(දෙනියාය විශේෂ එස් .ඩි.කොඩිකාර )
රුපියල් ලක්ෂ තුනකට අධික රන් භාණ්ඩ හා මුදල් සොරකම් කළ සැකකරුවෙකු ඔහුට අයත් යතුරු පැදියකින් පලා යන අවස්ථාවේ පොලීසියට ලද තොරතුරක් මත මොරවක දංගල ප්‍රදේශයේදී අද (05) අත්අඩංගුවට ගත්බව මොරවක පොලීසිය කියයි.
සැකකරු මොරවක දංගල ප්‍රදේශයේ පදිංචි (28) හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු වන අතර මොහු ඉකුත් සිංහල අවුරුද්ද දින (14) දංගල ප්‍රදේශයේ පාලු නිවසක වහලේ උළු ඉවත්කර නිවසට ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුත් රන් තැල්ලක්, වළලු හතරක්, රන් මුදුවක්, කරාබු ජෝඩු දෙකක්, කැටයක තිබූ මුදල් රුපියල් එකොළොස් දහසක් සොරාගෙන ගොස් තිබූ බවත් සැකකරු පොලිසියට පාපෝච්චාරණය කර ඇත. පසුව එම භාණ්ඩ හා මුදල් සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.
මීට අමතරව මොරවක ප්‍රදේශයේ නිවෙස් සහ වෙළඳසල් කීපයකට ඇතුළු වී ඒවායේ තිබූ මුදල් හා භාණ්ඩ සොරකම් කරගෙන ගොස් තිබූ බවට පොලිසියට පැමිණිලි ලැබී ඇති බවත් ඒවා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවත් මොරවක පොලීසිය සඳහන් කරයි.
සිය යතුරු පැදියෙන් රාත්‍රී කාලයේ විදුලි පහන් ක්‍රියාවිරහිත කරගෙන ගොස් තනියම මෙම සොරකම් සිදුකර ගෙන ගොස් ඇති බවට අදාළ සැකකරු විසින් පොලිසියට පාපෝච්චාරණය කර ඇත.
මෙසේ සොරාගන්නා ලද භාණ්ඩ විවිධ ස්ථානවලට අලෙවි කර ඉන් ලබාගන්නා මුදලින් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය මෙම සැකකරු විසින් පානය කළ බවට පොලිස් මූලික පරීක්ෂණවලින් හෙළිවිය.
මොහු සම්බන්ධයෙන් පොලීසියට මේ වනවිටත් පැමිණිලි ලැබෙමින් පවතින බවත්, මේ වනවිට සොරකම් රැසක තොරතුරු අනාවරණය කරගෙන යන බවත් මොරවක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්ධු මහතා පැවසීය.
පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්දු මහතාගේ උපදෙස් පරිදි මෙම සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලක්ෂ 3 ක රන්බඩු සොරා මොරවකදී අල්ලාගනී