(එස්. ඩී.කොඩිකාර)
සයිප්‍රස් රටේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ පහළොවකට අධික මුදලක් වංචා සහගත ලෙස ලබා ගත් පුද්ගලයකු අද (19) දෙනියාය නගරයේ දී අත්අඩංගුවට ගත් බව දෙනියාය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු (45) හැවිරිදි රාහුල පාර, මාතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
සැකකරු දෙනියාය, පල්ලෙගම, කොළවෙනිගම, බටාඳුර, ලංකගම, වතුරාව, විහාරහේන යන ආදී ප්‍රදේශවලට ගොස් කාන්තාවන් සහ පුද්ගලයන් සමඟ කුළුපඟ වී රවටා ඔවුන්ට සයිප්‍රස් රටේ රැකියා ලබාදෙන බව පවසා එක් අයකුගෙන් රුපියල් 80,000බැගින් අත්තිකාරම් මුදල් ලබාගෙන ඇති බවට පැමිණිලි ලැබී ඇති බව පොලිසිය කියයි.
සැකකරු යතුරුපැදියකින් මාතර ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මෙවැනි අයුරින් වංචා සහගත ලෙස ඉකුත් දෙසැම්බර් මාසයේ සිට මුදල් එකතු කර ඇති බවත් ඔවුන්ට සයිප්‍රස් රටේ රැකියා ලබා දීම ලබන මාර්තු මස තුළදී කරන බවට සැකකරු පොරොන්දු වී ඇති බව වංචාවට හසු වූ අය පවසති.
අත්අඩංගුවට ගත් සැකකරු අද (19) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සයිප්‍රසයේ රැකියා දෙනවැයි කියා මුදල් වංචා කළ අයෙකු දැලේ