IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පෝයෙන් ඇරඹෙයි


 
 
අජිත්ලාල් ශාන්තඋදය 

 
පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ‍්‍රීපාද රාජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සධාතුක කරඬු සහ සුමන සමන් දේව රූප මාර්ග තුනක් ඔස්සේ රිය පෙරහරින් වැඩම කරවා මේ මස 22 වැනි දා උදාවන උඳුවප් පුන් පොහොය දිනයේ අලූයම ශ‍්‍රී පතුල සුවඳ පැනින් දෝවනය කර ප‍්‍රථම පූජාවන් පවත්වා 2018-19 ශ‍්‍රීපාද වන්දනා වාරය ආරම්භ කිරිම සඳහා සියලූ කටයුතු මේවන විට සූදානම් කර ඇති බව ශ‍්‍රීපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසති. 


හය මාසයක කාලයක් පුරාවට පැවැත්වෙන සිරිපා වන්දනා වාරයේ දී සිරිපා කරුණා කරන බැතිමතුන්ට වන්දනා කටයුතු කර ගැනීමට සියලූ පහසුකම් සලසා ඇති බව ද උන්වහන්සේ පැවසූහ.

මීට අමතරව සිරිපා මළුවේ විශේෂ පිංකම් ද සංවිධානය කර ඇති බව පැවසු උන්වහන්සේ සංවරව සහ විනීතව සිරිපා මළුවට පැමිණීමට වග බලාගන්නා ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.
නිවාඩු දිනවල සහ සති අන්ත දිනවල සිරිපා මළුවට එන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාමට ඉඩ ඇති නිසාබැතිමතුන්ගේ ආරක්‍ෂාවට සහ ඔවුන් පාලනයට විශේෂ පොලිස් කණ්ඩායම්වල සහාය ඉල්ලා ඇති බව ද කීහ. 

හැටන්, රත්නපුර සහ කුරුවිට මාර්ග වල විශ‍්‍රාම ශාලා, පානීය ජල පහසුකම්, සෞඛ්‍ය සේවා පහසුකම් සහ වැසිකිළි පහසුකම් සලසා ඇති බව ද උන් වහන්සේ කීහ. මෙම මාර්ග තුනේ නල්ලතන්නිය, ශ‍්‍රී පලාබද්ගල සහ එරත්න යන ස්ථානවල සිට සිරිපා මළුව තෙක් විදුලි ආලෝකයෙන් මාර්ග ආලෝකමත් කිරිම ලංකා විදුලිබල මණ්ඩලය විසින් ද 22 වැනි දා දින සිට ආරම්භ කරයි. 


පසුගිය ශ‍්‍රීපාද වාරය අවසන් වීමෙන් පසු සිරිපා මළුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඬු සහ සමන් දේව ප‍්‍රතිමා පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ‍්‍රීපාද රජමහා විහාරස්ථායේ ඉදිකළ සමන් දේවාලය තුල තැන්පත් කරනු ලැබුවේ පසුගිය වෙසක් පුන් පොහොය දිනයට පසුදා ය.


මෙවර ශ‍්‍රීපාද වන්දනා වාරය ආරම්භ කිරීමට පෙර මේ මස 20 දින සවස 06.19ට එළඹෙන සුබ මොහොතින් එම සධාතුක කරඬු සහ සමන්දේව ප‍්‍රතිමා මහජනයාට වැඳපුදා ගැනීමට සහ පුද පූජාවන් පැවැත්වීමට ප‍්‍රදර්ශනයට තබන බවත් එය පසුදා අලූයම 04.30 වනතුරු වැඳපුදා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් ශ‍්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ කීහ.


එදින රාත‍්‍රී (20) ගල්පොත්තාවල ශ‍්‍රීපාද රාජමහා විහාරස්ථානයේ සර්ව රාත‍්‍රීක පරිත‍්‍රාණ ධර්ම දේශනාවක් ද පැවැත්වේ.


මෙවර ද සිරිපා මලූව කරා ගමන් ගන්නා පෙරහර තුනෙන් පළමුවැන්න වූ හැටන් මාර්ගය ඔස්සේ යන පෙරහර අලූයම 05.20ට පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ‍්‍රීපාද රජමහා විහාරස්ථානයෙන් පිටත්වේ. 


එම පෙරහර රත්නපුර නව නතරයේ දී රත්නපුර මහ දිසාපතිනී මාලනි ලොකුපෝතාගම, සහ සබරගමු පළාත් ප‍්‍රධාන ලේකම් ඩී.එම්. මාලනී යන මහත්මින් ප‍්‍රමුඛ රාජ්‍ය නිලධාරින් විසින් පිළිගැනීමට නියමිතය.


ඉන් පසු එම පෙරහර, හිදැල්ලන, කුරුවිට, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, තල්දූව, දෙහිඕවිට, කරවනැල්ල,  යටියන්තොට, කිතල්ගල, ගිනිගත්හේන, වටවල, හැටන්, මස්කෙළිය හරහා නල්ලතන්නිය ශ‍්‍රීපාද බෞද්ධ මධ්‍යස්ථානය දක්වා රිය පෙරහරින් වැඩම කරවනු ලබයි. නල්ලතන්නිය ශ‍්‍රීපාද බෞද්ධ මධ්‍යස්ථානයේ සිට පෙරහර පාගමනින් උදුවප් පුන් පොහොය දින අලූයම වනවිට මලූව කරා ළඟාවීමට නියමිතය. මෙම පෙරහරට පඬුරු සහ පූජාවට්ටි ආදිය තැබීමට අවස්ථාව ලබාදෙන්නේ රත්නපුර නවනගරය පසුකර හිදැල්ලනින් එහා සිට බව ශ‍්‍රීපාදස්ථානාධිපති හිමියෝ කීහ.


සබරගමු මහ සමන් දේවාලයට වැඩම කරවන රජමාවත ඔස්සේ ගමන් කරන පෙරහරේ වැඩම කරවන සුමන් සමන් දේවරූපය සමන් දේවාලය වෙත වැඩම කරවා විශේෂ පූජාවක් පැවැත්වීමට සියලූ කටයුතු සංවිධානය කර ඇති බව බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා පැවසීය.


තුන්වන රිය පෙරහර 21දින පෙරවරු 07.20ට පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ‍්‍රීපාද රාජමහා විහාරස්ථානයෙන් පිටත්වීමට නියමිතය. එය, හුණුවල,  ඕපනායක, ඇල්ලෙපොල, බළන්ගොඩ හරහා ඇල්ලෙආරව හන්දිය තෙක් ගමන්කර එතැනින් මොරහැල, පින්නවල, පුඩුකාඩුව, මාරතැන්න කොටියාගල, බගවන්තලාව, නොර්වුඞ්, මස්කෙළිය හරහා නල්ලතන්නිය ශ‍්‍රීපාද බෞද්ධ මධ්‍යස්ථානය තෙක් ගමන් කරයි. එතැන් සිට පාගමනින් 22දා අලූයම වනවිට එම පෙරහරේ වැඩම කරවන සධාතුක කර`ඩුව සහ සමනදේව ප‍්‍රතිමාව සිරිපා මලූව වෙත වැඩම කරවීමට නියමිතය.


සිරිපා කරුණා කරන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට මධ්‍යම රජයේ විදුලිබල, ජලසම්පාදන, ආරක්‍ෂක, ටෙලිකොම් ඇතුළු දෙපාර්තමේන්තු සහ ආයතන රාශීයක් ද සබරගමු සහ මධ්‍යම යන පළාත් සභා දෙක ද, රත්නපුර සහ නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම්වරු ඇතුළු කාර්ය මණ්ඩලයන්ගේ ද, පළාත් පාලන ආයතන රැසක ද පූර්ණ සහායන් මෙවරත් ලැබෙන බව ශ‍්‍රී පාදස්ථානාධිපති නාහිමියෝ කීහ.


මෙවරද සිරිපා වන්දනා සමය වෙනුවෙන් මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය සීමාසහිත විජය පුවත්පත් සමාගමට අයත් ‘ලංකාදීප’, ‘අද’, ‘දේශය’ ඇතුළු පුවත්පත් විසින් සිදුකරනු ලබයි. 



අදහස් (0)

ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පෝයෙන් ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site