(රොමේෂ් මධුෂංඛ)
උතුරු පලාතේ ස්ථීර පත්වීම් නොමැති ස්වේච්ඡා ගුරුවරුන් 500 කට අධික පිරිසක් මේ වන විට සිටින නමුත් ඔවුගේ පත්වීම් ස්ථීර නොවීම හේතුවෙන් මානසිකත්වය පහත වැටී හේතුවෙන් සිය දිවි හානි කර ගැනීමේ අවදානමකට ලක්ව ඇතැයි උතුරේ ස්වේච්ඡා ගුරු සංගමය පවසයි.
උතුරේ රජයේ පාසල්වල ස්වේච්ඡා ගුරුවරුන් 686 දෙනෙකු සේවය කළ අතර පසුගියදා ඉන් 182 කට කරගැනීමේ අවදානමකට ලක්ව ඇති බවට උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ සංගමය පවසයි.
මුලතිව් තට්ටන්කුලම් පාසලේ ස්වේච්චා ගුරුවරියක්ගේ නම ස්ථීර පත්වීම් ලබා දුන් ලැයිස්තුවට ඇතුළත් නොවීම හේතුවෙන් ඇය ගෙල වැලලාගෙන මිය ගියාය.
ස්ථිර පත්වීම් ලබා දී තිබුණද ස්ථිර පත්වීම් නොලද පිරිස අතර වසර දහයකට වඩා සේවය කළ ගුරුවරුන්ද සිටින බවත් ස්ථීර පත්වීම් ලබා දීමේදී එම ගුරුවරුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයිද ඔවුහු පවසති.
මේ අතර උතුරේ ස්ථිර පත්වීම් නොලැබූ ස්වේච්ඡා ගුරුවරුන් පිරිසක් යාපනයේදී ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද මහතා හමු වී අදාල ගැටළුව පිළිබඳව සාකච්ඡා කර තිබේ. එහිදී මන්ත්‍රීවරයා එම පිරිසට පවසා ඇත්තේ උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කර විසඳුමක් ඉතා ඉක්මනින් ලබා දෙන බවටයි.
එමෙන්ම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ස්වේච්ඡා ගුරු ගැටලුව පිළිබඳව පවසා තිබුණේ ස්ථිර පත්වීම් ලබා නොදුන් පිරිසගේ සහතික හා ලොග් සටහන් යළි පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔවුන්ට ස්ථිර පත්වීම් ලබා දෙන බවය.
නමුත් උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ සංගමය කියා සිටින්නේ ප්‍රධාන අමාත්‍යවරයා ස්ථිර පත්වීම් අහිමි වූ පිරිසගේ සිත් සතුටු කිරීම සඳහා පමණක් එම ප්‍රකාශය කළ බවයි.
වසර ගණනාවක් රජයේ පාසල්වල ස්වේච්ඡා ගුරු සේවයේ යෙදුණු සියලුම දෙනා අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඉල්ලා සිටින සියළුම සුදුසුකම් සපුරා ඇති නිසා ඔවුන්ගෙන් පිරිසක් ස්ථිර කොට තවත් පිරිසක් ස්ථිර නොකිරීම බලවත් අසාධාරණයක් යැයි උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ සංගමය වැඩි දුරටත් කියා සිටියේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ස්ථිර පත්වීම් නොලද ස්වෙච්ඡා ගුරුවරුන් 500ක් උතුරේ
Lakshika madhusankani. Saturday, 03 August 2019 10:48 AM
ස්වෙච්ඡා ගුරු සේවයට ඇතුළත් වන්නේ කෙසේද. විස්තර කරන්න පුළුවන් ද.?