IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අතින් මලපහ අදින භංගි ජනයා

 

භංගි යනු ඉන්දියානු කුලයක් වන අතර ඔවුන් බල්මිකි හෝ වල්මිකි ලෙස හඳුන්වනු ලැබේ. ඉන්දියාව පුරා විසිරී සිටින මෙම ජනතාව බෙහෙවින්ම දුගී ජනතාවක් වේ. මොවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වනුයේ නගරය පුරා ඇති මිනිස් මලපහ ඉවත් කිරීමයි. මෙම මල ද්‍රව්‍ය අතින් ඉවත් කරන්නන් ලෙස මෙම ජන කොට්ඨාසය හඳුන්වයි.  


ඉන්දියාව තුළ කුලවාදය බෙහෙවින් ඉස්මතුව ඇත. යටත් විජිත සමයේ දී ඔවුන් ගම්වලින් නගරයට​ ගෙන එනු ලැබුවේ මිනිස් අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ නගර පිරිසිදු කිරීම සඳහාය. කල්යාමේ දී ඔවුන් පසුව නාගරික ප්‍රජාවක් බවට පත්විය.  


බල්මිකි සාන්තුවරයාගෙන් පොදු සම්භවයක් ඇති බව මොවුහු පවසති. බල්මිකි ශුද්ධ වූ හින්දු වීර කාව්‍යයක් වන රාමායණයේ පළමු සංස්කෘත කවියා සහ කතුවරයා යැයි සැලකේ. මෙම ප්‍රජාව ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ හර්යානා පන්ජාබ් දිල්ලි ගුජරාට් සහ චන්දි නගාර්හි ජීවත් වෙති.  
වැසිකිළි පිරිසිදු කිරීම මංමාවත් අතුගා දැමීම සහ අපද්‍රව්‍ය නළ කැණීම් කිරීම වැනි වැඩ තුනකට භංගි ජනතාව සීමා කර ඇත.  
කැණීම් කිරීම යනු සමහර විට මියගිය අය ගොඩගැනීම අදහස් කරයි. භංගි පවුලක දරුවෙකු මෙවැනි වැඩක් කිරීමට යොමුවන්නේ මුදල් හේතුවෙනි. මෙය ඉතා අපහසු කටයුත්තකි.  


වර්තමාන ඉන්දියාවේ මිනිස් අපද්‍රව්‍ය අතින් ඉවත් කිරීම තහනම් කිරීම ඇතුළු සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමට උත්සාහ කර ඇතත් සමහර භංගිවරු තවමත් ඒ ආකාරයේ වැඩ කරමින් සිටින අතර ඔවුහු සමාජයෙන් කොන්වී අන් ජනතාවගේ බොහෝ හිරිහැර කිරීම්වලට ලක්ව සිටිති.  
භංගි ජනතාව ඉන්දීය කුල ක්‍රමයේ පහත්ම ස්ථානය හිමිකරගෙන සිටිති. කාලයාගේ ඇවෑමෙන් වැසිකිළි හඳුන්වාදීමත් සමග හිස මත මල බකට් රැගෙන යාමේ පුරුද්ද නැති වී ගොස් ඇතත් නගරයේ අපිරිසිදුකමින් අඩක් ගිලී ඇති මලාපවහනවල අවහිරතා ඉවත් කිරීම ඔවුහු තවමත් දෑතින් සිදු කරති.  
ඔවුන් සැමවිටම සමාජයෙන් කොන් කර ඇති අතර සමාජ ආර්ථික හා සංස්කෘතික වශයෙන් නෙරපා හරින ලද අය ලෙස සලකනු ලැබේ. අතුගාන්නන් වර්තමානයේ සනීපාරක්ෂක සේවකයින් ලෙස හැඳින්වේ.  


මා අවුරුදු කිහිපයකට පෙර කළ ඉන්දියානු සංචාරයක දී මාර්ගය දෙපස බිම වාඩිවී සිටි කාන්තාවන් පිරිසක් සමග ඡායාරූපයකට පෙනී සිටියෙමි. පසුව මා වෙත පැමිණි මා ගමන් කළ රථයේ සික් ජාතික රියැදුරා පවසා සිටියේ ඔවුන් කුල හීනයන් නිසා නැවත එසේ නොකරන ලෙසයි. මොවුන් කුල හීනයන් නිසා දුම්රිය අසුන් මත වාඩිවීම දුම්රිය ස්ථානවල ගැවසීම පවා තහනම්ය. එසේ වුවහොත් දරුණු තාඩන පීඩාවන්ට ලක්වෙනු ඇත.  

 


බොහෝ භංගී ජනයා හින්දු භක්තිකයන් වන අතර ආගමික වත්පිළිවෙත් උත්සව හා චාරිත්‍ර වාරිත්‍ර පවත්වති. සමහර භන්ගිස්වරු සමහරක් මුස්ලිම් ජාතිකයන් වන අතර බොහෝ භංගිවරු ශක්තිමත් හින්දු භක්තිකයන් වන ඇතැම් අය වෙනත් ආගම්වලට ගොස් ඔවුන් සතුව ඇති සමාජ තත්ත්වයෙන් සිටිති.  
අතින් මලපහ ඉවතලීම ඉන්දියාවේ නීතිවිරෝධීය. 2016 වර්ෂයේ සමාජ ආර්ථික හා කුල සංගණනය ඇස්තමේන්තු කර ඇත්තේ ඉන්දියානුවන් 182,000 කට වැඩි පිරිසක් මෙලෙස සේවය කරන අතර මානව හිමිකම් කණ්ඩායම් එම සංඛ්‍යාව 770,000 ක් බව පවසති.  


මෙසේ තැනින් තැනට යමින් විශේෂයෙන්ම මිනිස් මල අපද්‍රව්‍ය එකතු කරන්නන් සම්බන්ධව අවධානය යොමු කළ මුම්බායි හි Sangh සංවිධානයේ මිලින්ද් රණඩේ පවසන්නේ අතින් කසළ දැමීම කුල පදනම් කරගත් වෘත්තියක් වන අතර එය බොහෝදුරට දිලිත් ප්‍රජාවට පමණක් සීමා වී ඇති බවයි. ඉන්දියානු සමාජයේ පහත්ම මට්ටමේ. සනීපාරක්ෂක සේවකයින් සමේ හා ශ්වසන ආසාදන, ක්ෂය රෝගය, මැලේරියාව සහ ඩෙංගු වැනි රෝගවලට ගොදුරු වේ.  


අන් අය ඔවුන් ගැන කුමක් සිතුවත් භංගි ජනතාවට වෛද්‍ය සමාජ ආර්ථික හා අධ්‍යාපන අවශ්‍යතා ඇත. මෙම කුල හීනයන්ට සමාජයේ කිසිදු පිළිගැනීමක් නැත. ඔවුන් මෙම රැකියාවේ නිරත වන්නේ අපද්‍රව්‍ය සමග සම්බන්ධ වීමෙන් සිදුවන ආසාදනය පිළිබඳ නොදැන වන අතර මෙම නිසා ඉතා භයානක ලෙඩ රෝග මෙම කම්කරුවන්ට වැළඳී ඇත. මෙම කම්කරුවන් අවු. 40 - 45 වයසේ දී මියයන බව ඉන්දීය වාර්තා පෙන්වා දේ. මෙම රැකියාවේ නිරත වූවන්ට දිනකට එක් නිවසකින් රු. 5 - 10ක් ප්‍රමාණයක් ලැබේ. නැතහොත් රොටියක් හෝ දෙකකි. ඔවුහු සමාජතලයෙන් කොන්වී හුදකලා ජීවිතයක් ගතකරති. 

 


නයන තෙන්නකෝන්  
අන්තර්ජාලය ඇසුරෙන්  



අදහස් (1)

අතින් මලපහ අදින භංගි ජනයා

vidya Wednesday, 18 December 2019 05:20 AM

තිස්තුන් කෝටියක් මිනිසුන් විසින් මවා ගැන වඳින පුදන , දෙවිවරු ඉන්න රටේ, පිරිසිදු කම පිලිම්බන්දව කිසිම ක්‍රම වේදයක් නැති එක හරිම කනගාටුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10904 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5916 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5223 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1701 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1517 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site