(තිලකරත්න දිසානායක.)
දෙදිනක් පුරා ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9 ක පවුල් 1170 කට අයත් සාමාජිකයින් 4824 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි දිස්ත්‍රික් ආපදා මෙහෙයුම් කාර්යාලය සදහන් කළේය.
ගම්පහ , අත්තනගල්ල , වත්තල , දිවුලපිටිය , දොම්පෙ , මිනුවන්ගොඩ , බියගම, මීරිගම සහ කැලණිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවුල් මෙලෙස පීඩාවට පත්ව ඇති අතර නිවාස 23 කට අර්ධ හානි සිදුව තිබේ.
කැලණි ගගෙහි සහ අත්තනගලු ඔයෙහි ජල මට්ටම අද (21) වන විට ගම්පහ දිස්ත්‍රික්කයට ගංවතුරක් ඇතිවිය හැකි මට්ටමකට පත්ව තිබෙන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා පැවසීය.
පවතින අයහපත් තත්ත්වය මත කැලණි ගග අවට සහ පහත් බිම් ආශ්‍රිතව වෙසෙන ජනතාව ඉවත් කිරීම පිනිස දැනුවත් කිරීමට පියවර ගනිමින් සිටින බවද සහකාර අධ්‍යක්ෂ වරයා සදහන් කළේය.
මේ අතර අද දහවල් 12 වනවිට අත්තනගලු ඔයෙහි දුනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් 5 දශම 38 ක් දක්වා ඉහළ ගොස් තිබු බවත් ගම්පහ දිස්ත්‍රික්කයට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීම මෙම ජල මට්ටම මීටර් 5 දශම 5 පත්වීමේදී සිදුවිය හැකි බවත් ජල මට්ටම පැහැදිලි කරමින් ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු චින්තක සුරවීර මහතා කීය.
අත්තනගලු ඔය ආශ්‍රිත පහත්බිම් සහ මාර්ගද ඌරුවල් ඔය ආශ්‍රිතව ගම්පහ අවට මාර්ග කිහිපයක්ද ජලයෙන් යටව පැවතීම මත වාහන ගමනා ගමනයට බාධා සිදුව තිබිණි.
පීඩාවපත් ජනතාවට කඩිනම්න් පහසුකම් සැලසීම පිණිස අවශ්‍ය පියවර ගන්නා ලෙස ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා විසින් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ආපදා කළමනාකරණ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබිණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වැස්සෙන් ගම්පහ පවුල් 1170 ක් පීඩාවට