(රංජිත් රාජපක්ෂ)
හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරන සියලුම පෞද්ගලික බස් රථ සහ ලංගම බස් රථ අද (24) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
පෞද්ගලික සහ ලංගම බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොළට ගමන් කර මගින් නංවා ගන්නා අතර ඊයේ (23) සිට නාවලපිටිය ලංගම ඩිපෝව මගින් හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන ලංගම සහ පෞද්ගලික බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොළට ඇතුළත් නොකර එම බස් රථ නතර කිරිම සදහා නාවලපිටිය දුම්රිය ස්ථානය අසළ මගින් ආවරණයක් නොමැතිව වෙනම ස්ථානයක් වෙන් කර ඇත.
එයට විරෝධය නගමින් හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන ලංගම සහ පෞද්ගලික බස්රථ අද වැඩ වර්ජනය ආරම්භ කර ඇත.
එම මාර්ගයේ දිනකට ලංගම සහ පෞද්ගලික බස් රථ ගමන් වාර 67ක් ධාවනය වේ.
නාවලපිටියේ සිට හැටන් දක්වා ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් දිනපතා ධාවනය වන අතර එම බස් රථවලට හැටන් බස් ලංගම සහ පෞද්ගලික බස් නැවැතුම්පොළ වලට ඇතුළුවීමට හැටන් බස් නැවතුම්පොළේ ලංගම සහ පෞද්ගලික බස් රථ හිමියන් ඉඩ ලබා දුන්නේද නැත.
හැටන් බස් නැවතුම්පොළේ සිට මහනුවර දක්වා ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථහිමියන් පවනුයේ මෙතෙක් කල් එම මාර්ගයේ ධාවනය කළ බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොළේ නාතර කර මගින් නංවා ගත් බවත්, පැරණි ක්‍රමයටම තවදුරටත් හැටන් සිට මහනුවර දක්වා ධාවනය වන සියලුම බස් රථ නාවලපිටිය බස් නැවතුම්පළෙට ඇතුලු කර මගින් නංවා ගැනිමට අවස්තාව ලබාදෙන ලෙසයි.
එතෙක් වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බවද හැටන් බස් නැවතුම්පොලේ සිට මහනුවර දක්වා ධාවනය කරවන පෞද්ගලික නැවතුම්පොළේ නිලධාරීහු පැවසූහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හැටන්-මහනුවර බස් වර්ජනයක්