(ඔගස්ටින් ප්‍රනාන්දු)
ආණමඩුව පල්ලම ආයුර්වේද රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ගෙනැවිත් තිබු ගොඩනැගිලි ද්‍රව්‍ය සොරාගත් පුද්ගලයන් දෙදෙනෙකු අද ( 27 ) ගිරිබාව වරාවැව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත හැකි වු බව පල්ලම පොලිසිය කියයි.
ආයුර්වේද රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය 22දා සිට 25 වන දින දක්වා කාලයේ දි එම කටයුතු නවතා තිබුණි. එම කාලයේ දි කිසියම් පිරිසක් රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනාකම ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය සොරා ගෙන ගොස් ඇති බවට කොන්ත්‍රාත්කරු පල්ලම පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි.
වාහනයක පටවා ගෙන යකඩ කම්බි, සිමෙන්ති ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් කිසිවකු විසින් සොරා ගෙන ගිය බවට ලද තොරතුරු අනුව, ගිරිබාව වරාවැව ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත. ඔවුන් විසින් සොරා ගෙන ගොස් විකුණා තිබු ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයෙන් රුපියල් ලක්ෂ එකහමාරක් වටිනා තොගයක් අද ( 27 )සොයා ගත හැකිවු බවත් කියයි.
මෙම කොල්ලයට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සැකකරුවන් ආණමඩුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලක්ෂ 5ක ගොඩනැගිලි උපකරණ සොරාගත් දෙදෙනෙකු දැලේ