(මනෝප‍්‍රිය ගුණසේකර)
හෙරොයින් ග්‍රෑම් අටක් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වු මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (05) ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.
මීට වසර 07 කට පෙර කොළඹ මට්ටක්කුලිය ප‍්‍රදේශයේදී හෙරොයින් ග්රූම් 8.09 ක් ජාවාරම් කළ බවට වු චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේ කොළඹ 14 ෆර්ගියුෂන් පාර ප‍්‍රදේශයේ පදිංචි සංගර් කදීෂ්වරන් නමැත්තෙකුටය.
2011 සැප්තැම්බර් මස 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ කොළඹ 14 ෆර්ගියුෂන් පාර ප‍්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 8.09 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් කොළඹ ෆර්ගියුෂන් පාර ප‍්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගෙන සිටි විත්තිකරු අත්අඩංගුවට ගෙන ඇති බව නඩු විභාගයේදී හෙළි විය.
විත්තිකරුට එරෙහි හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කරමින් එම චෝදනාවෙන් ඔහු නිදොස් කොට නිදහස් කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කොට ඔහුට ඒ සඳහා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරඳඩුවම් නියම කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හෙරොයින් ජාවාරම්කරුට ජීවිතාන්තය තෙක් සිරදඬුවම්