IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වාරියපොළ බන්ධනාගාරයට හෙරොයින් සැපයූ අයෙක් අත්අඩංගුවට

(පුෂ්පකුමාර ජයරත්න )

වාරියපොළ බන්ධනාගාරයේ අපජලය පිට කරන මාර් ගය උපයෝගී කරගෙන බන්ධනාගාරය තුළට ඉතා සූක්ෂ්ම ලෙස හෙරොයින් මත් ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් යැවීමට උත්සාහ කළ පුද්ගලයෙකු අද (15) අත්අඩංගුවට ගත් බව වැල්ලව පොලිසිය පැවසීය.

අත් අඩංගුවට ගත් පුද්ගලයා 25 හැවිරිදි‍ මැල්සිරිපුර පන්සියගම පදිංචිකරුවෙක් බව පොලිසිය කීය.

වැල්ලව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසූරිය මහතාට ලද තොරතුරකට අනුව අද පෙරවරුවේ ගනේවත්ත දුම්රිය ස්ථානය අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට හසු නොවී පැන යාමට උත්සාහ දරා ඇති සැකකරු මෙල්ල කිරීමට යාමේදී සැකකරු විසින් එල්ල කරන ලද පිහි පහරකින් පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා ඇත .

සැකකරු ළඟ තිබී හෙරොයින් මත් කුඩු මිලිග්‍රෑම් 2500 ක ප්‍රමාණයක් , ජංගම දුරකථන 5 ක් , දුම්කොළ 20 ක් , මත්පැන් බෝතලයක් සහ පිහියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු පැමිණි  යතුරුපැදියක්ද පොලීසිය බාරයට ගෙන තිබේ .

පොලිස් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී සැකකරු පවසා ඇත්තේ දිගු කලක සිට වාරියපොළ බන්ධනාගාරය තුළ සිටින සිරකරුවන්ට මෙවැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ හෙරොයින්  මත්ද්‍රව්‍ය සැපයීමෙහි නිරතව සිටින බවය . මේ සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය ලැබෙන බවද සැකකරු ප්‍රකාශ කර ඇත .

ජලයෙන් නොතෙමෙන ආකාරයට පොලිතීන් කවර වල බහා මෙම  ද්‍රව්‍ය බන්ධනාගාරයේ අපජල මාර්ගයට දමන බවද බන්ධනාගාරයේ එළිමහන් ප්‍රදේශය නිරීක්ෂණය සඳහා යොදවන නිලධාරීන් විසින් අපජල මාර්ගයට දමන එම ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට රැගෙන යාම සිදු කරන බවද සැකකරු සඳහන් කළ බව පොලීසිය කියයි.



අදහස් (0)

වාරියපොළ බන්ධනාගාරයට හෙරොයින් සැපයූ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site