(වසන්ත චන්ද්‍රපාල)
හිගුරාන සීනි සමාගමට අයත් ගල්මඩුව කලාපයේ මොරවිල්ආරු ප්‍රදේශයේ උක් වගා කර තිබූ භූමියක් පුද්ගලයෙකු විසින් අනවසරයෙන් බැකෝ යන්ත්‍රයක් දමා වගාව විනාශ කිරීම හේතුවෙන් උණුසම් තත්ත්වයක් ඇතිවිය.
එන්.පී.සෙල්වන් නැමැති අයෙකු තම වගාවට පොහොර ගැසීමට පැමිණී අවස්ථාවේ පිරිසක් පැමිණ තම වගාව බැකෝ යන්ත්‍රයක් දමා විනාශ කරන බව දැක එය වහාම නවත්වන ලෙසට පැවසුවත් ඔහුට බැනවැදී උක් වගාව විනාශ කිරීමට පටන් ගෙන තිබේ. පසුව ඔහු වහාම මේ පිළිබඳව ගල්ඔය වැවිලි සමාගමේ නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව එම නිලධාරීන් සහ අම්පාර පොලිසියේ නිලධාරීන් පැමිණ වගාව විනාශ කිරීම නවත්වනු ලැබීය.
පොලිසිය සහ ගල්ඔය වැවිලි සමාගමේ නිලධාරීන් පැමිණ එය නවත්වන අවස්ථාව වෙන විට උක් වගාවේ අක්කරයකට පමණ භූමියක් විනාශ කර තිබේ.
හිගුරාන සීනි කර්මාන්ත ආයතනයට අයිති මෙම ඉඩම් 1975 වසරේදී උක් වගා කිරීම සඳහා ගොවින්ට ලබාදී තිබේ. මෙම ඉඩම් අයිතිය දැනට ගල්ඔය වැවිලි සමාගම සතුව පවතින අතර එම ඉඩම් වල ගොවීහු උක් වගා කරති.
එසේ වගා කරන ලද ඉඩමකට අයිතිවාසිකම් කියමින් පාර්ශව දෙකක් නඩු කියා ඇති අතර එම නඩුවෙන් ජයග්‍රහණය කරන ලද අය පැමිණ උක් වගාව බලහත්කාරයෙන් විනාශ කර තිබේ.
අම්පාර පොලිසියේ නිලධාරීන් පැමිණ මෙම ක්‍රියාව නැවත්වීමට උත්සහ ගත් අවස්ථාවේ, උණුසුම් වාතාවරණයක් ඇතිවිය. බැකෝ යන්ත්‍රය පොලිසිය විසින් නිදහස් කිරීමට උත්සහ ගත් අවස්ථාවේ ද ගල්ඔය වැවිලි සමාගමේ පිරිස් එයට විරෝධය පළ කරනු ලැබීය.
පසුව ඉඩම වගා කරන පුද්ගලයා විසින් තමන්ට සිදුවූ හානිය පිළිබඳව සමන්තුරේ පොලිසියට පැමිණිලි කර තිබේ.
පසුව දෙපාර්ශ්වයම අම්පාර පොලිසියට ගිය අතර නොවැම්බර් මස 1 වන දිනතෙක් ඉඩමට ඇතුල් නොවන ලෙසට පොලිසිය විසින් උපදෙස් දෙනු ලැබීය.
ගල්ඔය වැවිලි සමාගම විසින් දෙන ආධාර යටතේ මෙම වගාව කර ඇති අතර අනවසරයෙන් ඩෝසරයක් දමා මෙම වගාවට විශාල අලාභයක් සිදුකර ඇති බව ගල්ඔය වැවිලි සමාගමේ සහාකාර වැවිලි කළමනාකරු එච්.එම්.ඒ. බණ්ඩාර මහතා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හිගුරාන සීනි සමාගමට අයත් ඉඩමක් අනවසරෙන් බැකෝ දමා විනාශ කරලා