(සම්පත් ප්‍රියනන්දන)
2018 - 2019 ශ්‍රී පාද වන්දනා වාරය ලබන දෙසැම්බර් 22 වැනිදාට යෙදෙන උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ කෙරෙන බවත් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජ මහා විහාරස්ථ ශ්‍රි සුමණ මහා මන්දිරයේ තැම්පත් කර ඇති සධාතුක කරඩුව හා සමන් දේව ප්‍රතිමා වහන්සේ විවෘත කර පුද සිරිත් පවත්වා එළඹෙන දෙසැම්බර් 21 වැනිදා අලුයම සමනල අඩවියම ආවරණය වන පරිදි මාර්ග තුනක් ඔස්සේ ශ්‍රී පාද මළුව කරා වැඩම කරවීමට නියමිත බවත් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසුහ.
තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ මෙසේද පැවැසූහ.
මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීම සඳහා සධාතුක කරඩුව සහ සමන්දේව ප්‍රතිමාව වන්දනාව සහ ප්‍රදර්ශනය දෙසැම්බර් 20 වැනිදා සවස 6.19 ට ආරම්භ වී 21 වැනිදා අලුයම 4.30 දක්වා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජමහා විහාරයේ දී සිදුකෙරෙනවා.
ඉන් අනතුරුව සමන් දේව ප්‍රතිමාව සහ සධාතුක කරඩුව සුභ මොහොතින් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජමහා විහාරස්ථානයේ සිට මාර්ග තුනක් ඔස්සේ පෙරහර තුනකින් ශ්‍රී පාද මළුව දක්වා ගමන් ආරම්භ කෙරෙනවා.
පළමු පෙරහැර හැටන් මාර්ගය ඔස්සේ 21 වැනිදා ගල්පොත්තාවෙල රාජමහා විහාරස්ථානයෙන් අලුයම 5.20 ට ගමන් ආරම්භ කිරීමට නියමිතයි.ඒ කුරුවිට,ඇහැලියගොඩ ,අවිස්සාවේල්ල,කරවනැල්ල, හැටන්,මස්කෙලිය,නල්ලතන්නිය හරහා.
දෙවැනි පෙරහැර පලාබත්ත්ගල මාර්ගය ඔස්සේ 21 වැනිදා අලුයම 6.19 ට ගනන් ආරම්භ කිරීමටනියමිතයි.
ඒ පැල්මඩුල්ල නගරය,ගනේගම,පාතකඩඩ,ලෙල්ලුපිටිය, සබරගමු සමන්දේවාලයට ගොස්,ගල්කඩ්ව,මල්වල පාර ඔස්සේ පලාබත්ත්ගල ඔස්සේ ගමන් කෙරෙනවා.
තුන්වන පෙරහැර බලන්ගොඩ මාර්ගය ඔස්සේ 21 වැනිදා උදැසන7.20 ආරම්භ කෙරේ.ඒ මාර්ගය වන්නේ පැල්මඩුල්ල නගරය,කාමරංගපිටිය ඕපනායක,බලන්ගොඩ ,පින්නවල ,බගවන්තලාව පාරෙන් මස්කෙලිය හරහා නල්ලතන්නිය දක්වා ගමන් කිරීමට නියමිතයි.ඉන්පසු 22 වැනිදා උතුම් පුජනීය වස්තුන් ශ්‍රී පාද මළුවට වැඩමවා ශ්‍රී පාදය භාර හිමිපාණන් ඇතුළු මහා සග රුවන විසින් ශ්‍රී පාද පද්මය සුවඳ පැනින් නහවා පුද සිරිත් පවත්වා අලුයම 5.20ට පහන් ආලෝක පුජාව සිදුකෙරෙනවා.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා මහා සංඝරත්නය, පැල්මඩුල්ල සහ අනිකුත් ප්‍රදේශීය ලේකම්වරු,අලුත්නුවර සහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරුන්,පොලිස් ස්ථානාධිපතිවරුන්,රාජ්‍ය නිලධාරීන්, නගරසභා සහ ප්‍රදේශීය සභා සභාපතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්‍රී පාද වන්දනා සමය දෙසැම්බර් 22 වැනිදා ඇරඹේ