IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සංචාරක හෝටලය හැදීමෙන් වැව් තාවුල්ල අහිමි වේවිලු

(කාංචන කුමාර ආරියදාස)

 

දඹුල්ල හා සීගිරිය නගර වලට මායිම්ව පිහිටා ඇති ඉනාමළුව රත්මල්කටුව වැව ඉස්මත්තේ වැව් තාවුල්ලේ සංචාරක හෝටල් ඉදිකිරීම නිසා වැව් රක්ෂිතය අහිමි වී ඇතැයි ජනතාව චෝදනා කරති.

මාර්ගයේ ප්‍රධාන කාණු පද්ධතිය මෙන්ම තම ප්‍රදේශයට විදුලිය ලබාදුන් දිනය දා විවෘත කළ ඵලකය පවා හෝටල් ව්‍යාපාරිකයා විසින් අත්පත් කරගෙන ඇතැයි ඔවුහු චෝදනා කරති.

වසර ගණනාවක් තිස්සේ මෙම රත්මල්කටුව වැව ඉස්මත්තේ  සංචාරක හෝටල් ඉදි කරන බවට දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දඹුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයට මැතිඇමැතිවරුන්ට  ග්‍රාම නිලධාරීවරයාට මෙන්ම වගකිව යුතු සියලුම අංශ දැනුවත් කළත් කිසිදු නීතිමය පියවරක් ගෙන නැති බව ප්‍රදේශවාසීහු පවසති.

මේ වන විට රත්මල්කටුව වැව වතුරෙන් පිරී පවතින බවද එහෙත් සංචාරක හෝටල් මේවන විටත් වැව්තාවුල්ල ආසන්නයේ ඉදිකෙරෙමින් පවතින බව එමෙන්ම ඉදිකරන ලද ගොඩනැගිලි පවා වැව් ජලයේ යටවී තිබෙන බවද ඔහු පෙන්වා දෙන්නට වූහ.

අක්කර 35 කට වඩා වැඩි භූමියක් ඇති දඹුල්ල ගොවිඡන සේවා මධ්‍යස්ථානයට අයත් මෙම වැව  මැන මායිම් ලකුණු කර තිබියදී මෙයාකාරයෙන් ඉදිකිරීම් සිදුවන්නේ ඉහළ රාජ්‍ය නිලධාරියකුගේ මැදිහත්වීම  බවට ජනතාව චෝදනා කරන්නට වූහ.

පසුව අප මේ පිළිබඳව සොයා බැලීම සඳහා ඉදි කෙරෙන බවට චෝදනා වූ ස්ථානයට ගියෙමු. එහිදී දැක ගැනීමට හැකියාව ලැබුණේ ස්ථානයේ තවමත් ඉදිකිරීම් කටයුතු සිදු කරන ආකාරයයි. මේ වැවෙන් අක්කර ගණනාවක් දෙකන්නය වගා කරති. එමෙන්ම බැලූ බැල්මට වැව් ජලය මෙම ඉදිකිරීම් හරහා ගලා ගොස් ඇති බවද දර්ශනය විය.

මෙම සංචාරක හෝටලය ඉදිකරනු ලබන්නේ මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වූ සිරිල්  ජයවීර නමැති අයකු බව ඉදිකිරීම් කරන පිරිස හරහා අප අනාවරණය කර ගත්තෙමු.

ජනතාව නගන චෝදනා පිළිබඳව අප ඒ මහතාගෙන් දුරකථනයෙන් විමසීමේ දී කියා සිටියේ මෙම ඉඩම තමන් වෙනත් අයකුගෙන් මිලදී ගත් එකක් බවයි. තමන් කිසිදු ආකාරයකින් වැව් රක්ෂිතය අල්ලා ගෙන නොමැති බවද ඔහු අවධාරණය කළේය.

මෙම ඉඩම සඳහා තමන්ට ඔප්පුවක් පවතින බවද හෙතෙම කීවේය.වැව වාන් දමන විට තම ඉඩමට වතුර එන බව කිවේය .  මෙම ඉඩම් සින්නක්කර ඔප්පු නොව බලපත්‍ර සහිතව ඔප්පු ඇති බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. ඒ පිළිබඳව නිසි සොයා බැලීමකින් තොරව මෙය සිදුකර ඇති බවද ප්‍රදේශවාසීන් පවසති.

මෙම ඉදිකිරීම් සිදුකරන භූමියේ ඇතුළත  ප්‍රධාන මාර්ගයේ කානු පද්ධතිය ඉඩමට ඇතුළත් කිරීම හා විදුලිය විවෘත කිරීමේ දිනයකදී නිරාවරණය කර තිබූ ඵලකය තම ඉඩම තුළට යොදා ගැනීම මෙන්ම එම ස්ථානයේ යම්කිසි  ආයතනයකින් පරිත්‍යාග කරන ලද ජලය පුරවන ලද විශාල ජල ටැංකි පැවතීම පිළිබඳවත් අප ජයවීර මහතාගෙන් විමසීමක් කළමු .

ඒ මහතා පිළිතුරු දෙමින් කියා සිටියේ  ජලය ලබාගැනීම සඳහා තමන්ට මඩවල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා තාවකාලිකව මෙම ජල ටැංකි ලබා දුන් බවයි. එම බැරල් නැවත බාර දෙන බවද කීවේය. එමෙන්ම සමරු ඵලකය කඩානොදමා ආරක්ෂා කිරීම සඳහා තම ඉඩමේ පැවතුණු බවත් එය ඉඩමෙන් ඕනෑම වෙලාවක ඉවත් කිරීමට සූදානම් බවද සඳහන් කළේය. ‍  මාර්ගය කානු පද්ධතිය තම ඉඩම මැදින් ගලා ගිය නිසා එය සුද්ද පවිත්‍ර කර  සංවර්ධනය කිරීම සිදුකළ බවද කීය.

මෙම  වැවේ  අයිතිය පවතිනු ලබන්නේ දඹුල්ල ගොවිජන සේවා කාර්යාලයටය . ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරි එච් .එම්. සෙනෙවිරත්න මහතාගෙන් අප මේ සිද්ධිය සම්බන්ධයෙන් විමසීමක් කළෙමු. ඒ  මහතා කියා සිටියේ තමන්  පසුගිය 2017 වසරේ 10.26 වැනි දා මෙම වැව් රක්ෂිතය මැන වෙන්කර දෙන ලෙස මාතලේ සහකාර ගොවිජන සේවා කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම් දී ඇති බවද තමන් මේ ස්ථානයට ගොස් නිරීක්ෂණයේ දී වැවට ආසන්නයේම ඉදිකිරීම් කරන බවට නිරීක්ෂණය වූ බව  සඳහන් කෙළේය.

එමෙන්ම වැවක වැව් රක්ෂිතය කොපමණක් දැයි අප ප්‍රාදේශීය නිලධාරීවරයාගෙන් කළ විමසීමකදී කියා සිටියේ  වැව පිරි උපරිම මට්ටමේ සිට අඩි 150ක් වැව වටේට  වැව් රක්ෂිතය බව නීතියේ සඳහන් වන බවයි.

එම නීතිය ක්‍රියාත්මක වන්නේ නම් මෙම ඉදිකිරීම් සියල්ල වැව් රක්ෂිතයේ බව එහි ගිය අපට මනාව පැහැදිලි වන්නට විය .

පසුව අප  මාතලේ  ගොවිජන සේවා සහකාර කොමසාරිස්  පි .ජි .සෝමරත්න මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් කළෙමු. ඒ මහතා කියා සිටියේ මෙම සංචාරක හෝටලය ඉදිකිරීම පිළිබඳව තමන්ට තොරතුරු වාර්තා වී තිබුණ ද තවමත් එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කිරීමට හැකියාවක් අවස්ථාවක් නොලැබුණු බවයි.  ළඟදීම  ස්ථානයට ගොස් සොයා බැලීමක් සිදු කරන බව ද සඳහන් කළේය. වැව් රක්ෂිතය මැනුම් කටයුතු කඩිනමින් සිදු කර ජනතාවට සාධාරණය ඉෂ්ට කර දීමට කිසිසේත් පසුබට නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

ජනතාවගෙන් නැගෙන තවත් චෝදනාව බවට පත් වන්නේ  මාතලේ ප්‍රාදේශීය ලේකම් වරිය වන  ලංකා ප්‍රියානි  මධුවන්ති මහත්මියගේ සැමියා විසින් මෙම හෝටලය ඉදි කරන ලබන බවත් එම නිසා රාජ්‍ය ආයතන මෙම සිද්ධිය පිළිබඳව ජනතා පැමිණිලි  ක්‍රියාත්මක නොකරන බවය.

ජනතාව නගන එම චෝදනාව සත්‍යදැයි සංචාරක හෝටලය ඉදි  කරන ව්‍යාපාරික ජයවීර   මහතාගෙන් විමසීමක් කළෙමු . ඒ මහතා කියා සිටියේ තම බිරිඳ ප්‍රාදේශීය ලේකම් ධූරය දරන බව සත්‍යයක් වුවත් ඇය මෙම කර්මාන්තය සඳහා කිසිදු ආකාරයකින් දායකත්වයක් නොදැක්වූ බවයි.

මාතලේ ප්‍රාදේශීය ලේකම් වරිය වන  ලංකා මධුවන්ති මහත්මිය ගෙන්ද  අප විමසීමක් කළෙමු. ඇය කියා සිටියේ තමන් රැකියාව සිදුකරන බවත් තම රැකියාව නිල බලය පෙන්වා කිසිදු කටයුත්තක් සිදු නොකළ බවද කීවාය. එමෙන්ම තමන් පැය 24 පුරාම ‍ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්න ගැටලු සමඟ ජීවත් වනවා විනා වෙනත් ව්‍යාපාරයක් නොකරන බවද පැවසුවාය.  සැමියාගේ ව්‍යාපාරවලට තමන් කිසිසේත් අවධානයක් යොමු නොකරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

 

 



අදහස් (1)

සංචාරක හෝටලය හැදීමෙන් වැව් තාවුල්ල අහිමි වේවිලු

රාණි ප්‍රනාන්දු Saturday, 20 June 2020 06:08 AM

වැවකට තාවුල්ලක් තියෙන්නේ වැවේ ප්‍රයෝජනයට.. හරියට පැලයක් වැඩෙන්න වතුර දාන්න ඕන වගේ වැවට වතුර එන්න තාවුල්ල අවශ්‍යයි. ඒවා ඇතුලේ ඉදිකිරීම් කරලා වැව නැති කිරීම ගමටත් රටටත් කරන හානියක්.....

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1663 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site