IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අන්තවාදී ත්‍රස්තයන්ගේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව

 

 

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ සෘජු සම්බන්ධතා පවත්වන බවට පැවසෙන ජාතික තවුහිත් ජමාන් නමැති අන්තවාදී මුස්ලිම් සංවිධානයට අයත් මහා පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් අම්පාර සමන්තුරේ ප්‍රදේශයේ පිහිටා තිබෙන බවට තොරතුරක් ලැබී ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවාවේ මීගමුව ඒකකය වෙතය.   


මෙම පුපුරණ ද්‍රව්‍ය ගබඩාව සමන්තුරේ ප්‍රදේශයේ පිහිටුවීමට කලින් පිහිටා තිබුණේ මීගමුව කදිරාන ප්‍රදේශයේ බවටත් රාජ්‍ය බුද්ධි සේවාව වෙත ලැබී තිබුණ තොරතුරු වලින් කියවී ඇති බව දැනගැනීමට ලැබිණි. 


මීගමුව කදිරාන ප්‍රදේශයේ නිවසක රහසිගතලෙස පවත්වාගෙන ගිය මෙම පුපුරණ ද්‍රව්‍ය ගබඩාවේ තිබූ පුපුරණ ද්‍රව්‍ය තොග ලොරියක පටවාගෙන සමන්තුරේ ප්‍රදේශයට රැගෙන ගොස් ඇත්තේ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පසුගිය පාස්කු ඉරිදා බෝම්බයක් පුපුරා යාමට දින කිහිපයකට කලින්ය. 


මේ ඔත්තුව රාජ්‍ය බුද්ධි සේවාවේ මීගමුව ඒකකය වෙත ලැබෙන්නේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බයක් පුපුරුවාගත් දවසට දවස් කිහිපයකට පසුවය. 


මෙම පුපුරණ ද්‍රව්‍ය ගබඩාව මුලින්ම පිහිටා තිබී ඇත්තේ කටුවාපිටිය බෝම්බ ප්‍රහාරයට හා මරාගෙන මැරෙන බෝම්බකරු ලැගුම්ගෙන සිටි සිංහල කාන්තාවකගෙන් කුලී පදනම මත ලබාගෙන තිබූ නිවසේය. 


රාජ්‍ය බුද්ධි සේවාවේ මීගමුව ඒකකයේ නිලධාරීන් මේ තොරතුරේ සත්‍යතාව තහවුරුකර ගැනීමෙන් පසු ඒ බව බුද්ධි සේවාවේ උසස් නිලධාරීන්ට දැනුම්දී ඇත. 
නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාට මේ බව දැනුම්දුන් පසු පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වටලා තිබේ. 


අම්පාර මූලස්ථාන පොලිසියේ හා සමන්තුරේ පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් ද පොලිස් විශේෂ කාර්ය බළකායේ හා යුද හමුදාවේ නිලධාරීහු කණ්ඩායමක්ද මෙම වැටලීමට සහභාගි වූහ. 


අම්පාර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර, අම්පාර පොලිස් අධිකාරී දර්ශන සමන් සූරියආරච්චි සහ අම්පාර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත දඩල්ලගේ යන මහත්වරුන් ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් ද මෙම වැටලීමට හවුල්වී ඇත. 


අම්පාර සමන්තුරේ මාර්ගයේ ගොස් සමන්තුරේ නගරයේ පිහිටි සුපිරි වෙළෙඳසලක් ළඟින් දකුණට හැරී ඉස්මයිල්පුරම් පාරේ කිලෝමීටර් තුනක පමණ දුරින් පුපුරණ ද්‍රව්‍ය ගබඩාකර ඇති බවට තොරතුරු ලැබී තිබුණ නිවස පිහිටා ඇත. 


රාජ්‍ය බුද්ධි සේවාවට ලැබී ඇති ඔත්තුව සියයට සීයක්ම නිවැරදි බව තේරුම් ගියේ නිවස වටලා සෝදිසි කිරීමේදී සොයාගත් දේවල් නිසාය. 


නයිට්‍රේට් ඇසිඩ් අඩංගු කිලෝ 25ක් පමණ ඇති ප්ලාස්ටික් බූලි 20ක් බෝම්බ සෑදීමට යොදාගන්නා අමුද්‍රව්‍ය කිලෝ 50 බැගින් අඩංගු බූලි 6ක් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් ජෙලග්නයිට් කූරු තොගයක්, පැති බෝම්බ සෑදීමට යොදාගන්නා උපකරණ බැටරි කෑලි තොගයක්ද ගෑස් මුහුණු කිහිපයක්ද යකඩ බෝල ලක්ෂයක් පමණ අඩංගු උර 05 ක්ද මෙම කාමරයේ ගබඩාකර තිබියදී සොයාගෙන ඇත. 


පසුගිය පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවට මරාගෙන මැරෙන බෝම්බකරුවන් මාධ්‍යවලට මුදාහැර තිබූ වීඩියෝ දර්ශනයේ දක්නට ලැබෙන පුද්ගලයන් කණ්ඩායමක් ඇඳ සිටි ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටලයක් ද එම වීඩියෝ දර්ශනයේ පිටුපස තිරයට සමාන තිර රෙද්දක් ද ඩ්‍රෝන කැමරාවක්, ලැප්​ටොප් පරිගණකයක්ද මේවාට අමතරව මෙම පුපුරණ ද්‍රව්‍ය ගබඩාව තුළ තිබියදී වැටලීමට ගිය පොලිස් හා හමුදා කණ්ඩායම් විසින් සොයා ගැනිණි. 


මෙම මහා පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වැටලීමේදී පුපුරණ ද්‍රව්‍ය සඟවා ඇති ස්ථාන සොයා ගැනීමට විශේෂ පුහුණුවක් ලබා ඇති පොලිස් නිල සුනඛ කයිතාගේ ද සහාය ලබාගෙන ඇත. 
මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් නිල සුනඛයා මෙහෙයවා ඇත්තේ පොලිස් සැරයන් රසික (9007) සහ කොස්තාපල් කරුණාරත්න යන මහත්වරුන් විසිනි. 


පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් වශයෙන් යොදාගත් මෙම නිවස නියාස් නමැති අයෙකු මාසයකට රුපියල් 40,000 ක මුදලකට කුලී පදනම මත ලබාගෙන තිබුණේ මාස හයක පමණ කාලයකටය. 


ඒ පාස්කු ඉරිදා බෝම්බ පිපිරවීම් මාලාව සිදුවීමට දවස් 15කට පමණ කලින්ය. 

 

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය

අයි.එස්. ප්‍රචාරක කොඩිය

 


නියාස් නමැති පුද්ගලයා ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ අම්පාර දිස්ත්‍රික් නායකයාය. 


සමන්තු​රේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව බාරව සිට ඇත්තේ නියාස් නමැති මෙම පුද්ගලයාය. 


පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වටලන අවස්ථාවේ නියාස් එහි සිටියේ නැත. 


කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේදී ආරක්ෂක අංශ සමඟ ඇතිවූ ගැටුම අතරවාරයේ බෝම්බයක් පුපුරුවාගෙන සියදිවි තොරකරගත් නියාස් නමැත්තාගේ සිරුර පසුව සොයා ගැනිණි. 


නියාස් නැමැත්තා බෝම්බයක් පුපුරුවාගෙන මියගියේ මෙම මහ අවි ගබඩාවේ බොහෝ තොරතුරු රැසක් ද සඟවාගෙනය. 


මෙම පුපුරණ ද්‍රව්‍ය ගබඩාවේ තිබියදී සොයාගත් පුපුරණ ද්‍රව්‍ය තොගය අනුව ඉදිරියේදී ජාතික තවුපිත් ජමාත් නමැති අන්තවාදී මුස්ලිම් සංවිධානය සිදුකිරීමට යොදා තිබූ සැලසුම්වල තරම සිතාගත හැකිය. 

 

අම්පාර සමන්තුරේ මාර්ගයේ ගොස් සමන්තුරේ නගරයේ පිහිටි සුපිරි වෙළෙඳසලක් ළඟින් දකුණට හැරී ඉස්මයිල්පුරම් පාරේ කිලෝමීටර් තුනක පමණ  දුරින් පුපුරණ ද්‍රව්‍ය ගබඩාකර ඇති බවට තොරතුරු ලැබී තිබුණ නිවස පිහිටා ඇත. 


රාජ්‍ය බුද්ධි සේවාවට ලැබී ඇති ඔත්තුව සියයට සීයක්ම නිවැරදි බව තේරුම් ගියේ නිවස වටලා සෝදිසි කිරීමේදී සොයාගත් දේවල් නිසාය. 
නයිට්‍රේට් ඇසිඩ් අඩංගු කිලෝ 25ක් පමණ ඇති ප්ලාස්ටික් බූලි 20ක් බෝම්බ සෑදීමට යොදාගන්නා අමුද්‍රව්‍ය කිලෝ 50 බැගින් අඩංගු බූලි 6ක් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් ජෙලග්නයිට් කූරු තොගයක්, පැති බෝම්බ සෑදීමට යොදාගන්නා උපකරණ බැටරි කෑලි තොගයක්ද ගෑස් මුහුණු කිහිපයක්ද යකඩ බෝල ලක්ෂයක් පමණ අඩංගු උර 05 ක්ද මෙම කාමරයේ ගබඩාකර තිබියදී සොයාගෙන ඇත. 

 


පොලිස් කණ්ඩායම් හා හමුදා භට කණ්ඩායම් සමන්තුරේ නින්දවූර් ප්‍රදේශයේ පිහිටි මෙම අන්තවාදී මුස්ලිම් සංවිධානයට අයත් තවත් නිවසක් වටලා ඇත. 
මේ නිවස බෝම්බ සෑදීමට යොදාගත් ස්ථානයක් බවට සාධක පෙනෙන්නට තිබෙන බව පොලිසියට පෙනීගොස් ඇත. 


මෙයද මාසයකට රුපියල් 35,000 ක පමණ මුදලකට කුලියට ලබාගෙන ඇත්තේද නියාස් නමැත්තාය. 


රාජ්‍ය බුද්ධි අංශයේ මීගමුව ඒකකයට සමන්තුරේ පිහිටි මෙම පුපුරණ ද්‍රව්‍ය ගබඩාව ගැන තොරතුරු ලැබීම නිසා සිදුවීමට ගිය මහත් විනාශයන් වැලක් වළක්වා ගැනීමට හැකිවූ බව පැවසුවේ අම්පාරේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකි. 


රාජ්‍ය බුද්ධි සේවාවේ මීගමුව ඒකකයට මේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව ගැන ඔත්තුව නොලැබුණේ නම් ඉදිරියේදී සිදුවීමට ඉඩකඩ තිබූ මහ විනාශයේ තරම ඕනෑම කෙනෙකුට හිතාගත හැකිය.’’ 


ඒ නිසා මේ ගැන ඔත්තුව ලබාගෙන වහාම ක්‍රියාත්මක වූ රාජ්‍ය බුද්ධි සේවාවේ එම නිලධාරීන්ව විශේෂ ඇගයීමට ලක්කිරීමට වගකිවයුතු බලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතුය. 
යම් විනාශකාරී ක්‍රියාවක් සිදුවී ජීවිත විශාල සංඛ්‍යාවක් මරුමුවට පත්වී දේපොල විනාශයට පත්වීමෙන් පසු එයට සම්බන්ධ වූවන් අල්ලා ගන්නවාට වඩා විනාශකාරී ක්‍රියාවන් සිදුවීමට කළින් එය වළක්වා ගැනීම හැම අතින්ම වැදගත්ය. 


රාජ්‍ය බුද්ධි සේවාවේ මීගමුව ඒකකයේ නිලධාරීන් මේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව ගැන තොරතුරු අනාවරණය කරගෙන එය සොයා ගැනීම මගින් එම බුද්ධි අංශය ඉටුකර ඇත්තේ ජාතික වගකීමකි. 


බුද්ධි සේවාවේ නිලධාරීන් කළ ඒ මහඟු සේවාව ඇගයිය යුත්තේ වෙන කිසිවක් නිසා නොව ඔවුන් තව තවත් දිරිමත් කිරීමටය. 


ඒ වගේම මේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව ගැන ඔත්තුව ලබාදුන් පුද්ගලයා ගැන දන්නේ ඒ බුද්ධි සේවාවේ නිලධාරීන්ය. 


ඔත්තුව ලබාදුන් පුද්ගලයාගේ අනන්‍යතාව සදාකාලික රහසක් වුවත් ඒ ඔත්තුව ලබාදුන් පුද්ගලයාද විශේෂ ඇගයීමකට ලක්කිරීම නොපමාව සිදුවිය යුත්තකි. 


ඒ ඔහු කවුද කියා සමාජයට අනාවරණය නොවන ලෙසය. 


සිදුවීමට ඉඩ තිබූ මහ විනාශයක් වළක්වා ගැනීමට හැකිවූයේ ඒ පුද්ගලයා කවුරුන් වුවත් ඔහු රාජ්‍ය බුද්ධි සේවාවට ලබාදුන් තොරතුර නිසාය. 


පාස්කු ඉරිදා දේවස්ථානවලට ප්‍රහාර එල්ල කරන බව කල් ඇතිව දැනුම්දී තිබුණේද රාජ්‍ය බුද්ධි සේවාව මගින්ය. 


එහෙත් ඇතමුන් ඒ බුද්ධි වාර්තාව ගැන එතරම් සැලකිල්ලට ගෙන තිබූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. 


ජාතික තවුහිඩ් ජමාත් සංවිධානයේ දෙවැනි මහ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව මෙය වන්නේය. 


මෙම අන්තවාදී සංවිධානයේ මුල්ම පුපුරණ ද්‍රව්‍ය ගබඩාව පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ තිබී සොයාගත්තේ රහස් පොලිස් කණ්ඩායමක් විසිනි. 

 

ඩෙටනේටර් ඇතුළු යුද උපකරණ

 

පුපුරණ දව්‍ය අඩංගු රසායනික බැරල්

 

 


රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වනාතවිල්ලුවේ මෙම පුපුරණ ද්‍රව්‍ය ගබඩාව සොයා නොගන්නට තවත් මහ විනාශයක් සිදුවීමට ඉඩකඩ තිබිණි. 


වනාතවිල්ලුවේ පිහිටි පුපුරණ ද්‍රව්‍ය ගබඩාව සොයා ගැනීමට මග පෑදුනේ මාවනැල්ල හා ඒ අවට ප්‍රදේශවල බුදුපිළිම කැඩීමට හවුල්වූ පුද්ගලයන් ගැන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමේදීය. 


සමන්තුරේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව සොයාගැනීමෙන් පසු ඒ ගැන පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් සැක කරනුයේ බෝම්බ නිෂ්පාදනය කරන විශේෂඥයන් එකෙක් හෝ දෙන්නෙක් එහි සිටින්නට ඇතැයි කියාය. 


ඒ බෝම්බ විශේෂඥයන් ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔවුන් අල්ලා ගැනීමට බුද්ධි අංශ නිලධාරීහු හා විශේෂ පොලිස් කණ්ඩායම් මහත් පරිශ්‍රමයක නිරතව සිටිති. 
ජාතික තවුපිත් ජමාත් සංවිධානය රහසිගතව පවත්වාගෙන යන තවත් මෙවැනි පුපුරණ ද්‍රව්‍ය ගබඩා නැගෙනහිර පළාතේ ඇති බවට පරීක්ෂණ කණ්ඩායම් සැක කරති. 
එවැනි තැන් තිබේදැයි සොයා පරීක්ෂණ කණ්ඩායම් අඛණ්ඩව පරීක්ෂණ පවත්වාගෙන යයි. 


නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මඩකළපුව සහ අම්පාර දිසා භාර නි​යෝජ්‍ය පොලිස්පති ආයාශ කරුණාරත්න මහතාගේ උපදෙස් මත අම්පාර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර සහ අම්පාර පොලිස් අධිකාරී දර්ශන සමන් සූරියආරච්චි යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ අම්පාර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත දඩල්ලගේ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරීහු සමඟ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති. 

 

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය  



අදහස් (0)

අන්තවාදී ත්‍රස්තයන්ගේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10917 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6208 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5928 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5247 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1705 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site