IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘යහපත් සමාජයක් සඳහා දහම් අධ්‍යාපනය අවශ්‍යයි’

(මහේෂ් කිර්තිරත්න)

 
වත්මන් කාලය තළ රට තුළ යහපත් සමාජයක් අවශ්‍ය නම් දහම් අධ්‍යාපනය ගොඩනැඟීම යුගයේ අවශ්‍යතාවයක් බව සංචාරක සංවර්ධන හා වනජීවි රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැවසීය.          

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ  රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දන්කන්ද ශ්‍රී නන්දනාරාම විහාරස්ථානයේ "ශ්‍රී පියදස්සී" දහම්පාසල් නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.               

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  සංකල්පයකට අනුව ක්‍රියාත්මක ගම්පෙරළිය වැඩසටහන යටතේ වෙන්වූ රුපියල් 500,000ක ප්‍රතිපාදන මත මෙම ගොඩනැගිල්ල ඉදිකෙරුණි.                       

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා මෙසේද පැවසීය.             

“වත්මන් සමාජ තත්ත්වය දෙස බැලීමේ දී ළමා පරපුර යොමු වන පරිසරය කුමන ආකාරයක එකක්ද යන්න පිළිබඳ හොඳ අවබෝධයකින් සිටීමත්, එවැනි ළමා පරපුරට දහම් අධ්‍යාපනයේ වටිනාකම පහදා දීමත් වැඩිහිටියන්ගේ බලවත් යුතුකමක්.‍ සමාජයට දැනුමෙන් මෙන්ම හැදියාවෙන් පිරිපුන් මිනිසෙක් බිහි කරන්නේ දහම් අධ්‍යාපනයෙන්. දිනෙන් දින සමාජය තුළ හිස ඔසවන ප‍්‍රචණ්ඩත්වය, මවට පියාට, වැඩිහිටියන්ට නොසළකන අධර්මිෂ්ට සමාජය බිහිවන්නේ වත්මන් පරපුරට නිසි දහම් අධ්‍යාපනයක් නොලැබීම හේතුවෙන්. ඉරිදා දිනවල උපකාරක පංති පැවැත්වීම සම්බන්ධයෙන් පළාත් සභා මට්ටමින් මේ වන විට විවිධ වැඩසටහන් සිදු කරනවා. වත්මන් රජය විසින් ආගමික සිද්ධස්ථාන සංවර්ධනය මෙන්ම දහම් අධ්‍යාපනය නගා සිටුවීමටත් විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. පසුගිය වසරේ මාතලේ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 43ක් සඳහා මගේ මැදිහත්වීමෙන් මුදල් ප්‍රතිපාදන ලබා දී සංවර්ධන කටයුතු රැසක් ක්‍රියාත්මක කළා.”                                              

මෙම උත්සවය විහාරාධිපති  විශ්‍රාමලත් පරිවේණාචාර්ය දන්කන්දේ ඥාණසිද්ධි හිමියන්ගේ අනුශාසානා පරිදි දහම් පාසල් ආචර්ය මණ්ඩලය සංවිධානය කළ අතර මෙම අවස්ථාවට රත්තොට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චමින්ද මල්තුංග, කොට්ඨාසයේ මන්ත්‍රීනී කාංචනා සඳමාලි යන මහත්ම මහත්මිය ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 


 



අදහස් (0)

‘යහපත් සමාජයක් සඳහා දහම් අධ්‍යාපනය අවශ්‍යයි’

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1384 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site