකද බැංකුවේ වැඩ කරන අයගේ ණය ප්‍රමාණය ගණුදෙනුකරුවෙකුට වඩා බොහොම ඉහළයි. කොහොම උනත් අත දරුවෙක් කියන්නේ බොහොම සැලකිල්ලෙන් රැකගත යුතු සම්පතක්. සේවකයෙකුට භාර දුන් තරමින් අහක බලාගෙන ඉන්න සුදුසු නැහැ. අවධානයෙන් ඉන්න බව නොපෙන්නුවොත් මේ වගේ අභාග්‍ය සම්පන්න සිදුවීම් වෙන බව අපි ඉතිහාසයේ ඕන තරම් අහලා දැකලා තියෙනවා. අම්මලා තාත්තලා මේවා කියවලා බලලා තේරුම් ගන්නවා නම් ගොඩක් හොදයි. අහිංසක දරුවට නිවන් සුව ලැබේවා කියලා පතනවා !

:       0       30

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10916 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5925 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5244 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1705 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 297 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1528 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site