ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් 160 දෙනෙකුට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට විශේෂ බුද්ධගයා වන්දනා චාරිකාවක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් දෙවන වරටත් සංවිධානය කර තිබේ.
ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර පැවති සාකච්ඡාවලින් පසු, දෙරටෙහි සන්නද්ධ හමුදා සාමාජිකයන් අතර අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින්, මෙම බුද්ධගයා චාරිකාව පසුගිය වසරේ දී ආරම්භ කෙරිණි.
මෙම චාරිකාව දින හතරක් පුරා පැවැත්වේ. ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් පූජනීය මහාබෝධි විහාරය, අඩි 80ක් දිග බුද්ධ ප්‍රතිමාව වැඳ පුදා ගනු ඇති අතර රාජ්ගිර් හා නාලන්දා කෞතුකාගාරය නැරඹීමටද එක්වනු ඇත.
මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාපතිගේ විශේෂ ඉල්ලීමකට අනුව ඉන්දියානු හමුදා කණ්ඩායමක් ද ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇති අතර ඔවුන් දිවයිනේ වැදගත් ස්ථානවල සංචාරය කිරිමට නියමිතය. ඔවුන් මහනුවර දළදා මාළිගාව වැඳපුදා ගැනීම හා ගාල්ලේ සංචාරය කරනු ඇත.
මෙතරම් විශාල ඉන්දීය හමුදා සාමාජිකයින් පිරිසක් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ. ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදා සාමාජිකයන්ගේ සංචාර වෙනුවෙන් ඉන්දීය ගුවන් හමුදාවේ සී-17 ග්ලෝබ්මාස්ටර් ගුවන් යානා ලබා දී තිබේ.
සංස්කෘතික හා ඓතිහාසික ස්ථාන වෙත සිදුකෙරෙන සංචාරවලට අමතරව හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අතර හමුවක් ද ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා සහ ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය හමුදා සාමාජිකයින් පිළිගැනීමට හා ඉන්දියාව බලා පිටත්වෙන ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින්ට සමුදීමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යුද හමුදාවේ 160 කට බුද්ධගයා වන්දනා චාරිකාවක්