එෆ්.අස්ලම්
වසර කිහිපයක සිට වරිපනම් සහ ආදායම් බදු ගෙවීම් පැහැර හැර බදුල්ල මහ නගර සභා සීමාවේ වෙළදසැල් 25 ක් දේපළ තහනමට ලක්කරමින් මුද්‍රා තබා ඇතැයි බදුල්ල මහ නගර සභාවේ ආදායම් අංශය සඳහන් කර සිටීයි.
නගර සභා ආඥා පනත යටතේ හිමි බලතල ප්‍රකාරව වරක්,වසර දෙකක්,වසර පහක් වැනි දීර්ඝ කාලයක් තුළ වාර්ශිකව ගෙවිය යුතු බදු මුදල් නොගෙවීම මත මොණරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂක ආර්.එම්.එන්.ආරියරත්න මහතා ප්රමුඛ නිලධාරීන් මෙම වෙළඳසැල් වලට මුද්‍රා තබා තිබිණි.
බදුල්ල මහ නගර සභාවට ආදායම් වශයෙන් අයවිය යුතු රුපියල් කෝටි අටකට අධික බදු මුදල් එක්රැස් කිරීම සඳහා බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි,නාගරික කොමසාරිස් අනුරාධා හේරත් මහත්මියගේ උපදෙස් මත ඌව පළාතේ පළාත් පාලන ආයතන කිහිපයකම ආදායම් පරීක්ෂකවරුන්ගේ මෙහෙයවීම මත විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබිණි.
පසුගිය 7 වැනි දා ආරම්භ කළ මෙම මෙහෙයුම ලබන 16 වැනි දා තෙක් ක්‍රියාත්මක කර ඇති අතර මේ වනවිට නගර සභාවට බදු ගෙවීම් පැහැර හරින ලද ස්ථානවලින් සහ පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් අයවී තිබේ.
ඉදිරි දින කිහිපය තුළද මේ මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන අතර බදු මුදල් ආදායම් ගෙවා නැති පිරිස් හට කඩිනමින් එම මුදල් ගෙවන ලෙසට මහ නගර සභාවේ ආදායම් අංශය දැනුම් දී සිටිති.
මෙම මෙහෙයුම සදහා මොණරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂක ආරියරත්න,බදුල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂක වන ඉන්දික යන මහත්වරුන් ප්රමුඛ බිබිල,පස්සර හාලිඇල ප්‍රාදේශීය සභාවන්හි ආදායම් පරීක්ෂකවරු පත්කර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වරිපනම් බදු නොගෙවු කඩ 25 කට මුද්‍රා තියයි