IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


හාරිස්පත්තුව ප්‍රා.සබේ අයවැය පරාදයි

(මොහොමඩ් ආසික්)


හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ 2021 වසර සඳහා වන අයවැය කෙටුම්පත අද( 26 )වනදා වැඩි ඡන්ද හතකින් පරාජයට  පත්විය.

හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ  සභාපති ආනන්ද ජයවිලාල් මහතා විසින් හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ  2021 වසර සඳහා වන  අයවැය අද 26 වනදා  ඉදිරිපත් කරනු ලැබීය.

හාරිස්පත්තුව  බරිගම පිහිටි ප්‍රාදේශිය සභා රැස්වීම් ශාලාවේදී  පැවැති එහි මහ සභා රැස්වීමේදී මෙම අයවැය ඉදිරිපත් කරනු ලැබූ අතර අයවැය ඉදිරිපත් කරන අවස්ථාව්දීම එක්සත් ජාතික පක්ෂයේ සහ  එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් බෙදීමක් ඉල්ලා සිටි බැවින් සභාව තුල උණුසුම් තතවයක් හට ගත්තේය.

කෙසේ නමුත් දීර්ග වේලාවක් පැවැති වාද විවාදවලින් පසුව අයවැය කෙටුම්පත සම්බන්ධයෙන් ලේකම්වරිය විසින් විවෘත  ඡන්ද විමසීම සිදු කරනු ලැබීය. ඒ අනුව අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 14 ක් සහ විපක්ෂව ඡන්ද 21 ක් ලැබී  ඇති බව ලේකම්වරිය සභාව වෙත දැන්වූවාය. ඒ අනුව වැඩි ඡන්ද හතකින්  අයවැය පාජයට පත්විය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්  දස දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්  තිදෙනෙකු, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙදෙනෙකු, සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනෙකුද ඇතුළුව මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්  21 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කර තිබිණ.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරිය ඡන්දය විමසන අවස්ථාවේ සභාව තුල නොසිටියාය.

අයවැයට පක්ෂව පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන්  දහ තුන් දෙනෙකු  සහ ප්‍රජාතාන්ත්‍රවාදී එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයාද ඇතුළුව මන්ත්‍රිවරුන් දහ හතර දෙනෙකු ඡන්දය  භාවිතා කර තිබිණ.



අදහස් (0)

හාරිස්පත්තුව ප්‍රා.සබේ අයවැය පරාදයි

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 268 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1616 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site