( සිතුම් චතුරංග )
යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පංති තහනම් කර සිටින සිව්වන හා තෙවන වසර සිසුන්ගේ තහනම ඉවත්කරන ලෙස ඉල්ලා අද (17) එම විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු හා දෙවන වසරෙහි සිසූහූ පංති වර්ජනයක නිරතවුහ.
යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ තුන්වන සහ සිව්වන වසර සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එම සිසුන්ට පංති තහනම් කර කලා අංශය දින නියමයක් නොමැතිව වසා දැමීමට යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබිණි.
විශ්ව විද්‍යාලයේ උප කුලපති රත්නම් විග්නේෂ්වරන් මහතා සමඟ සාකච්ඡා පැවැත්වු කාලා පීඨයේ පාලන අධිකාරිය එම පීඨයේ තුන්වන සහ සිව්වන වසර කලා අංශය තාවකාලිකව වසාදැමීමට තීරණය කළේය.
යාපනය විශ්ව විද්‍යාලයේ කලා ශිෂ්‍ය සංගමයේ සභාපති වසන්තරාජා අනුජන් පවසා සිටියේ එම පංති තහනම ඉවත්කර එම අංශ යළි විවෘත කරන තුරු පළමු හා දෙවන වසර සිසුන් පංතිවර්ජනයේ නිරතවන බවයි.
කලා පීඨයේ සිසුන් පිරිසක් නවක වදය සිද්ධියක් මූලික කරගනිමින් බීමත්ව පැමිණ කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන් පසුගිය 11 වැනිදා සවස එම පීඨයේ තුන්වන සහ සිව්වන වසරෙහි සිසුන් අතර නොසන්සුන්කාරීතත්වයක් ඇති විය. පසුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වූ අතර පහරදීම් හේතුවෙන් සිසුන් සිව්දෙනකු තුවාල ලබා යාපනය රෝහල වෙත ඇතුලත් කරනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් කලා පීඨයේ පීඨාධිපති ආචාර්ය කේ. සුදාකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කෙරුණු අතර එම පරීක්ෂණ හේතුවෙන් සිව්වන හා තෙවන වසර යළි ආරම්භ කිරීමට පමාවී ඇතැයි යාපන විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කියයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යාපන කලා පීඨයේ පන්ති වර්ජනයක්