IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බලගතු මුහුර්තයක් සොයාගෙන ‘සිසේරියන් සැත්කමක්’ කරගැනීමෙන් දරුවකුගේ දෛවය වෙනස් කළ හැකිද ?

ජීවිතය ආරම්භ වන්නේ අප මේ ලෝකයට උපත ලැබීමටත් පෙර සිටය. මනුෂ්‍ය උපත පිළිබඳව පුරාණ වේදීය දර්ශනය පදනම් වන්නේද ‘පුනරුත්පත්ති න්‍යාය’ මතය.   


මනුෂ්‍යයෙකු උත්පාදනය වී ඇත්තේ සිත (විඥාණය), කය හා ආත්මය යන අංගයන් තුනෙනි. මරණයේදී භෞතික කය අතහැර දමා සිත හා ආත්මය විශ්වතලයට එක්වෙයි. මෙම සිත හා ආත්මය විශ්වය පුරා සැරිසරමින් සිට පූර්ව කුසල් හා අකුසලයන්ගේ බල දුබලතාව අනුව සුදුසු මව් කුසයක් තුළට පිවිස දරුවකු ලෙස උපත ලබයි. මේ අනුව උපතක් යනු අහඹු සිදුවීමක් හෝ මිනිසුන් වන අපට මෙහෙයවිය හැකි දෙයක් නොව, විශ්ව ධර්මය මඟින් පාලනය වන සිදුවීමක් බව පැහැදිලිය. 
  
දරුවකුගේ භෞතික ශරීරය දෙමාපියන්ගේ ලේ, මස්, ඇට, නහරවල එකතුවකින් සෑදුනත්, එම දරුවාගේ සිත හා ආත්මය දෙමාපියන්ගෙන් ලැබුණු දෙයක් හෝ දෙමාපියන්ට හිමි දෙයක් හෝ නොවේ. එය විශ්ව ධර්මයට හිමි දෙයකි. සියලුම උත්පාදනයන් රජස්, තමස් හා සාත්වික යන ත්‍රිවිධ ගුණයන්ගෙන් හා ආ​ෙපා්, තේජෝ, වායෝ, පඨවි හා ආකාශ යන පංච තත්ත්වයන්ගෙන් යුක්තය. රජස් ගුණයෙන් තෘෂ්ණාව ද, තමස් ගුණයෙන් ද්වේෂයද, සාත්වික ගුණයෙන් උපේක්ෂාවද උපදී. මනුෂ්‍යයෙකු හෝ තිරිසන් සතෙකු ලෙස හෝ උත්පාදනය ලැබීමට හේතුවන්නේ රජස් ගුණය හෙවත් තෘෂ්ණාවයි. එනම් මෙම සංසාරය අත්හැරීමට නොහැකි අාශාවන්ය.   
ඉහත කී පංච තත්ත්වයන් හා ත්‍රිවිධ ගුණයන් කුජ, බුධ, ගුරු, සිකුරු හා සෙනසුරු යන ග්‍රහලෝක නවයන්ගෙන් සංකේතවත් කර ඇත. රවිගෙන් ලෝකෝත්තර දැනුම හෙවත් ආලෝකය නිවේදනය වේ. සඳුගෙන් මනස නිවේදනය වන අතර මනස දෝලනය වන අන්තයන් දෙක වන ලෞකික හා ලෝකෝත්තර ස්වභාවයන් රාහු හා කේතුගෙන් නිවේදනය වේ.   


මේ අනුව ජ්‍යෝතිෂය යනු තාරකා විද්‍යාව නොවන බවත් ස්වභා දහම හෙවත් විශ්ව ධර්මයේ සත්‍ය ස්වභාවය පිළිබඳව හදාරන විද්‍යාවක් බව පැහැදිලිය. එමනිසා සොබා දහමේ ක්‍රියාකාරිත්වය, මිනිසුන් වන අපට අවශ්‍ය පරිදි පාලනය කිරීමට හෝ මෙහෙයවීමට නොහැකි බව ද ඔබට අවබෝධ විය යුතුය.   


මනුෂ්‍යයෙකු යනු සොබාදහම තුළ නිර්මාණය වන ජීවියෙකි. මෙම විශ්වය තුළ බිහිවන සෑම ජීව හා අජීව වස්තුවක්ම ස්වභාව දහමේ පාලනයට යටත්ය. ලෞකික තත්ත්වයන් මත ජීවත්වන මිනිසුන්ගේ ක්‍රියාකාරකම් තුළින් උපදින හොඳ හා නරක ක්‍රියාවන් ‘කර්මයන්’ ලෙස හැඳින්වේ. කර්ම ශක්තිය පුද්ගලයාගේ ආත්මය හා බැඳී පවතී. එමනිසා මරණින් පසු භෞතික ශරීරයෙන් ගිලිහී යන ආත්මය සමඟ එම කර්ම ශක්තිය බැඳී පවතී. මේ අනුව නැවත සංසාරය දෙසට පැමිණ උපතක් ලබනවාද නැතහොත් නිර්වාණය දෙසට ගමන් කරනවාද යන්න කර්ම ශක්තිය මත තීරණය වෙයි.   


එම නිසා මනුෂ්‍යයෙකු මෙම සංසාරය තුළ නැවත උපත ලැබීමට සුදුසු ස්ථානය (සුදුසු මව් කුසක්) හිමිවන්නේ එම ආත්මය සතුව පවතින කර්ම ශක්තිය මතයි. මෙයට අඹු සැමි දෙදෙනාගේ කර්ම බලය ද ඉවහල් වෙයි. දරුඵල හිමිවීම හෝ අහිමිවීම කෙරෙහි අඹුසැමියන්ගේ පූර්ව කර්මයන් බලපාන බව පැවසෙන්නේ එම නිසාය. දරුඵල අහිමිවීම කෙරෙහි බලපාන හේතු දෙආකාරයකින් ​ෙලා්කයට විද්‍යමාන වෙයි. එනම්,   


1. කායික දෝෂයන් ලෙස 

 
ස්ත්‍රී හා පුරුෂ ප්‍රජනන පද්ධතිවල පවතින දුර්වලතාවන් හෝ විකෘතිතාවන්ය. මේවා වෛද්‍යමය හේතුන් අනුව කොටස් දෙකකට බෙදිය හැක.   


I. සුව කළ හැකි හෙවත් නැවත යථා තත්ත්වයට පත් කළ හැකි දෝෂයන්.   
II. සුවකළ නොහැකි හෙවත් නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි දෝෂයන්.   
මෙසේ සුවකළ හැකි දෝෂයන් නැවත කොටස් දෙකකට බෙදිය හැක.   
I. බටහිර ​වෛද්‍ය ක්‍රමය මඟින් සුවකළ හැකි ​ෙද්ෂයන්   
II. දේශීය වෛද්‍ය ක්‍රමය මඟින් සුවකළ හැකි දෝෂයන්

   
2. පූර්ව භවයන්වල සිට පැමිණෙන කර්ම දෝෂයන් ලෙස අඹුසැමියන් දෙදෙනාටම කිසිදු කායික දෝෂ තත්ත්වක් නොමැති බව වෛද්‍යවරුන් පවසන නමුත් දරුඵලයක් නොලැබීමට පූර්ව කර්ම දෝෂයන් හේතුවෙයි.   
දරුවකු මව් කුස තුළ පිලිසිඳ ගැනීම (Conception) ස්වභාවධර්මයේ සංසිද්ධියකි. එසේම දරුවකු මව් කුස තුළින් බිහිවීමද (Delivery) ස්වභාවධර්මයේම සංසිද්ධියකි. එනම් මිනිසුන්ගේ මෙහෙවීමෙන් හෝ පාලනයකින් තොරව සිදුවීමට නියමිත සංසිද්ධීන්ය.   


ස්ත්‍රී බීජයක් හා පුරුෂ බීජයක් සංසේචනය වන අවස්ථාව ‘ආධාන අවස්ථාව’ ලෙස ජ්‍යෝතිෂයේ හැඳින්වේ. එම අවස්ථාවේ උදාවී පවතින ලග්නය ‘ආධාන ලග්නයයි.’ එමනිසා දරුවකුගේ සැබෑ ලග්නය වන්නේ ආධාන ලග්නයයි. නමුත් ආධාන මොහොත සොයා ගැනීමට අපහසු නිසා, දරුවකු මව් කුසින් බිහිවන වේලාව අනුව ජන්ම කේන්ද්‍රයක් සාදා ගනු ලබයි.   


සෑම දෙමාපියෙකුගේම බලාපොරොත්තුව තමන්ගේ දරුවා රුවෙන්ද, උගත්කමෙන්ද, ධනයෙන්ද, බලයෙන්ද සමාජයේ කැපී පෙනෙන තැනකට ගෙන ඒමටය. එමනිසා ඇතැම් දෙමාපියන්, බලවත් ග්‍රහයෝග (රාජ යෝග, ධන යෝග, පංච මහා යෝග ආදිය) පවතින වේලාවක් ජ්‍යෝතිෂවේදියකුගෙන් ලබාගෙන එම වේලාවට ‘සිසේරියන් සැත්කමක්’ සිදුකරගෙන දරු ප්‍රසූතිය කරගනී. මෙයින් සිදුවන්නේ ස්වභාවධර්මයේ නියමයන්ට අවනත නොවී දෙමාපියන්ට අවශ්‍ය ආකාරයට උපත සිදුකර ගැනීමයි.   


නමුත් මෙයින් අපේක්ෂිත ලබාපොරොත්තු ඉටු නොවෙයි. හේතුව කර්මානුරූපව දරුවෙකුට හිමි මාර්ගය දෙමාපියන්ට අවශ්‍ය ආකාරයට තීන්දු කළ ​නොහැකිය. රාජ යෝග, ධන යෝග හෝ පංච මහා යෝග ආදිය දෙමාපියන්ට අවශ්‍ය ආකාරයට දරුවා මත බලෙන් පැටවිය නොහැක. ඇතැම් බලවත් යෝග කේන්ද්‍රයක පෙන්නුම් කළ පමණින් ඒවා සැබෑ ජීවිතය තුළ පළ නොදේ. උදාහරණයක් ලෙස මහපාරේ සිඟමන් යදින යාචකයන්ගේ කේන්දර පරීක්ෂා කර බැලුවහොත්, ඇතැමුන්ගේ කේන්දරවල රාජ යෝග, ධන යෝග ආදිය පවතින බව සොයාගත හැකිය. එනම් අප කිසිවෙකුට විශ්ව ධර්මය අභිබවා යා නොහැකිය.   


දරුවෙකු පිළිසිඳ ගැනීමේ සිට බිහිවීම දක්වා කාලය තුළ ආධාන කේන්ද්‍රයේ ග්‍රහයින්ගෙන් පාලනය වන ආකාරය මෙසේය.   


පළමු මාසය - සිකුරු ග්‍රහයා මඟින් පාලනය කරයි. කලලය තරලමය තත්ත්වයේ පවතී.   
දෙවන මාසය - කුජ මඟින් පාලන කරයි. කලලය ක්‍රමයෙන් ඝන ස්වභාවයට පත්වෙයි.   
තෙවන මාසය - ගුරු මඟින් පාලනය කරයි. අභ්‍යන්තර අවයව ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගනී. පෙකණි වැල වැඩෙයි.   
හතරවැනි මාසය - රවි මඟින් පාලනය කරයි. අස්ථි පද්ධතිය වැඩෙන්නට පටන් ගනී. ස්ත්‍රී පුරුෂ ලිංග ලක්ෂණ පහළ වේ. සිරුරේ ලෝම සෑදෙන්නට පටන් ගනී.   
පස් වෙනි මාසය - සඳු මඟින් පාලනය කරයි. සම හා හිසකෙස් වැඩෙයි.   
හය වෙනි මාසය - සෙනසුරු මඟින් පාලනය කරයි. සම රැලි වැටීම ද අක්ෂි පක්ෂම සෑදීමට පටන් ගනී   
හත්වෙනි මාසය - බුද මගින් පාලනය කරයි. නහර පද්ධතිය වැඩෙයි. සම යට තෛල පදාර්ථ අධිකවීමෙන් සමෙහි රැලි අඩුවෙන්නට පටන් ගනී.   
අට වෙනි මාසය - ආධාන ලග්නාධිපති මඟින් පාලනය කරයි. හිසකෙස් ඝනව වැඩෙයි. ඇඟිලි කෙළවරට නිය ලඟාවෙයි.   
නව වෙනි මාසය - රවි මඟින් පාලනය කරයි. දරුවාට පිපාසය හා කුසගින්න දැනෙන්නට පටන් ගනී. පිරිමි දරුවෙකු නම් වෘෂණ කෝෂ සම්පූර්ණයෙන් වැඩී ඇත.   
දස වෙනි මාසය - සඳු මඟින් පාලනය කරයි. ප්‍රසූතියට පහසු ආකාරයට ගර්භාෂය තුළ සැකසෙයි.   


මෙවැනි ආකාරයට කිසිවෙකුගේ මෙහෙයවීමකින් තොරව මනුෂ්‍යයෙකු උත්පාදනය වීම සොබාදහමේ ආශ්චර්යයකි.   

 

 

 


ප්‍රසන්ජන සිල්වා   
ජ්‍යොතිෂවේදී - පාරම්පරික වෛද්‍ය - පවුල් උපදේශක   
‘වෙද ගෙදර’   
අංක. 19, මිනුවම්පිටිය පාර, පානදුර.   
දු.ක. 0774530823 



අදහස් (4)

බලගතු මුහුර්තයක් සොයාගෙන ‘සිසේරියන් සැත්කමක්’ කරගැනීමෙන් දරුවකුගේ දෛවය වෙනස් කළ හැකිද ?

nevil Monday, 30 April 2018 03:33 PM

බුදු දහමේ කොහෙද සදහන්වෙලා තියන්නේ මනුෂයෙක් උත්පාදනය වී ඇත්තේ ආත්මය සිත සහ කය එකතුවීමෙන් කියල? විඥ්ඥාන පච්චයා නාමරූප . නාමරූප නිසා ආයතන 6 ත් ඇතිවෙනවා. තින්නන් සංගති පස්සෝ. අධ්‍යාත්මික වූ ඇස කන නාසය දිව ශරීරය මනස බාහිර වූ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ යන ආයතනත් සිතත් එකතුවීමෙන් ස්පර්ශය ඇතිවීමත් ඒ නිසා ඇතිවෙන සැප දුක් උපේක්ෂා වේදනා තමන්ගෙයි කියා හදුනාගැනීමෙන් තමා ඔය ආත්මය කියන එකට තමා ඔය ආත්මය කියන්නේ.

:       0       0

kalani Tuesday, 01 May 2018 09:03 AM

ජ්‍යොතිෂ යනු තාරක විද්‍යාව නොවේ. ස්වභාවික විද්‍යාවද නොවේ. එය අතීතයේ එකතු කරගත් අතාර්කික එකතුවක් පමණි. කිසිදු පරීක්ෂණයක්, නිරීක්ෂණයක් නොකළ එකතැන රැඳෙන මිත්‍යාවක් පමණි, නවග්‍රහ මණ්ඩලයට අලුතින් එකතු වූ යුරෙනස්, නැප්චුන්, ප්ලුටෝ ගැනවත් නිවැරදි කරුණු නොදත් අවිද්‍යාත්මක හිතළුවකි. හබල් දුරේක්ෂයෙන් සොයාගත් අපේ ක්ෂිර පථයෙන් එහා ලෝකය ගැන කතා නොකරන ගොළුවෙකි. චන්ද්‍රයා ග්‍රහයකු ලෙස සලකන මොවුහු අපේ සිමාවේ තිබෙන චන්ද්‍රයින් හැත්තෑවකට අධික ගැන අමතක කරති .ප්‍රමාණාත්මක වෙනස්කම් ගුණාත්මක පර්වර්තන බවට පත්කර නොගන්න තෙක් අවිද්‍යාවේ ගිලි සිටින මිනිසුන් සුරා කෑමට මේ බොරුකරයින්ට හැකිය. නැවත ඉපදීම පිළිබඳව වූ ඉගැන්වීම්වලට එරෙහිව දැවැන්ත ප්‍රහාර එල්ල කල 21 සියවසේ මහා දාර්ශනිකයකු වූ හෝකින්ස් ගේ කියවීම් සහ ලිවීම් පිලිබඳ සැලකිල්ලක් දැක්විය යුතු කාලයයි මේ.

:       0       2

Nuwan Tuesday, 01 May 2018 09:56 AM

කර්ම ශක්තිය පුද්ගලයාගේ ආත්මය හා බැඳී පවතී. එමනිසා මරණින් පසු භෞතික ශරීරයෙන් ගිලිහී යන ආත්මය සමඟ එම කර්ම ශක්තිය බැඳී පවතී. මේ අනුව නැවත සංසාරය දෙසට පැමිණ උපතක් ලබනවාද නැතහොත් නිර්වාණය දෙසට ගමන් කරනවාද යන්න කර්ම ශක්තිය මත තීරණය වෙයි. මෙන්න මේ කතාවනම් පල් බොරුවක් ආත්මය කියල හරියට ක්ෂුද්‍ර ජීවියෙක් වගේ කෙනෙක් මේ ශරීර වලින් එලියට යන්නේවත් මවු කුස තුලට අතුල්වෙන්නේවත් නැහැ. මේක මිත්‍යා මතයක්

:       0       0

pakeer Saturday, 05 May 2018 10:45 AM

මේ කතාව හුඟාක් සංකීර්ණ තත්වයක්. එක එක්කෙනාට එක එක මත සහ පදනම් තියෙන්න පුළුවන්. මම දරන මතය තමයි, අපි හැමෝගෙම ඉරණම තීරණය කරන්නේ අපිමයි. ඒ අපි කරන කියන දේ අනුව. ඉතින් යම් දරුවෙක් යම් මව් කුසක පිළිසිඳ ගත් කල, ඒ දෙමව්පියන් ඒ දරුවා ව යම් කිසි ග්‍රහ පිහිටීමකට අනුව මෙලොව එලිය බලනවානම්, ඒක තමයි ඒ ළමයාගේ කාර්ම විපාකය. ඒ වෙලාවට තමයි ඒ ළමයා මේ ලෝකෙට එන්නේ, කවුරු හරි කෙනෙක් ඒකට දායක වෙලා තියෙනවා. එච්චරයි. දෙවෙනි කරුණ තමයි ආසියාවේ ඉන්න මෝඩයෝ තමයි මේ ග්‍රහ බලපෑම් විශ්වාස කරන්නේ. ඒක විශ්වාසයක් මිස පරම සතයක් නොවේ. කව්රු හරි කෙනෙක් තාරක විද්‍යාව හෝ වෙන මොනයම් විද්‍යාවක් මේ ජෝතිෂ්‍ය සමග එකට ගෙනියන්න හදනවා නම් එක මහා අවිද්‍යාවක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10916 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5926 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5247 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1705 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site