IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනිපය - පොහොට්ටුව එක්විය යුතුයි

(විජේරත්න රත්නායක )

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමේ අපේක්ෂාවෙන් සිටින බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්විය යුතුයි යන්න තම මතය බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (23) බදුල්ලේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් අවසානයේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

    ‘‘යහපාලන ආණ්ඩුවේ සිට අපි මැති ඇමතිවරුන් දහසය දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වුණා. මේ දහසය දෙනාගෙන් දයාසිරි ජයසේකර මහත්තයා ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියත් අනෙක් අය ගියේ නෑ. දැන් අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයෝ. මගේ මතය නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක් විය යුතුයි. මොකද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්න සියළු දෙනාම පාහේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රන්කිරි කටගාපු අය. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස්

පක්ෂයේ අයට එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුව වැඩ කරන්න පුළුවන් කමක් නෑ.

ඒ වගේම අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනෙකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බැඳෙන්න අවශ්‍යවී තිබෙනවා. ඒ සියළු දෙනාගේ බලාපොරොත්තු සඵල වෙන්න නම් මේ පක්ෂ දෙක එකතු වෙන්න ඕනෑ. ඒත් දයාසිරි ජයසේකර මහත්තයාගේ අදහස්වලට අපට එකඟවෙන්න බෑ. මේ පක්ෂ දෙක එකතුවීමේ වෑයමක් ක්‍රියාත්මක වෙනකොට ඔහු කටයුතු කරන්නේ ඒ එක්වීම වැළක්වීමේ අරමුණින් බව පැහැදිළිව පේනවා.



අදහස් (0)

ශ්‍රීලනිපය - පොහොට්ටුව එක්විය යුතුයි

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site