(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
අවසන්වූ ශ්‍රීපාද වන්දනා සමයේ වන්දනාකරුවන් සඳහා සෞඛ්‍ය ආරක්ෂිත නොවන අයුරින් ආහාරපාන අලෙවි කිරීමේ චෝදනාව යටතේ වරදකරුවන් වූ ව්‍යාපාරිකයින් 20 දෙනෙකුගෙන් රුපියල් එක්ලක්ෂ හතළිස්එක්දාහක (141,000/-) ක දඩ මුදලක් රජයට අයකර දී ඇති බව මස්කෙළිය මහජන සෞඛ්‍ය පරීක්ෂක අමිල සෝමදාස මහතා පැවසීය.
නල්ලතන්නිය නගරයේ සිට නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ “ඉදිකටුපාන” දක්වාත්, මස්කෙළිය, ලකඹේ හා සාමිමලේ (නිශ්සංක උයන) යන ප්‍රදේශවල ශ්‍රීපාද වන්දනා සමයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායම් කීපයක් විසින් වරින් වර හදිසි වැටලීම් 32 ක් සිදුකර හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරණු ලැබූ බවත්, එයින් නඩු 12 ක් මේ වන විට විභාගයට ගැනීමට නියමිත බවත් ඔහු පැවසීය.
මෙම වැටලීම් වලදී ආහාර වැටලීම් 06 ක් සිදුකර ආහාර සාම්පල් 22 ක් ලබා ගත් බවත්, එහිදී සෞඛ්‍ය ආරක්ෂිත නොවන අයුරින් විකිණීම සඳහා තිබූ ආහාර වර්ග කිලෝ 1000 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන විනාශ කළ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.
කල් ඉකුත්වූ පැණි බීම, පුස් බැඳුණු මස්කට්, දොදොල් ඇතුලු රසකැවිළි, ලේබල් වැරදි, ශීතකරණවල ගබඩා කළ යුතු ආහාර වර්ග පිටතින් ගබඩා කිරීම යන වැරදි යටතේ සෞඛ්‍ය ආරක්ෂිත නොවන අයුරින් ශ්‍රීපාද වන්දනාකරුවන්ට ආහාර පාන අලෙවි කළ වෙළෙන්ඳන් මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්‍රීපාද වන්දනා සමයේ නුසුදුසු ආහාර අලෙවි කළැයි 20කට නඩු