(නවරත්න සමරතුංග)
අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය ආශ්රිත ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල ලැබෙන වැසි හේතුවෙන් එහි ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි අම්පාර වාරිමාර්ග ඉංජිනේරු ඒ. ලියනගේ මහතා පැවසීය.
අද(28) අක්කර අඩි 80, 200යක ජල ප්‍රමාණයක් එකතුවී ඇති බවද ඒ මහතා කීය.
පසුගිය කාලයේ නැගෙනහිර පළාතට බලපෑ නියඟය නිසා අක්කර අඩි 12,000 දක්වා මෙම ජලාශයේ ජලය සීඝ්රයෙන් පහත වැටී තිබිණි.
ඒ අනුව අම්පාර දමන දකුණු ඉවුර සහ උහන වම්ඉවුර ඇතුළු අන්තර් පළාත්වල වී වගා කටයුතුවලට අවදානම් තත්වයක් උදාවී තිබිණි. එහෙත් මෝසම් වැසි ලැබීමෙන් එහි සමස්ත ජල ධාරිතාවය දැන් 10%ද ඉක්මවා ඇති මට්ටමක පවතින බවද වාරිමාර්ග ඉංජිනේරුවරයා කීය.
පසුගිය කාලයේ පැවති ජල හිගය සැලකිල්ලට ගෙන කඩින්කඩ පැවති වැස්සත් සමග ගොවි බිම් සකස් කරගන්නා ලෙස ගොවීන්ට උපදෙස් දී තිබුණ අතර සමන්තුර සහ අක්කරපත්තුව වැනි ප්‍රදේශවල ගොවීන් පමණක් බිම් සකස්කරගෙන තිබිණ. එහෙත් අම්පාර දිස්ත්‍රික්කයේ වම් සහ දකුණු ඉවුරුවල ගොවීන්ට බිම් සකස් කරගැනීමට නොහැකිව ප්‍රමාදයට ලක්විය.
මේ සම්බන්ධව වම්ඉවුර ව්‍යාපාරයේ නේවාසික කළමනාකරු ක්‍රිස්ටි දේවප්‍රිය මහතා අදහස් දක්වමින් කියාසිටියේ කන්න රැස්වීමේදී ගත් තීරණවලට අනුව ඔක්තෝබර් 1 දින සිට 21 දන දක්වා කාලයේ බිම් සකස්කර වී වපුරා අවසන් කිරීමට නියමිත වූ බවය.
කඩින් කඩ වැසි පැවතුණත් ගොඩට හාන්නට නොහැකි වීමෙන් හා වතුර නැතිව බිම් සකස් කර ගැනීමට නොහැකිවූ බැවින් නැවත කන්න රැස්වීම් තබා ගොවීන් රැස්කර ගෙන දින වෙනස් කරගැනීමට තීරණය කළ යුතුව ඇත.
එහෙත් ජනාධිපතිවරයෙකු තෝරාගැනීමට මැතිවරණයක් පවතින මෙවන් අවදියක රැස්වීම් පැවැත්වීම සුදුසු නොවන බැවින් අදාළ නිලධාරීන් සහ ආයතන ප්‍රධානීන් දෙදෙනා බැගින් කැඳවා දිසාපතිවරයාද සම්බන්ධ කරගෙන දින වෙනස් කළ බව ඔහු කීය. ඒ අනුව ඔක්තෝබර් මස 1 දින සිට නොවැම්බර් 10 දක්වා කාලය තුළ දමන සහ උහන ව්‍යාපාරවල ගොවිතැන් කිරීමට මෙසේ දින වෙනස් කරගෙන ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉහළට