(දයාරත්න ඇඹෝගම)
යාං ඔය පිටාරා ගැලීමෙන් කහටගස්දිගිලිය නිසා අද(05) ගම්මාන 20 ක පවුල් 4352ක් පීඩාවට පත්වී ඇතැයි කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා සඳහන් කළේය.
අධික ජල ගැල්මෙන් කුඹුරැ අක්කර 1500 කට අධික ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති අතර,කෝන්වැව, දෙමටවැව මාර්ග ජලයෙන් යටවී ඇත.
මෙම ගම්මානවල ජනතාවට යාමට ඒමට නොහැකි තත්වයක් උද්ගතව තිබූ බැවින් ගම්වාසීන්ගේ ගමනාගමනය සඳහා නාවික හමුදාව බෝට්ටු සහ ට්‍රැක්ටර් යොදවා තිබේ.
ප්‍රදේශයේ වැව් තුනකට හා නිවාස දෙකකටද හානි සිදුව ඇත.
ගමනාගමනයට අපහසුව ඇති නිසා මෙම ගම්මානවල පිහිටා ඇති අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර හෙට(06) බෝට්ටු මගින් යැවීමට කටයුතු කරන බවද ප්‍රාදේශිය ලේකම් සුදර්ශන සිල්වා මහතා පැවසීය.
කහටගස්දිගිලිය ප්‍රදේශයේ පවතින ගංවතුර තත්වය නිරීක්ෂණය කිරීම සහා අද(05) උතුරු මැද පළාතේ නව ආණ්ඩුකාර ධුරයේ වැඩ භාරගත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා එම ප්‍රදේශයේ චාරිකාවක නිරතවිය.
විපතට පත්වුවන් සඳහා අවශ්‍ය කඩිනම් සහන ලබාදීමට ක්‍රියාකරන ලෙස ආණ්ඩුකාරවරයා කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යාං ඔය පිටාර ගැලීමෙන් කහටගස්දිගිලියේ 4352ක් පීඩාවට