(ඔගස්ටින් ප්‍රනාන්දු)
මේ දිනවල මහ මුහුද පිහිටි ප්‍රදේශයන්ට බලපා ඇති දැඩි සුළං හේතුකොට ගෙන හලාවත වැල්ල ධීවර ගම්මානයේ ධීවර පවුල් වලට ආපදා තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇති බව පුත්තලම දිසාපති කාර්යාලය කියයි.
හලාවත වැල්ල කල්ලුකුලිය කුරුසපාඩුව යන ප්‍රදේශවල නිවාස 80 කට අධික ප්‍රමාණයක් වෙරළාසන්නයේ ඉදි කර ධීවරයින් වාසය කරනු ලබන අතර එයින් නිවාස 52කට වෙරළ ඛාදනය නිසා දැඩිහානි සිදුව ඇත. එම නිවාසවල වාසය කරන ධීවර පවුල් එම නිවාස වලින් ඉවත් කර වැල්ල සාන්ත සෙබස්තියන් දෙව් දෙව්මැදුරේ තාවකාලිකව රැඳවීමට උපදෙස් දී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
වෙරළ ඛාදනය සහ විටින් විට ගොඩබිම කරා එන ප්රචණ්ඩ රළ මෙම ප්‍රදේශයේ ඇති සමුද්‍රාසන්න මාර්ගය හරහා ගොඩ බිමට පැමිණ අනෙක් පස ඇති කලපුවට ගලා යන බව දැක ගත හැකි විය. මේ නිසා මේ වනවිට එම සමුද්‍රාසන්න මාර්ගය ද දරුණු ලෙසින් වෙරළ ඛාදනයට හසුවීමෙන් තැනින් තැන හානියට පත්ව ගමනා ගමන කටයුතු නතර වී ඇති බවත් කියයි.
වෙරළේ රඳවා තිබු එක් දින යාත්‍රා මුහුදු රළ සමග පැමිණ එම මාර්ගයේ රැඳී ඇතිබවත් දැක ගත හැකිය.
බලධාරීන් අවශ්‍ය පියවර නොගැනීම නිසා තමන් හිස් පෝර උරවලට වැලි පුරවා හානි අවම කිරීමට පියවර ගනිමින් සිටි ධීවරයින් යුහුසුළුව කටයුතු කරමින් සිටිනු ද දැකගත හැකි විය.
ප්‍රදේශය පුරා සිදුව ඇති හානි දැක ගැනීම පිණිස පුත්තලම දිසා ලේකම් එන්.එච්.කේ. චිත්‍රානන්ද හලාවත ප්‍රාදේශීය ලේකම් ඩි.එමි.ඒ.කේ දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් ඊයේ (19) පස්වරුවේ ප්‍රදේශය පුරා සංචාරය කළහ.
හැකි ඉක්මනින් මෙම වෙරළ තීරයට ගල්වැටි යෙදිමට පියවර ගන්නා බව ඔවුහු ධීවරයන්ට පොරොන්දු වුහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වෙරළ ඛාදනයෙන් ධීවර නිවාසවලට දැඩි හානි
ravi Saturday, 20 July 2019 06:07 AM
"" ලෝකමහා කාලගුණ ව්පර්යාසයන් "" තාම පටන්ගත්තා විතරයි !!! ධීවර කර්මාන්තයත් ... මුහුදු වෙරලේ " මුඩුක්කු " සැදීමත් මේ සමගම අවසානයකට පත්වේවි !