(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)
අද (15) දහවල් ගල්නෑව ප්‍රදේශයට කඩා වැදුනු වල් අලියකු සිදුකළ පහරදීමකින් වගාබිමක සිටි ගොවියකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයකු තුවාල ලබා රෝහල ගත කර තිබේ.
මිය ගොස් ඇත්තේ ගල්නෑව පිටියේයාය ප්‍රදේශයේ පදිංචිව සිටි රාජප්ෂ මුදියන්සේලාගේ ටිකිරිබංඩාගේ රංබණ්ඩා නැමැති පුද්ගලයකු වන අතර ඔහු 68 වැනි වියෙහි පසුවූ දෙදරු පියෙකි.
වල් අලියාගේ පහර කෑමට ලක්ව තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ද ගල්නෑව පිටියේයාය ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 50ක් පමණ වන තවත් පුද්ගලයෙකි.
වල් අලි ප්‍රහාරයෙන් මිය ගිය බව කියන රංබන්ඩා මහතා අද15 දහවල් පිටියේ යාය ප්‍රදේශයේ පිහිටි සිය නිවස ආසන්නයේ වූ හේන් බිමේ වගා කටයුතුවල නිරතව සිටියදී මෙලෙස වල් අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය කියයි. අද 15 උදෑසන සිට එම ගම්මානයට වල් අලියෙකු කොටුවී සිටි බවත් එම අලියා රංබණ්ඩා මහතාට මෙලෙස පහර දී ඇති බවත් ගම්වාසීහු පවසති. අද 15 දහවල් මරණකරුගේ ඥාතීන් එම වගා බිමට ගිය අවස්ථාවේ වගාබිම අසළ රංබණ්ඩා මහතා වැටී සිටිනු දැක ඇත. පසුව ඔවුන් රංඩණ්ඩා මහතා කඩිනමින් ගල්නෑව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබිණ. ඒ මහතා රෝහලට ඇතුළත් කරනවිටත් මිය ගොස් සිට බව පවුලේ ඥාතීහු පවසති. මිය ගිය රංබණ්ඩා මහතාගේ සිරුර මේ වනවිට ගල්නෑව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. ගල්නෑව පොලිස් ස්ථානය මගින් සිද්දිය සම්බන්දයෙන් වැඩිදුර විමර්ශණ සිදු කෙරේ.
වල් අලි ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි පුද්ගලයා ගල්නෑව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර මහරෝහල වෙත මාරු කර යවා තිබේ. ඔහුගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
පිටියේ යාය ගම්මානයට කොටුව සිටි වල් අලියා තවමත් ගම්මානයේ රැදී සිටින බවත් එම අලියා පලවා හැරීම සදහා මේ වනවිටත් වනජීවි නිලධාරීහු මෙහෙයුම් ආරම්භ කර තිබේ. මිගලෑව හා ගල්කිරියාගම වනජීවි කාර්යාලවල අඩවි ආරක්ෂකවරු හා සිවිල් ආරක්ෂක නිලධාරීහු එම මෙහෙයුමට එක්ව සිටී. එම මෙහෙයුම සදහා ප්‍රමාණවත් වන සත්ව නියාමක නිලධාරීන් එක්ව නොමැති බවට ගම්වාසීහු පවසති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වල් අලි ප්‍රහාරයෙන් ගොවියකු ජීවිතක්ෂයට