IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


හිටපු වනජීවී ඇමැතිට තලාවේදී හූ සංග්‍රහයක්

(කුෂාන් ජයවර්ධන)

වන අලි ගැටලුවට ස්ථිර විසඳුමක් ඉල්ලා අනුරාධපුර - පාදෙනිය ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින්  අනුරාධපුර තලාව - ජයගඟ මංසන්ධියේදී  අද (11)  පැවැති විරෝධතාවක් අතරතුර එම ස්ථානයට පැමිණි අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතාට විරෝධතාකරුවන්  හූ හඬින් සංග‍්‍රහ කරනු ලැබීය.

තලාව මුදුනේගම, සෝළම, කැලේගම, පහළගම, කුමාර එළිය, කොන්ගොල්ලෑව, ගඟසිරිපුර, නෙලුම්තොට්ටම, නාවක්කුළම ආදී ගම්මාන කීපයක ගොවි ජනතාව පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ.

තලාව ගඟසිරිපුර ගම්මානයේ පදිංචි පුද්ගලයෙකු පියෙකු පසුගියදා කුඹුරට යම්න් සිටියදී  වන අලි ප‍්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇති අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව තලාව අවට ගම්වාසීන් අද මිනී පෙට්ටියක් හා මල්වඩම් ද රැගෙන වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතාකරුවන් විරෝධතා පුවරු ප‍්‍රදර්ශණය කරමින් විරෝධතාවයේ යෙදී සිටියදී අදාළ ස්ථානයට තලාව ප‍්‍රාදේශීය ලේකම් එන්.එච්.ආර් නිෂාන්ත මහතා හා තඹුත්තේගම ප‍්‍රාදේශීය ලේකම් රේණුකා වන්සේකර මහත්මිය පැමිණ විරෝධතාකරුවන්ගේ ගැටලුව පිළිබඳ විමසා සිටියහ.

එහිදී විරෝධතාකරුවන් කියා සිටියේ තලාව හා තඹුත්තේගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ට මායිම්ව පිහිටි තම ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගෙන් සිදු වන ගැටලු සම්බන්ධයෙන් ප‍්‍රාදේශීය ලේකම්වරුන් දෙදෙනාම දැනුවත් බවත් රජයේ නිලධාරීන් ලෙස ප‍්‍රාදේශීය ලේකම්වරුන් සිය උපරිමය වන අලි ගැටලඅවට සිදු කර ඇති බැවින් මෙම ගැටලුවට විසදුම් ලබා දීමට දිස්ත‍්‍රික් ලේකම්වරයා විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට කැඳවන ලෙසයි.

වන අලි ගැටලුවට විසදුමක් ලෙස කැලෑ වටකර ගස් හරහා අලි වැටක් ඉදි කළද මෙතෙක් වන අලි ගැටලුවට විසදුමක් නොලැබුණ බවත් වන අලි ගැටලුවට විසදුම් ලෙස රක්ෂිත තුළ වන අලින්ට ආහාර ලෙස අවශ්‍යය දේ වගා කිරීමත් වනජීවි දෙපාර්තමේන්තුව සඳහා ප‍්‍රමාණවත් නිලදාරීන් බඳවා ගන්නා ලෙසත් ඉල්ලමින් ජනාධිපතිතුමන් වෙත සංදේශයක් සකස් කර ඇති බවත්,එය ජනාධිපතිතුමන් වෙත යොමු කරන ලෙසත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

ඒ අතරතුර තලාව නගරය හරහා කොළඹ බලා යමින් සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා විරෝධතාවය දැක සිය වාහනයෙන් බැස විරෝධතාකරුවන් අතරට පැමිණ ගැටලුව විමසා සිටියේය.

ඒ අවස්ථාවේදී ගඟසිරිපුර සත්බෝධි විහාරස්ථාණිධිපති ඉපලව පේ‍්‍රමානන්ද හිමියන් මෙසේ පැවැසූහ.

    ‘‘අපි දේශපාලන අධිකාරිය බලාපොරොත්තු වුණේ නෑ. මෙතනට දේශපාලන අධිකාරියෙන් මෙතෙක් අපිට නිසි විසඳුමක් ලැබිලා නෑ.මෙතන මහජනයාගේ සම්බන්ධීකරණය වන රජයේ නිලධාරී දෙන්නා ඉන්නවා.

ප‍්‍රාදේශීය ලේකම්වරු දෙන්නා හරහා දිස්ත‍්‍රික් මහ ලේකම්තුමන්ට  කතා කළා ඒ දෙන්නා  බාර ගත්තා ඉතා ඉක්මනින් මාස 3 ක් වැනි කෙටි කාලයක් තුළ අලි වැටක් ගහලා අලි එන එක නවත්වලා දෙන්න දිස්ත‍්‍රික් ලේකම්වරයා බාර ගත්තා.

මාස 3 ක තුළ මේ සඳහා විසදුමක් ලබා නොදුන හොත් අලි ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයාගේ තුන්මාසේ දානේ අපි දෙන්නේ පාර වහලා මහා සංඝරත්නය වඩම්මලා මේ මහ පාරේ දානය දෙනවා යනුවෙන් උන්වහන්සේ පැවැසූහ.

 

 



අදහස් (0)

හිටපු වනජීවී ඇමැතිට තලාවේදී හූ සංග්‍රහයක්

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1207 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 282 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site