(ඩබ් ඒ පියතිලක)
අලෙවි කිරිම සදහා හොරට ගෙන්වා තිබු සිගරට් තොගයක් සමඟ ගුවන් හමුදා සැරයන්වරයෙකු සහ කාන්තාවක් අද (24) පස්වරුවේ දි හිඟුරක්ගොඩ කඳවුර ප්‍රදේශයෙදි අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට පත් පුද්ගලයා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන ගුවන් හමුදා සැරයන්වරයෙකු බවත් කලක පටන් මෙම පුද්ගලයා විසින් ප්‍රදේශයේ වෙළදසැල් වෙත මෙම ව්‍යාජ සිගරට් අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලිම සිදු කළ බව පොලිසිය කියයි.
මෙම ප්‍රදෙශයේම වෙළදසැලක් තුළ අලෙවි කරමින් තිබු ව්‍යාජ සිගරට් 26 ක් සමඟ වෙළදසැල හිමිකාරිය හා ගුවන් හමුදා සැරයන්වරයාගේ නිවසේ සගවා තිබු ව්‍යාජ සිගරට් 8600ක් සොයා ගත් බවත් සැකකරුවන් දෙදෙනාම හිඟුරක්ගොඩ කදවුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
මෙම සිගරට් ලබා ගැනිම් පිළිබද විමසිම් කළත් ඔහු පවසා ඇත්තේ වෙනත් පුද්ගලයෙකු විසින් තමන්ට ලබා දුන් බවත් එම පුද්ගලයා නොදන්නා බවයි.
අත්අඩංගුවට ගත් සිගරට් තොගය සහ සැකකරුවන් හෙට (25) දින හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිගරට් හොරට අලෙවි කළ ගුවන් හමුදා සැරයන්-කාන්තාවක් අත්අඩංගුවට