IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රජරට සරසවියේ නව උපකුලපතිවරයා වැඩ බාර ගනී

(දයාරත්න ඇඹෝගම)

රජරට විශ්වවිද්‍යාලයේ පවතින වත්මන් අර්බුදය විසඳීම සඳහා සාකච්ඡා කිරීමට මේ මස 11 වැනි දින පාලක සභාව කැඳවා ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ආචාර්ය ආනන්ද කරුණාරත්න මහතා අද (03) පැවසීය.

රජරට විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා පසුගිය 31 වැනි දින විශ්‍රාම යාමේ හේතුවෙන් පුරප්පාඩුව පැවති උපකුලපති තනතුර සඳහා ආචාර්ය ආනන්ද කරැණාරත්න මහතා පත්කොට තිබූ අතර අද (03) දින සිය ධුරයේ රාජකාරි භාර ගන්නා ලදි.

රජරට විශ්ව විද්‍යාලය වසා දැමීම සහ සිසුන් පරිපාලන ගොඩනැගිල්ලේ රැඳි සිටීම සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුට පිළිතුරු දුන් ආචාර්ය ආනන්ද කුලරත්න මහතා මෙසේද පැවසීය.

"විශ්වවිද්‍යාලයේ පංති තහනම් කොට ඇති සිසුන් සම්බන්ධයෙන් සාධාරණ තින්දුවක් ගැනීමට විශ්වවිද්‍යාලයේ පිඨාධිපතිවරු,ආචාර්ය මණ්ඩලය,විධායක නිලධාරීන් සමගත් අද (03) සාකච්ඡා කළා. සිසුන්ගේ පංති තහනම් කොට ඇත්තේ පාලක සභාව මගින් ගත් තීරණයක් පරිදියි. එසේම පංති තහනම ඉවත් කිරීමේ තීරණයත් ගත යුත්තේ පාලක සභාව මගින්මයි. පරිපාලන ගොඩනැගිල්ලෙන් සිසුන් ඉවත් වුනොත් විශ්වවිද්‍යාලය හෙට වුනත් විවෘත කළ හැකියි."

විශ්ව විද්‍යාලය වසා දැමීම නිසා නවක සිසුන් ඇතුළත් කර ගැනීමේ බාධාවක් පවතින බවද උපකුලපතිවරයා මෙහිදි පැවසීය.

මේ සම්බන්ධයෙන් රජරට විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රදිප් ප්‍රේමලාල් සිසුවා මෙසේ පැවසීය.

‘‘අද (03) දින අපි ආචාර්ය සංගමය,විධායක නිලධාරින් සමඟ සාකච්ඡාවක් පැවත්තුවා. ඔවුන් කියන්නේ මෙම ප්‍රශ්නය විසඳන්න තවත් කාලයක් දෙන්න කියලා. සිසුන්ගේ පංති තහනම් කරලා දැන් අවුරුද්දකට වැඩියි. අපි දැන් දිර්ඝ කාලයක් දඬුවම් විඳලා තියෙනවා. අපි ඉල්ලන්නේ අපට මේ සඳහා කඩිනම්, සාධාරණ විසඳුමක් ලබා දෙන්න කියලා. එතෙක් අපි පරිපාලන ගොඩනැගිලේ රැඳී සිටිනවා" යැයි ඔහු පැවසීය.

රජරට විශ්වවිද්‍යලය වසා දමා මේවන විට දින හතක් ගතවි ඇති අතර  200 කට ආසන්න සිසු පිරිසක් පරිපාලන ගොඩනැගිල්ලේ රැඳී සිටිති.



අදහස් (1)

රජරට සරසවියේ නව උපකුලපතිවරයා වැඩ බාර ගනී

Dayananda Thursday, 03 January 2019 04:31 PM

ආනන්ද කරුණාරත්න මහත්මය දීර්ඝ පළපුරුද්දක් ඇති මහමයෙක් බැවින් ඔහු ඉතා හොදින් නව උපකුලපතිවරයා ලෙස රජරට සරසවියේ වැඩ කටයුතු හොදින් කිරීමට කටයුතු කරාවී.

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site