IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘ටිකිරි ඇතින්න සුවෙන්‘

(චමිල් රූපසිංහ)
ටිකිරි ඇතින්න දළඳා පෙරහරේ විශ්ණුදේවාල පෙරහැරට සහභාගි වි සිට නැවත ගාල් කර සිටියදි බිම පෙරලි සිටි බවත් එසේ බිම පෙරලි සිටියේ ඇයගේ වයස තත්වය මත බවත් වෛද්‍ය පරික්ෂණයකට ලක් කර ඇගේ සෞඛ්‍ය තත්වය නිවරදිව කිව හැකි බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය අසෝක දංගොල්ල මහතා පවසයි.
 
පසුගිය දිනවල සමාජ මාධ්‍ය මගින් ශරීර සෞඛ්‍ය පිරිහුණු වයෝවෘද්ධ ටිකිරා නම් ඇතින්නක් දළඳා පෙරහැරේ ගමන් කිරිම සම්බන්දව විශාල වශයෙන් විවේචන එල්ල විය.
 
එම අවස්ථාවේදි ටිකිරි ඇතින්නගේ හිමිකරු වන එල්.එල් තිලකරත්න මහතා විසින් ශරීර සෞඛ්‍ය පිරිහුණු වයෝවෘද්ධ ටිකිරා නම් ඇතින්න මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව සමාජ මාධ්‍යය මගින් එල්ල කරන චෝදනා සියල්ල අසත්‍ය බවත්   පැවසීය.
 
මහනුවර විෂ්ණු දේවාළය නියෝජනය කරමින් තුන්වන රන්දෝලි පෙරහර පමණක් ටිකිරා ඇතින්න  ගමන් කළ බවත් ඒ  පසුගිය වසරේ පෙරහැරෙන් පසුව  ආහාර ජීර්ණය නොවීමේ රෝගයකින් මාස 06 ක පමණ ටිකිරි ඇතින්න පෙඵනු බවත් ඊට ප්‍රතිකාර කරන අතර රෝගය සුවවීම ප්‍රාර්ථනය කරමින් භාරයක් ඔප්පු කිරීමට මෙවර පෙරහරට එක් වු බවත්  සඳහන් කළේය.

මේ වන විට සාමාන්‍ය සතෙකු ලෙස ආහාර පාන ටිකිරි ඇතින්න ආහාර ගන්නා බවත් දිගින් දිගටම මෙසේ සමාජ මාධ්‍ය තුලින් ගෙන යන කතා අසත්‍ය බවත් සියලු සතුන් වයසට යන විටදි තරුණයෙකු මෙන් ක්‍රියාශිලි නොවන බවද තිලකරත්න මහතා කිය.


 



අදහස් (2)

‘ටිකිරි ඇතින්න සුවෙන්‘

Akila Thursday, 15 August 2019 11:58 AM

මේ සැරේ තමයි අපේ කට්ටිය අනාගත්තේ, මෙච්චර කල් දළදා පෙරහරි අලින්ව පාවිච්චි කිරීම ගැන සත්ව හිංසනයට විරුද්දව කතාකරන විදේශිකයන්ගේ වැඩි කැමැත්තක් තිබ්බේ නැහැ, නමුත් මේ සිද්දියෙන් මුළු රටම අපකීර්තියට පත් වුනා. මේක බ්‍රිතාන්‍යයේ පවා ප්‍රසිද්ධ පුවත් පත් ගණනාවකම වාර්තා කරලා තිබ්බා, ඒ ගොල්ලෝ කියල තිබ්බේ තමන්ගේ ඇදහීම් මොකක් උනත් ඒක අසරණ සත්තුන්ගේ පිටේ බලෙන් පටවන්න එපා කියල. ඒ ගැන අපේ සිංහල බෞද්ධයොත් පොඩ්ඩක් හිතුවනම් හරි.

:       0       4

ජානක පෙරේරා Friday, 16 August 2019 01:51 PM

පෙර කල පෙරහැර වලට පමණක් නොවෙයි යුද්ධ වලටත් අලි ඇතුන් යොදාගත්තා. බටහිර රටවල ඒ සඳහා අසුන් යොදාගත්තා. දැන් එහෙම නැහැ. ඒක හොඳ දෙයක්. එහෙත් මෙතන ප්‍රශ්නය වසර 500 ටත් වඩා පැරණි දළදා පෙරහැර වල අලි ඇතුන් යෙදවීම රජයක් විසින් අද නවත්වන්න ගියහොත් ඒ රජයට පවතින්න බැරිවෙන තත්වයක් උදා විය හැකියි. පෙරහැර වලට අලි ඇතුන් යොදවන්නේ වසරකට එක වරයි. එබැවින් මේ ඇතුන් හොඳින් බලාගැනීම භාරකරුවන්ගේ සහ පන්සල් වල යුතුකමයි. එසේ නොකෙරෙනවා නම් ඊට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි. මෙවැනි සම්ප්‍රදායික ආගමික උත්සව වලට අලි ඇතුන් යෙදවීම ලංකාවේ පමණක් නොව ඉන්දියාව ඇතුළු වෙනත් රටවලත් කෙරෙනවා. මේ ටිකිරි ඇතින්නගේ ප්‍රශ්නය වැරදි කොනකින් අල්ලා ගැනීමෙන් රට පුරා සියලු ඇතුන්ට හිරිහැර වෙනවා කියලා යමෙකු කියනවා නම් එය කිසිසේත් පිළිගත නොහැක්කකි. මෙහිදී සත්ව හිංසන විරෝධීන්ගෙන් ඇසිය යුතු තවත් ප්‍රශ්නයක් ඇත. එනම් දිනපතාම දසවධ දී මරා දමන හරකුන් එළුවන් ඌරන් ආදී සතුන් කෙරෙහි ඔවුන්ගේ අනුකම්පාව යොමු නොවන්නේ ඇයි? විශේෂයෙන් ඇතැම් ආගමික උත්සවවලදී මේ සතුන් විශාල වශයෙන් ඝාතනය කරනු ලබයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site