(කාංචන කුමාර ආරියදාස)
සේනා දළඹු විශේෂය නැවත වරක් රජරට ප්‍රදේශයේ ගොවි බිම්වල ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොරිවිල ප්‍රදේශයේ ගොවීහු කියති.
මේ දිනවල පලුගස්වැව හොරිවිල ප්‍රදේශයේ රටකජු වගාවේ ලොකුලූනූ වගාවේ බඩඉරිගු සහ කව්පි වගාව හි දළඹුවන් වීශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ගොවීහු පෙන්වා දෙති.
පසුගිය වසරේ සේනා දළඹු මර්දනය වීමෙන් පසු දිවයිනේ කිසිම ප්‍රදේශයක සේනා දළඹුවන් ව්‍යාප්ත වීමේ තත්ත්වයක් වාර්තා නොවුණු අතර මෙම වසරේ පළමු වතාවට සේනා දළඹු ව්‍යාප්තිය හොරිවිල ප්‍රදේශයෙන් වාර්තා වීම විශේෂත්වයකි.
එමෙන්ම හොරිවිල ප්‍රදේශයේ ගොවීන් කියා සිටින්නේ මීට පෙර කවුපි වගාවේ සහ විශේෂයෙන් රටකජු වගාවේ සේනා දළඹුවන් දක්නට නොතිබූ බව ය. ප්‍රදේශයේ රටකජු අස්වැන්න නෙලන සහ අස්වැන්න මෝරන සමය පවතින බවත් රටකජු ශාකවල පත්‍ර සහ කඳ සම්පූර්ණයෙන්ම මෙම දළඹුවන් ආහාරයට ගන්නා බව ගොවීන් පෙන්වා දෙති.
එමෙන්ම තවදුරටත් ගොවීන් කියා සිටින්නේ සේනා දළඹුවන්ට අමතරව තවත් පණු විශේෂ කිහිපයක් ම තම වගා බිම් වල විශාල වශයෙන් දිනෙන් දින ව්‍යාප්ත වෙමින් පවතින
බවය. ලොකු ළූණු වගාවේ පත්‍රවල ද ඊට අමතරව බඩඉරිඟු වගාවේ සහ වී වගාව ද තැනින් තැන මෙම දළඹු විශේෂය ව්‍යාප්ත වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති.
පසුගිය වසරවල ද මෙම ප්‍රදේශයේ අක්කර 3000 කට අධික භූමි ප්‍රමාණයක් සේනා දළඹු හානියෙන් විනාශයට පත්වූ බවත් එම වගා හානි සඳහා වන්දි ලබා දෙන බවට ප්‍රකාශ කළද මෙතෙක් එවැනි වන්දියක් හෝ නොලැබුණු බව ගොවීහු චෝදනා කරති .
කෙසේ වෙතත් මෙම දළඹු විශේෂය ව්‍යාප්ත වීමට පෙර කඩිනමින් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නැයි ගොවීහු කෘෂිකර්ම බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටිති.
මෙවර පැවැති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ගොවීන් බඩඉරිඟු වගාව අත්හැර රටකජු සහ කව්පි වැනි වෙනත් ධාන්‍ය වර්ග වගා කිරීමට පෙළඹීම විශේෂත්වයකි. බොහෝදුරට සේනා දළඹු හානිය නිසා බඩ ඉරිගු වගාව අත්හැරීම ද විශේෂත්වයකි.
මේ පිළිබධව කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනුර විජේතුංග මහතා ගෙන් විමසීමේදී කිවේ ඉදිරි කන්න වලද මෙය පැතිර යාමේ අවධානමක් පවතින බවද පාලනය කිරීමට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘සේනා‘ යළිත් රජරටට
Kumar Sunday, 25 August 2019 05:45 PM
කැලිෆෝර්නියාවේ මේ උවදුරට අපේ ගෙවතුවල ඉතා සාර්ථකව යොදන්නේ "නීම් ඔයිල්" කියා විකුණන කොහොබ තෙල්.. කොහොඹ තෙල් වතුර සමග මිශ්‍රකර ඉසින යන්ත්‍රයකින් ඉසීමෙන් මේ උවදුර මග හැරෙනවා. කොහොබ තෙල් වල ඇති දුගඳ හැරුනවිට ශරීරයට අහිත කරදෙයක් නැත.