(කේ. බුද්ධික කුමාරසිරි)
නුගේගොඩ පොලිස් අධිකාරී බල ප්‍රදේශයේ පොලිස් වසම් ගණනාවක නිවාසවල රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමෙන් යුත් ගෘහ උපකරණ සොරකම් කිරීමේ යෙදුණු පුද්ගලයකු අද(17) භාණ්ඩ තොගයක් ද සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය පවසයි.
අතුරුගිරිය, තලංගම, නවගමුව ආදී පොලිස් වසම් ගණනාවක මෙලෙස නිවාස බිඳුම් සම්බන්ධයෙන් පැමිණිලි 23 ක් ලැබී තිබූ බවත් ඒ අනුව නුගේගොඩ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත එම විමර්ශන කටයුතු අතුරුගිරිය පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායමකට භාර දුන් බවත් පොලිසිය පවසයි.
මෙවැනි ආකාරයේ සොරකම් සිදු කර තිබූ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අදාළ සොරකම් සම්බන්ධයෙන් අනාවරණය වූ බවත් එලෙස සොරකම් කල භාන්ඩ තොගයක් ද, සොරකම් කල භාණ්ඩ ප්‍රවාහනය කල ත්‍රි රෝද රථයක් ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
සොරා ගත් භාණ්ඩ අතර සිමෙන්ති කොට්ට, ටයිල් කැට, වර්ණ රූපවාහිනී යන්ත්‍ර, ලැප්ටොප් පරිගණක, තණකොළ කපන යන්ත්‍ර, පිත්තල පහන්, ගෑස් සිලින්ඩර්, තීන්ත බැරල්, විදුලි පංකා ආදිය ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් 37 හැවිරිදි සැකකරු හෙරොයින් මත්කුඩු පානයට පුරුදුව සිටින අයෙකු බව අනාවරණය වී ඇත.
සැකකරු දිනපතා තම ත්‍රි රෝද රථයෙන් ගොස් දහවල් කාලයේදි මෙම සොරකම් සිදු කර ඇති බවත් ඔහු ඔහු කඩුවෙල ප්‍රදේශයේ කුලී නිවසක වාසය කර ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලක්ෂ 10ක ගෘහ උපකරණ සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට