(කාංචන කුමාර ආරියදාස)
පෙබරවාරි පළමු වැනිදා සිට සීගිරියට ඇතුළු වීමේදී කිසිදු පොලිතීන් ප්ලාස්ටික් ද්‍රව්‍ය රැගෙන යෑම තහනම් කලාපයක් බවට පත් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබේ.
ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල ආරක්ෂක අංශය සහ බොහෝ සේවකයින් එක්ව සීගිරි නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ගමන් මලු පරික්ෂා කර එහි රැගෙන යන පොලිතීන් සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
ස්ථාන ගණනාවකින් සංචාරකයන් දැනුවත් කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් සංචාරකයන් රැගෙන යන ජල බෝතල්වල ඇති පොලිතීන් ඉවත්කර ජල බෝතලය රැගෙන ගොස් ස්ථාන කිහිපයක තබා ඇති බෝතල් ඉවතලන කුටි වලට හිස් වූ වතුර බෝතල් දැමීම සඳහා පහසුකම් සපයා ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.
මේ දිනවල සීගිරිය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් මෙන්ම පාසල් ළමුන් ද විශාල වශයෙන් පැමිණෙමින් සිටිති. විදේශීය සංචාරකයන් බොහෝ දෙනෙකු කියා සිටියේ ලෝක උරුමයක් වූ සීගිරිය පොලිතීන් සහ ප්ලාස්ටික් වලින් තොර කලාපයක් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ගය ඉතා අගය කළ යුතු බවයි.
එමෙන්ම පාසල් ළමුන් ගුරුවරුන් ආදී බොහෝ දෙනෙකු පැවසුවේ සීගිරිය වැනි ස්ථානයක් පොලිතීන් වලින් ප්ලාස්ටික් වලින් ඉවත්කර තැබීම හෙට දවසේ දරුවන් වෙනුවෙන් සිදුකරන සුවිශාල වූ කටයුත්තක් බවයි.
සීගිරිය ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා කියා සිටියේ මධ්‍යම සංස්කෘතික අරමුදල සහ සියළු සේවකයන් මෙය ඕනෑ කමින් සිදු කරන කටයුත්තක් බවය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සීගිරිය පොලිතීන් ප්ලාස්ටික් තහනම් කලාපයක් වෙයි