(තුසිත කුමාර ද සිල්වා)
පළාත් අටක, දිස්ත්‍රික්ක14කට දින කිහිපයක් තිස්සේ බලපෑ අධික සුළං සහ වැසි තත්ත්වය හේතුවෙන් පවුල් 1214ට අයත් පුද්ගලයන් 4918 දෙනෙකු පීඩාවට පත්ව පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඇතිවූ ගස් කඩා වැටීම් , දැඩි සුළං ඇතුළු ස්වභාවික ආපදා හේතුවෙන් නිවාස 1141 කට හානි වී ඇති අතර, ඉන් නිවාස 17ක් මුළුමනින්ම විනාශ වී තිබේ. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ස්ථාන 71 ක් ද විනාශ වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මෙම වැසි සහිත අධික සුළං තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ බස්නාහිර පළාතට අයත් කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලටය. එහි පවුල් 550 කට අයත් පුද්ගලයන් 2581 දෙනෙකු පීඩාවට පත්ව ඇත.
දින කිහිපයක් මුළුල්ලේ දිවයින අවට මුහුදු ප්‍රදේශ වලට බලපෑ දැඩි සුළං සහ වැසි තත්ත්වය ක්‍රමයෙන් පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් උතුර ,උතුරුමැද සහ වයඹ පළාත් වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්ක වලට සවස් කාලයේ පැයට කිලෝමීටර 50ක් 60ක් දක්වා ක්ෂණිකව සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි.
ප්‍රදේශ කිහිපයකට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් මාර්ග කිහිපයක් යටවී ගමනාගමන අවහිරතා ඇති වී ඇති බවත් පහත් බිම් රැසක් ද ජලය යටවී තිබූ බවත් වාර්තා වේ.
මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ ද අද (11) වන විට පැවති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය පහව ගොස් ඇතැයි ද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ කළුතර ඒකකය සඳහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වැස්සෙන් පළාත් 8 ක පුද්ගලයන් 4918 දෙනෙකු පීඩාවට