(කාංචන කුමාර ආරියදාස)
මොරගහකන්ද ජලාශයේ ජල උල්පත් පිහිටි නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ඕපල්ගල රක්ෂිතය ව්‍යාපාරිකයෙකු අත්පත් කරගෙන ඇතැයි කියමින් පරිසර සංවිධාන කිහිපයක් සහ ඔපාල්ගල ගම්වැසියෝ පිරිසක් අද ( 25) නාවුල නගර මධ්‍යයේ උද්ඝෝෂණක් පැවැත්වූහ.
අනතුරුව නාඋල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කාර්යාලය ඉදිරිපිට ගොස් උද්ඝෝෂණයේ නිරත වූ ඔවුහු ඕපල්ගල රජයේ රක්ෂිතය අක්කර තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් පෞද්ගලික ව්‍යාපාරිකයකු විසින් අත්පත් කරගෙන මහා පරිමාණ පරිසර විනාශයක් සිදු කරන බව පැවසූහ.
නාඋල ප්‍රාදේශීය ලේකම්වරියගේ මැදිහත්වීම සහ විරෝධතා නිසා තාවකාලිකව ඉඩම් අත්පත් කර ගැනීම නවතා දමා තිබී නැවතත් රක්ෂිත ප්‍රදේශයට ඇතුළු වී මහා පරිසර විනාශයක් සිදුකරන බවට ඔවුහු චෝදනා කරන්නට වූහ.
ඕපල්ගල රක්ෂිතයේ විශාල කඳු ගිරි සිඛර සහ ජෛව විවිධත්වයක් ඇති නකල්ස් කඳු පන්තියට අයත් වනාන්තර බව ද ඔවුහු කීහ.
නාඋල ප්‍රාදේශිය ලේකම් ආත්මා ඩී. ජයසේකර මහත්මියගෙන් විමසීමේ දී කියා සිටියේ තමන් මෙම ප්‍රදේශය පිළිබඳව සොයා බැලීමක් සිදු කළ බවය. මහා පරිමාණයෙන් පරිසර විනාශයක් සිදුවෙමින් පවතින බවත් අධි පරිසර සංවේදී කලාපය කණ්ඩායමක් විසින් අත්පත් කර ගෙන තිබෙන බවද ඇය පැවසුවාය.
රාජකාරී මට්ටමෙන් කළ හැකි උපරිමය කර තිබෙන බවත් එහෙත් විවිධ බලපෑම් මත එම කණ්ඩායම් මෙම පරිසර පද්ධතියට ඇතුළු වී ඇතැයි ද ඇය වැඩිදුරටත් පැවසුවාය.
ලංකා බැංකුවට සිය ඉඩම සින්න වූ බව ව්‍යාපාරිකයා පැවසූවද, බැංකුවෙන් මේ වනතුරුත් තමන්ට ඉඩම්වල මායිම් පෙන්වීම සිදු නොකර ඇතැයිද ලේකම්වරිය පැවසූවාය.
ඡායාරූප - ඉන්දික අරුණ කුමාර
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රක්ෂිතයක් බලෙන් අත්පත් කරගත් බව කියමින් නාවුල වැසියෝ උද්ඝෝෂණයක
Vajira Tuesday, 25 February 2020 08:48 AM
ඔක්සිජන් වල අගය දන්නේ නැති අමන දේශපාලකයින්ගේ බලපෑමට යටත් නොවී රාජකාරි කිරීමට ප්‍රාදේශීය ලේකම් තුමියට ශක්තිය ලැබේවා !මිගමුව පරිසර නිලධාරී දෙවානි මහත්මියගෙන් ආදර්ශයක් ගන්න මැතිනියනි.