IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මරණාසන්න අත්දැකීම් ඇත්තද?

 

කෙනකු මරණයට පත්වීමත් සමඟම භෞතික ශරීරයෙන් මානසික ශක්තිය වෙන්වී යන බවත් මෙය මනෝකාය ලෙස සැලකෙන බවත් මනෝ විශ්ලේෂකයෝ පවසති.   මෙකී මනෝකාය භෞතික ශරීරයෙන් වෙන් වන්නේ කෙසේද? එසේ වෙන්වීමේදී කවර සවරූපයක් ගන්නේද යන්න ඈත අතීතයේ සිටම බොහෝ දෙනා කුතුහලයෙන් යුතුව විමසා බලන සංසිද්ධීන්ය.   


ඕනෑම පුද්ගලයකුගේ කායික තත්ත්වයට වඩා මානසික ශක්තිය ප්‍රබලය. බුදු දහමේ දැක්වෙන පරිදි මනස ශ්‍රේෂ්ඨය. භෞතික ශරීරයේ ක්‍රියාකාරකම්වලදී ද ඒ සියල්ල මෙහෙයවනු ලබන්නේ මනස විසිනි. එසේ නම් කෙනකුගේ භෞතික ශරීරය මියැදෙන විට ඒ තුළ ඇති උත්තමාංගය වූ මානසික ශක්තිය ඒ ආකාරයෙන්ම නිෂ්ක්‍රීය විය හැකිද? මිය ගිය පුද්ගලයාගේ මනෝකාය පිළිබඳව බොහෝ විද්වතුන් කරුණු සොයා බැලීමට තැත්කරන්නේ ඒ නිසාය.   


කෙනකු යළිත් භෞතික ශරීරයට ඇතුළු වීමට අසමත්ව මිය ගිය විටෙක ඔහුගේ මනෝකාය ලද අත්දැකීම් වෙනත් කෙනෙකුට දැන ගන්නට ලැබෙන්නේ නැත. ඇතැම් විටෙක ඔහු අවසන් මොහොතේ ගත කරන ජීවන ක්‍රියාවලිය තුළින් ඔහුගේ මරණාසන්න අත්දැකීම් කෙනකුට අනුමානයෙන් කිව හැකි වුවත් එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කළ නොහැකිය. ඇතැම් විටෙක පුනරුත්පත්තිය තුළින්ද මෙම අත්දැකීම් විග්‍රහකර දැක්වීමට බොහෝ මනෝ විශ්ලේෂකයෝ තැත්කරති.   


මියයාමට ඉතා ආසන්න තත්ත්වයට පත් වී ඇති මනෝකායික ක්‍රියා කාරකම්වලට සම්බන්ධ වන බොහෝ දෙනා පොදුවේ ප්‍රකාශ කරන්නේ තමා අවසන් මොහොතේ විශාල අඳුරු ගුහාවක් කානුවක් හෝ බිංගෙයක් වැනි තැනකින් ඉවතට ඇදිගිය බවකි.   


මෙසේ ඇදී යන්​නේ මනෝකාය බවත්, එම මනෝකායට තම භෞතික ශරීරය ද දක්නට ලැබුණු බවත් පර්යේෂණවල දී අසන්නට ලැබේ. පෙරිපර දෙදිගම මෙවන් තත්ත්වයට පත්වූවෝ මේ ආකාරයට වෙන් වීමේ දී තමා කිසියම් ප්‍රබෝධමත් තෘප්තියක් ලද බවත් ඉතා සුන්දර දැක්මක් සමඟ සිහින් සංගීත රාවයන් හෝ සොබා දහමේ අපූරු ගී නාද අසන්නට ලැබූ බවත් පවසති.   


සමහරුන්ගේ මනෝකායික අත්දැකීම් වලට අනුව දැඩි ඝනාන්ධකාරය මැද පාවෙමින් ගුහාව තුළින් ඇදී යනවිට එහා පැත්තේ විශාල ආලෝක කදම්බයක් දක්නට ලැබුණ බවද පවසා තිබේ. ඒ දෙසට තමා ඇදී යනවිට මනෝකායික වශයෙන් කිසිදු අපහසුවක් නොවූ බවත් මෙහා ලෝකයට වඩා එහාලෝකය වඩාත් සුන්දර එකක් වූ බව ඔවුන්ගේ ප්‍රකාශවල දැක්වේ.   


මේ ආකාරයට මනෝකාය තුළින් කෙරෙන චිත්තාවේග රටාවන් ඉදිරිපත් කර ඇත්තේ ස්වාභාවිකව හදිසි අනතුරුවලට ලක්ව මියයාමට ආසන්න වූවන් වීම ද විශේෂත්වයකි.   


එමෙන්ම මෙබඳු මරනාසන්න අත්දැකීම් ඉදිරිපත් කරනු ලබන බොහෝ දෙනා වියපත් වූවන් නොවන බවත් සැලකිය යුත්තකි. ඊට හේතුව යොවුන් වියේ වූවන් තුළ ප්‍රබල වූ චිත්තවේග රටාවන් පැවතීමත් ඔවුනට යළි තම භෞතික ශරීරයට ඇතුළු වීමට තරම් මානසික ශක්තියක් පැවතීමත් විය යුතුය.   
මරණාසන්න වූ විට ඕනෑම පුද්ගලයකු ගේ සිහි විසඥ වේ. මෙකී තත්ත්වය සිග්මන් ප්‍රොයිඩ් නමැති මනෝ විශ්ලේශකයා හඳුන්වා දෙන්නේ සිහි මුර්ජාව (Unconscious) නමිනි.   


බුදු දහමේ අංගුත්තර නිකායේ එන සංවේතනා සූත්‍රයෙහි මෙය සම්පජාන මනෝ සංඛාරය ලෙස දක්වා තිබේ. සිතේ රැදී පවතින ප්‍රත්‍යක්ෂ සමූහය සම්පුජාන මනෝ සංඛ්‍යාරයයි.   
කෙනකු මිය යන මොහොත බලා සිටින තවෙකකු නිරතුරුව ම සිතන්නේ ඔහු දැඩි වේදනාවකින් හෝ දුකකින් සිටින බවක් වුවත් පුද්ගලයා මුහුණ පාන එකී මරණාසන්න අත්දැකීම සුබදායි එකක් බව මරනාසන්න අත්දැකීම් ලැබ දිගුකලක් ගත වී ප්‍රකෘති සිහිය ලබන බොහෝ දෙනකු පවසන බවත් මේ පිළිබඳව කරන ලද පර්යේෂණවල දී අනාවරණය වී තිබේ.   


පෙර සඳහන් කළ පරිදිම විනිවිද යා නොහැකි තරමේ අන්ධකාරයකින් බිංගෙය දිගේ ඇදි යන්නේ ඉතා සැහැල්ලුවෙන් සහ ප්‍රීති ප්‍රබෝධයකිනි. මේ ආකාරයට මනෝකාය මෙලොවින් එළොවට ඇදී යාමේ සීමාව මෙම බිංගෙය බවත් ඉන් එහා වූ ලෝකය ඉතා සුන්දර එකක් බවත් එහිදී  ඇසෙන අමුතු සංගීතාත්මක රාවයන්හි පවා සිත් සනසන සුළු බවක් ඇති වූ බවත් ඔවුන් පවසා ඇති බව ද මේ පිළිබඳව පර්යේෂණ පැවැත් වූ විද්වත්හු පෙන්වා දෙති.   


එකී සුන්දර ලෝකයට පිවිසීමේ දැඩි කැමැත්තක් පැවතිය ද මෙලොවින් සමුගැනීමට නොහැකිවන්නේ වෛද්‍ය වරුන්ගේ හෝ ඥාතීන්ගේ නිබඳතා නිසාම බව ආපසු හැරී ආ බව ද මෙබඳු තත්ත්වයට පත් වූවෝ පියවි සිහිය ලද පසු පවසති.   


හදිසි අනතුරක දී සිහිසුන් වීම පුද්ගලයාගේ වේදනාවන් සමනය කිරීම සඳහා සොබා දහම ලබාදුන් අපූරු පිළියමකි. වරක් බරපතල රිය ගැටුමකට මුහුණ දුන් මේ ලියුම්කරු ද එකී අත්දැකීම මැනවින් ලබා තිබේ.   
මේ පිළිබඳව ආසන්නම අත්දැකීමක් සහිත සත්‍ය පුවතක් කියවීමට අවස්ථාවක් පසුගියදා අපට හැකිවිය. ඒ අපගේ ඥාති හිතවතකු වන එස්.ආර්.එච්. අඹේපිටිය මහතා ලද මෙවන් මනෝකායික මරණාසන්න අත්දැකීමක් ‘‘අරුම ගමන’’ නම් වූ කෙටි ග්‍රන්ථයක් මගින් එළිදැක්වූ නිසාය.   


හම්බන්තොට ප්‍රාදේශීය රෝහලේ ඖෂධ වේදියකු ලෙස සේවය කළ අඹේපිටිය මහතා 2018 වසරේ මැයි මස 28 වැනිදා ​සේවයට යන මොහොතේ මොළයේ නහරයක් පුපුරායාම නිසා ස්නායු පටලය තුළ විශාල රුධිර වහනයක් සිදුවීම නිසා සිහිසුන්ව තිබේ.   


පසුකලෙක විශේෂඥ වෛද්‍යවරුන් පැවසූ පරිදි මෙහි දී මොළයේ මස්තිෂ්ක සුසුම්නා තරලය සංසරණය වන එම නාළ පද්ධතියට ද  රුධිරය ගලාගොස් තිබුණ අතර යම් හෙයකින් එම රුධිරය තැටි ගැසුනා නම් මොළයේ අභ්‍යන්තර පීඩනය ක්ෂණිකව වැඩි වී මොළය තෙරපීමෙන් මරණීය තත්ත්වයක් සිදුවිය හැකිව තිබූ බවයි. ඔහුගේ ජීවිතය බේරී ඇත්තේ මහා හාස්කමකින් මෙනි.   
පුරා දින අටක් තිස්සේ සිහිසුන්ව ඉතා බරපතළ තත්ත්වයේ සිටි ඔහු එකී කාලය තුළ මරණීය අත්දැකීමට ලක් වී මනෝකාය තුළින් ලද අත්දැකීම් ඔහු එම ග්‍රන්ථයෙන් එළිදක්වා තිබේ.   
තමා ලද අත්දැකීම් සවිස්තරාත්මකව දක්වන ඔහු මෙම සිද්ධිය සමහර විට අදහාගත නොහැකි වනු ඇතැයි පවසමින් මෙසේ කියයි.   


‘‘මා මේ කුඩා පොතෙන් දිග හරින්නේ ජීවිතයේ කිසිවකුට ලෙහෙසියෙන් දැකිය නොහැකි නමුත් සත්‍ය ලෙසට මා අත්දැකි ඒ ආශ්චර්ය ජනක සිද්ධි මාලාවකි.   
පෙර නොවූ විරූ විශාල සහනයක් හා පුදුම සංතෝසයකින් මගේ හිත පිරී තිබුණි. මා ඔහේ පාවෙමින් ලස්සන ලෝකයට ඇදී යන බවත් දනුනි. යළිත් නිකමට හෝ මා ජීවත් වූ ලෝකයට යාමට නම් මගේ සිතේ කොතැනකවත් බලාපොරොත්තුවක් නොතිබුණි.   
එවැනි ආස්වාද ජනක ප්‍රීතිමත් හෝරා කිපයක් ගත කළ විට මා අසලට රන්වන් පැහැය ගත් මනරම් මාලිගාවක සිරිය ගත් රථයක් පැමිණුනි. එය මාලිගාවක් වුවද එහි නැගී ගමන් කළ හැකි අරුම පුදුම මාලිගාවකි.’’   


මෙම අරුම පුදුම මාලිගාවේ දුහුල් සළු වැනි ඇඳුමින් සැරසී ආ යොවුන් වියේ රූමත් තරුණයින් රැසක් තමා කැඳවාගෙන යාමට ආ බව පවසා ඇති අතර අඹේපිටිය මහතා පවසන්නේ මේ ගමන යාමට තමා සෘජුව කැමති වුවද ඥාතින්ගේ අවසර ඉල්ලා ගත යුතු බව පැවසූ නිසා ඔවුන් ඊට ඉඩදුන් බවය. එහෙත් එකී සමු ගැනීම කළ නොහැකි වූ නිසා ඔවුන් මෙම අද්භූත මාලිගාව සමඟ නොපෙනි ගොස් තිබේ.   
ඒ සමගම තමා උස් කඳු මුදුනක සිට මහා ප්‍රපාතයකට වැටෙනවා මෙන් දැනුන බවත් අනතුරුව තමාගේ භෞතික ශරීරයට ඇතුළු වීමෙන් පසු කිසිදු දැකීමක් මතකයක් නොවූ බවත් ඔහු පවසයි.   
අනතුරුව දින අටකට පසුව සිහි එළවා ගත්තත් කිසිදු මතකයක් නොවී තවත් දිගු කලක් ගත කළ බවත් ඔහු පවසන්නේ මේ සියලු සිදුවීම් සත්‍ය බවට සපළ කරමිනි.   


මෙරට හා විදේශීය රටවල මේ ආකාරයට ලද මරනාසන්න අත්දැකීම් බොහෝ දෙනකු පවසා ඇත්තේ මෙබඳු දැඩි ප්‍රීති ප්‍රමෝදයකිනි. ආපසු තම භෞතික ශරීරයට ඒමේ ප්‍රමාදයක් පවතින්නේ තමා ලද මේ සුන්දර අත්දැකීම් නිසා බවත් අවසන් මොහො​තේ තම වට පිටාවේ වූවන්ගේ ශෝක ජනක විලාශයන් දැකීම නිසා එහි යාමට නොහැකි වූ බවත් මෙබඳු මරණාසන්න අත්දැකීම් ලද බොහෝ දෙනා පවසා ඇති බව වාර්තා වේ.   
මේ පිළිබඳව ලෝකයේ බොහෝ රටවල සිදුකර ඇති පර්යේෂණවලදී ද අනාවරණය වී ඇත්තේ මනෝකාය තුළින් නිරූපනය වන්නේ සු‌ඛාන්ත අත්දැකීමක් බවයි.   


බයිසිකල් අනතුරක් නිසා අභ්‍යන්තරිකව සිදුවූ ලේ වහනයක් නිසා හෘද ස්පන්දනය නතර වූ පුද්ගලයකු ‘‘මම ගැඹුරු හා අඳුරු නිම්නයක් තුළින් ඇදී යන බව මට දැණුනා. මේක කිසිදු දුකක් නොදැනෙන මනස්කාන්ත තත්ත්වයක්’’ යැයි පවසා තිබේ.   


භෞතික ශරීරයේ කිසියම් අඩුවක් ඇති අයකු වුව ද මනෝකායිකව ක්‍රියා කිරීමේදී එම අඩුපාඩු සම්පූර්ණ වී තිබෙන ආකාරයෙන් දැකීම ද විශේෂත්වයකි. තමා කායික වශයෙන් මරණයට පත් වූ බව දැනගත් පසුව සියලු වේදනාවන් මොහොතකින් නිමා වූ බව සිතමින් ඔවුන් තාප්තියට පත්වූ බවද ඇතැම් පර්යේෂණවල දී අනාවරණය වී තිබේ.   


භෞතික ශරීරයෙන් ඉවත්ව මනෝකායිකව හැසිරෙන බොහෝ පුද්ගලයන් දකින්නේ තමාගේ ජරා ජීර්ණ ජීවිතයට වඩා වැදගත් වූ අලංකෘත ලෝකයකට තමා පිවිස සිටින බවකි. එහෙයින්ම මරනාසන්න අත්දැකීම දුක්ඛාන්තයක් නොව සුඛාන්තයක් බව අපට තේරුම් ගත හැකිය.

 

 

දෙනියාය විශ්‍රාමික කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ   
උපසේන ඒ. ලියනගම.   
(ඡායාරූප - අන්තර්ජලය ඇසුරිනි)   

 



අදහස් (11)

මරණාසන්න අත්දැකීම් ඇත්තද?

සිසාරා රත්නායක .... Thursday, 24 December 2020 02:53 AM

වටිනා post 1kමෙ රටෙ බොහොමයක් අපරාධ ..හොර මර කම් අඩු වෙනවා ..කිසිම දේක හරයක් නොදන්නා අතින් ඕනාම අපරාදයක් සිඩුවිය හකිය... ...නව තත් මෙවන් දේ පල කිරීම්ට..ශක්තිය දහිර්‍ය ලබේවා !!!

:       0       0

lakvidu Sunday, 27 December 2020 11:31 PM

මරණාසනන අත්දැකීම් සියල්ල බොරු බව විද්‍යාත්මකව ඔප්පු කළ හැකියි

:       0       0

පී.එම්.සුනිල් Wednesday, 30 December 2020 02:08 PM

මේවායේ සත්‍යතාව නම් මම නොදනිමි.නමුත් අත්දැකීම් ඇති අය කියන නිසා පිලිනොගෙනත් බැරිය.බුදු දහමට අනුව නැවත ඉපදීමක් ඇතිබවත් විශාල වශයෙන් පව් රැස් කලවුන් අපාගතවන බවත් මම පිලිගනිමි.

:       0       0

Saman Wijeratne Saturday, 02 January 2021 11:24 AM

හොදයි

:       0       0

Nishantha Tuesday, 12 January 2021 03:26 PM

මේ දේවල් විශ්වාස කරන්න බැහැ

:       0       0

සෙනෙවිරත්න Thursday, 18 March 2021 03:07 AM

මෙය මරණාසන්න වූ විට දැනෙන මනෝවිකාරයක් මිස ඊට වැඩි යමක් නොවේ.

:       5       11

ආර්.එම්.සෙනෙවිරත්න Friday, 19 March 2021 01:15 PM

මනෝකාය තුළින් මේ ආත්ම භාවය තුළ බොහෝ දේ එක්රැස් කරනු ලබන්නේ අපගේ පසි‍දුරන් මගින් අප ලබන අත් දැකීම්ය. අවසාන චුති චිත්තය මුහුණපාන මේ අකරතැබ්බයට ඒ මොහොතේ එක්රැස් වන්නේ ද ඒ අත්දැකීම්වල ඡායා මාත්‍රයන්ය. එහිදී දකින ආලෝකය . අදුර . හෝ වෙනත් රූප හා ශබ්ද වැනි අත්දැකීම් පිළිබද විශ්වාසයක් තැබීම කළ හැකිද? යන්න ගැටළුවකි.

:       2       6

සෙනෙවිරත්න Friday, 26 March 2021 09:05 AM

තම ජීවිත කාලය තුල මනසේ තැන්පත්ව ඇති දේවල් විකෘතිව නැවත පෙනීමකට වඩා යමක් මෙහි නැත යන්න මගේ අදහසයි.

:       0       6

jasinthathalis Tuesday, 30 March 2021 04:05 PM

ඇත්ත

:       1       3

Doctor chathuranga Sunday, 25 April 2021 06:49 PM

ඔබ මෙලෙසින් පවසන සියල්ලම සැබෑ සත්‍ය නොවේ. කිහිපයක් සත්‍ය උවත් සියල්ල සත්‍ය ක් නොවන බව කිව යුතුයි

:       0       0

ආචාර්ය එච්. ඒ. එන්. කේ ආරියරත්න Sunday, 11 July 2021 11:54 PM

මෙය බොහෝ දුරට සත්‍යයි . මම ද මෙවැනි සුන්දර අත්දැකීමක් ලබා තිබේ . එහි ඇති විශේෂත්වය නම් මරණාසන්න අත්දැකීමක් නොවීමයි. 2020ජනවාරි මාසයේ එක් දිනයක සවස් වරුවේ මා බොහොම විවේකීව සිත එක අරමුණක තබාගෙන සිටි මොහොතක මෙවැනි අත්දැකීමක් ලැබීමයි . ගත වූ කාලය තත්පර කිහිපයකි . මේ පිළිබඳව ඉතා සංක්ෂිප්තව පවසතොත් මගේ සිත ඉතාමත් සැහැල්ලු වී නිදහස්ව හා ඉතාමත් ප්‍රීතියෙන් යුතුව ආකාශයට ඇදී යාම යි. මනෝමය සිරුර භෞතික සිරුරෙන් පිටතට ගෙන තමාට රිසි පරිදි හසුරවා නැවත සිරුරට පිවිසිය හැකි ටිබෙට් බෞද්ධ භාවනා ක්‍රම ද පවතින බව වැඩිදුරටත් ප්‍රකාශ කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10904 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5914 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5220 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1701 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site