IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘පක්ෂයට එරෙහිව ගිය අයට විනය ක්‍රියා මාර්ග ගන්නවා‘‘

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පක්ෂයට එරෙහිව ගිය සහ යන සෑම කෙනෙකුටම එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනීම ඉදිරි සතියේ ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

අද (11) මාරවිල ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් සම්මේලනය අමතමින් මහලේකම්වරයා මේ බව කියා සිටියේය.

එහිදී ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘2015 ජනවාරි මාසයේ 08 වැනිදා පැරදුනාට පස්සේ කිසිම කෙනෙක් ඇයි අපි පරාද වුණේ කියලා හොයලා බලලා නැහැ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් පක්ෂය ඒ ගැන හොයා බැලුවේ නැහැ ඇයි අපි පැරදුනේ කියලා.

කවුරු හරි හිතනවා නම් ආපහු අපි ජය ගන්නවා කියලා ඒ අය බලාගෙන ඉන්නේ පරණ වැරදි ටික නැවතත් කරන්න.ඒ නිසා එය නිවැරදි තැනකට තල්ලු කරන්න ඕනේ කියලයි අපි නම් හිතන්නේ.

බලය ලැබුණා කියලා උදම් වෙලා යන්න ගියොත් අවුරුදු 05 ක් යන්න කලින් සියල්ලම නැත්තටම නැති වෙනවා.ඒ නිසා ස්ථාවර ආණ්ඩුවක් හදා ගන්න නම් සෑම කෙනෙකුටමට ගෞරවයක් ඇතිව කථා කරන්න පුරුදු වෙන්න ඕනේ.

මෙතන ඉන්න අය ඡන්ද එකතු කරලා තමයි අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පත් වුණේ.එහෙම පත් වුණු අය පක්ෂයට විරුද්ධව යනවා නම් අපි විනය ක්‍රියා මාර්ග ගන්න සුදානම් වෙලා ඉන්නේ.

මේක හිර වෙලා තිබුණේ මෙච්චර කාලයක්.නමුත් මම ඒක ක්‍රියාත්මක කරනවා.පක්ෂයට විරුද්ධව ගිය මන්ත්‍රීවරුන්ට එරෙහිව ගිය සතියේ සිට අපි විනය පරීක්ෂණ ආරම්භ කළා. ලබන සතියේ අගහරුවාදා ඉදලා දිගටම විනය පරීක්ෂණ තියනවා. පක්ෂයක් වැඩ කරනවා නම් විනයක් තියෙන්න ඕනේ.‘‘



අදහස් (0)

‘‘පක්ෂයට එරෙහිව ගිය අයට විනය ක්‍රියා මාර්ග ගන්නවා‘‘

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site