IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අභ්‍යවකාශයේ ඉන්න ගගනගාමීන් විස්කෝතු හදලා

ලෝකෙන්  ටිකක්

 

කිලෝමීටර් 402 ක් පමණ උඩු ගුවනේ, පෘථිවි කක්ෂයේ රැඳවූ අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටින ගගනගාමීන් පළමු වරට විස්කෝතු සැදූ බව ඔබ දන්නවද? මෙය සුවිශේෂී සිදුවීමක් විය. මෙය අත්හදා බැලීමේ පරීක්ෂණයක් විය. මීට පෙර අභ්‍යවකාශ නැවැතුම්පොළේ මේ අයුරින් විස්කෝතු සෑදීමක් සිදු වී නැත. මෙම කටයුත්තට දායක වූයේ අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින ගගනගාමීන් කණ්ඩායමේ ලූකා පර්මිටානෝ සහ ක්‍රිස්ටිනා කොක් ය. 


අභ්‍යවකාශ නැවැතුම්පොළේ මෙහෙයුම් ප්‍රධානී ලෙස කටයුතු කරන්නේ ලූකා පර්මිටානෝ ය. ක්‍රිස්ටිනා කොක් අපට අමුත්තියක් නොවෙයි. අභ්‍යවකාශ නැවැතුම්පොළේ වැඩිම දින ගණනක් රැඳී සිටින කාන්තාව එසේත් නැතිනම් ගගනගාමිය වන්නේ ද ක්‍රිස්ටිනාය. එපමණක් නොවෙයි, කාන්තාවන් දෙදෙනකු පමණක් සහභාගී වූ පළමු ගගන සක්මනට එක් වුණු ගගනගාමිනියන් දෙදෙනාගෙන් කෙනකු වන්නේ ද ක්‍රිස්ටිනා ය. එම ගගන සක්මනට එක්වුණු අනෙක් ගගනගාමිනිය ජෙසිකා මියර් ය. 


ලූකා සහ ක්‍රිස්ටිනා විස්කෝතු සකස් කළේ, අභ්‍යවකාශ නැවැතුම්පොළට ලැබුණු අලුත් ආකාරයේ විශේෂිත උදුන භාවිතයට ගනිමිනි. තවමත් පර්​ෙ‌ය්ෂණ මට්ටමේ ඇති මේ කුඩා උදුන, අභ්‍යවකාශ නැවැතුම්පොළට යැවීම සිදුවූයේ එලොන් මුස්ක්ගේ ‘ස්පේස් එක්ස්’ අභ්‍යවකාශ යානයෙනි. (එලොන් මුස්ක් යනු ඇමෙරිකන් කෝටිපති ව්‍යාපාරිකයෙකි. නව නිපැයුම්කරුවෙකි. මොහුගේ ‘ස්පේස් එක්ස්’ සමාගම අභ්‍යවකාශ ගමන් බිමන් සඳහා අභ්‍යවකාශ යානා සහ රොකට්ටු නිර්මාණය කරයි. ඒ නාසා ආයතනය සමඟ එක්වෙමිනි.) 
අභ්‍යවකාශ නැවැතුම්පොළ වෙනුවෙන්ම විශේෂිත මෙම උදුන භාවිතයෙන් විස්කෝතු නිපදවා ගැනීම අභියෝගයක් විය. වරකට එක් විස්කෝතුව බැගින් උදුනට දමා පුලුස්සා ගැනීම සිදුවිය. ඒ, අභ්‍යවකාශ නැවැතුම්පොළේ උෂ්ණත්වයට ගැළපෙන අයුරිනි. මුල්ම විස්කෝතු හතර පුළුස්සා ගැනීම සිදුවී ඇත්තේ සෙල්සියස් අංශක 148 ක උෂ්ණත්වයකදීය. පස්වැනි විස්කෝතුව පුළුස්සා ගැනීම සිදුවී ඇත්තේ සෙල්සියස් අංශක 163 ක උෂ්ණත්වයක් යටතේය. 

 

 


පළමු විස්කෝතුව මිනිත්තු 25 ක් උදුනේ තැබුණත් එය නිසි ලෙස පිලිස්සී නොතිබුණු බව පැවැසෙයි. ඉන්පසු මිනිත්තු 27 ක්, 120 ක් සහ මිනිත්තු 130 ක් විස්කෝතු පිලිස්සීමට පියවර ගැනුණි. විස්කෝතු නියම ‘පදමට’ සකස් වූයේ මිනිත්තු 120 ට වඩා උදුනේ තැබූ විට බව තහවුරු විය. අවාසනාවකට නිර්මාණය කළ විස්කෝතු රස බැලීමට ගගනගාමීන්ට අවස්ථාවක් නොලැබුණි. හොඳින් පිළිස්සුණු අවසන් විස්කෝතු තුන, සීල් තබා, හොඳින් අසුරා පෘථිවියට එවීමට කටයුතු කෙරුණි. විස්කෝතු සැකැසීම සිදුවූයේ අත්හදා බැලීමේ පර්​ෙ‌ය්ෂණයක් යටතේය. විස්කෝතුවල රස තීරණය කරන්නේත්, උදුනේ සාර්ථකත්වය තීරණය කරන්නේ පහළ පෘථිවියේ සිටින විශේෂඥයන් සහ ඉන්ජිනේරුවන්ය. විස්කෝතු පහළට එවීම සිදුවූයේ ද ‘ස්පේස් ඩ්‍රැගන්’ අභ්‍යවකාශ යානය යොදා ගනිමිනි. 

 


ලුසිත ජයමාන්න 
‘ද සන්’ ඇසුරිනි 

 



අදහස් (1)

අභ්‍යවකාශයේ ඉන්න ගගනගාමීන් විස්කෝතු හදලා

eresh S kumara Friday, 28 February 2020 07:05 AM

මාර කේස් එකක් නේ හදලා කන්න දෙන්නෙත් නෑ කියන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10905 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5916 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5224 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1526 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site