(ඩි.ජී.සුගතපාල)
හෙරොයින් ග්‍රෑම් 16 ක් සමඟ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ගැබිනි කාන්තාව දින 7ක් පොලිසියේ රඳවා තබාගෙන වැඩිදුර පරික්ෂණ පැවැත්විමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හබරාදුව පොලිසියට අවසර ලබා දුන්නේය.
මහේස්ත්‍රාත්වරයා මෙම අවසරය ලබා දුන්නේ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලිමෙන් පසුවය.
මෙසේ රඳවා තබා ගැනිමට නියෝග කරනු ලබුවේ පිලාන වංචාවල හරිතගම පදිංචි මධුකා ලක්වානි පරණවිතාන නමැති 26හැවිරිදි අට මස් ගැබිණි කාන්තාවකි.
සැකකාරිය ඊයේ (21) දින දහවල් මාතර ප්‍රදේශයේ සිට හෙරොයින් රැගෙන ත්‍රි රෝද රථයකින් පැමිණ නිවසට ඇතුලුවනවාත් සමඟ රැකවලෙහි සිටි පොලිස් නිලධාරින් විසින් හෙරොයින් බෑගයද සමග අත් අඩංගුවට ගෙන ඇත.
පසුව සැකකාරිය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ ඇයගේ සැමියාද හෙරොයින් ලඟ තබා ගැනිමේ චෝදනාවක් සම්බන්ධයෙන් මේ වනවිට බන්ධනාගාරගතව සිටින අතර පසුව මෙම කාන්තාව හෙරොයින් ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවය..
හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක ජනක,උප පොලිස් පරික්ෂක විමල්,සැරයන් ගුණසේකර(62923) කොස්තාපල්වරුන්වන රංජය(24208) රාජපක්ෂ(24052) කාන්තා උප පොලිස් පරික්ෂිකා අනුශිකා යන මහත්ම මහත්මින් විසින් සැකකාරිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හොරොයින් සමඟ අත්අඩංගුවට ගත් ගැබිනිය රඳවා ප්‍රශ්න කරන්නට අවසර