(ඉන්දිකා රාමනායක)
නීති විරෝධී ලෙස ජලය ලබාගෙන ජාතික ජල සම්පාදන හා ජල ජලාපවහන මණ්ඩලයට රුපියල් රුපියල් ලක්ෂයකට ආසන්න අලාභයක් සිදුකීරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාලිගාකන්ද අධිකරණය හමුවේ වරද පිළිගත් මට්ටක්කුලිය ෆර්ගියුසන් පාරේ 219 වත්තේ නිවැසියන් 6 දෙනෙකුට මාලිගාකන්ද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් කෝසල සේනාධීර මහතා අද (26) තරයේ අවවාද කරමින් රුපියල් 5000 බැගින් වු දඩ සහ අදාළ අලාභ මුදල ගෙවීමට නියෝග කළේය.
මෙලෙස දඩ මුදල් නියම වුයේ සිගාමනී සිවකුමාර්, මොහොමඩ් අස්වර්, ගුරුසාමී විජේකුමාර්, මොහොමඞ් ඉල්බාල් මොහොමඞ් වසීම්, මොහොමඞ් රාසික් ෆාතිමා, කන්දසාමි පර්නිසෙල්වම් නැමැති විත්තිකරුට හා විත්තිකාරියට බව අධිකරණයෙන් වාර්තා වේ.
219 වත්තේ නීත්‍යනුකූලව ජල සැපයුම ලබාගෙන ඇති නිවෙස් වලට අයත් ජල බට වලින් මොවුන් ඔවුන්ගේ නිවෙස් වලට වංචනික ලෙස ජලය ලබාගෙන තිබු බව ලැබුණ තොරතුරු මත ජාතික ජල සම්පාදන හා ජල ජලාපවහන මණ්ඩලයේ ප‍්‍රධාන ඉංජිනේරු කේ පේ‍්‍රමකුමාර මහතාගේ උපදෙස් මත මරදාන වැටලීම් එකක්යේ නිලධාරීන් හා ග‍්‍රෑන්ඩ්පාස් පොලිසිය එක්ව මෙම වැටලීම සිදුකර ඉහත පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම පිරිසට එරෙහිව අනවසරයෙන් වංචනික ලෙසට ජලය ලබා ගැනීම යන චෝදනා යටතේ මාලිගාකන්ද අධිකරණය හමුවේ නඩු පවරා තිබු අතර සියලු විත්තිකරුවන් එකී චෝදනාවට වරද පිළිගැනීමෙන් පසුව මහේස්ත‍්‍රාත්වරයා මෙම දඩ මුදල් නියම කර තිබිණි.
ජාතික ජල සම්පාදන හා ජල ජලාපවහන මණ්ඩලයේ මරදාන වැටලීම් එකකයේ නිලධාරීහු පැමිණිල්ල මෙහෙය වුහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වංචනිකව ජලය ගෙන මණ්ඩලයට පාඩු කළ 5 කට දඩ